මව්බිම නැත්නම් මරණය

 1985-86 කාලයේදි ජවිපෙට සන්නද්ධ අංශයක අවස්ථාව දරුණුවටම තිබුනා. රජයේ මර්ධනයත් අනෙකුත් paramilitary කණ්ඩායමහි බලවත්කමත් නිසාත් සමන් පියසිරි ෆර්නැන්ඩෝ නොහොත් කීර්ති විජයබාහුගේ මූලිකත්වයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (Patrotic peoples movement ) 1986 බිහිවෙනවා.

දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ ලාංඡනය 

ලෙනින්ට රුසියානු රතු හමුදාව 1917 උදව් කරා වගේ , මාඕසේතුන්ට චීන රතු හමුදාව 1948 උදව් කරා වගේ ,හෝචූමිං ට වියට්කොන් ගරිල්ලන් උදව් කරාවගේ , කියූබාවේ ෆිදෙල් කැස්ත්‍රොට කියුබානු ගරිල්ලන් උදව් කරාවගේ. ජවිපේ දෙවන කැරැල්ලේ සන්නද්ධ අංශයේ වගකීම් ඉෂ්ට කරේ DJV නොහොත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය.

DJV එක ජවිපේ මධ්‍යමකාරක සභාවේ නියෝග කොයි තරම් බරපතළව සැලකුවාද කියනව නම් අසූවේ අග ජනකාන්ත විජය කුමාරතුංග ඝාතනයට පවා සන්නද්ධ අංශය පැකිළෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රහාරයකට කලින් පක්ෂය පවා වැඩිදුර හිතන්න ඕන . ඒකට හේතුව විජය කුමාරතුංග කියන පෞරුෂය පක්ෂයකට , ජාතිකයට ලඝූ කරන්න බැරි තරමේ ඉලක්කයක් නිසා. ඒත් ප්‍රතිඝාමියෙක් කියන චෝදනාව යටතේ ඔවුන් විජය කුමාරතුංගට 1989 පෙබරවාරි 16 වෙඩි තබනවා.

විජය කුමාරතුංගට සහ ස්ටැන්ලි විජේසුන්දර දෙදෙනාටම වෙඩි තැබූ ලයනල් රණසිංහ.


දෙවැනි කැපී පෙනෙනම ඉලක්කය කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර .ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඔක්ස්ෆර්ඩ් හි ආචාර්ය උපාධිය ලැබු මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර විවාහ වී සිටියේ උපාලි විජේවර්ධනගේ ඥාති සහෝදරියක් සමඟ. එතරම් සම්බන්ධතා තිබුනත් 1989 මාර්තු මස 8 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ College house පුස්තකාලයේදි DJV විසින් ඔහූව වෙඩි තබා ඝාතනය කළා. මේ ප්‍රහාර දෙකෙහිම DJV ඝාතකයා ලයනල් රණසිංහ බව පවසනවා.

මේ ප්‍රහාරවලින් දිගින් දිගටම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ජයවර්ධන ආණ්ඩුවට මතක් කරමින් සිටියේ Anyone can be an off-limits. ඕනෑම කෙනෙක්ව ප්‍රහාරයට ලක්විය හැකි යන්න.

 ඔවුන් ලයනල් ජයතිලක සහ මෙරිල් කාරියවසම්ව පිළිවෙලින් 88 සැප්තැම්බරයේ සහ 89  දි ඝාතනය කළේය. ඔවුන් මොරටූ විශ්වවිද්‍යාලයම සලිත කරමින් 1989 දී මොරටූ උපකුලපති චන්ද්‍රරත්න පටූවතවිතානේ විශ්වවිද්‍යාලය තුළදිම වෙඩි තබා ඝාතනය කළා. සාගරිකා ගෝමස් , තේවිස් ගුරුගේ සහ ප්‍රේමකීර්තිද අල්විස් මේ කාලස තුළ ඝාතනය වුනා.

DJV හොඳින් සංවිධානය වූ , එක තනි නියෝගයක් මත පිහිටවලා වැඩකළ හැකි , අධිෂ්ටානශීලී ,තරුණ  ,  සමාජවාදි ප්‍රතිපත්ති මුළුහදපත්ලෙන්ම විශ්වාසකරන පිරිසකගෙන් සැකසි තිබුනා.නමුත් 1989 නොවැම්බරයේදි රෝහණ විජේවීරව මරා දැමිම සමඟ DJV සංවිධානයේ ලෙහිම ආරම්භ වුනු බව කියවෙනවා. උපතිස්ස ගමනායක (ජවිපේ නියෝජ්‍ය නායකයා) ඝාතනය වීමත් සමඟම 1989 දෙසැම්බරයේදි සමන් පියසිරි ෆර්නැන්ඩෝ නොහොත් කීර්ති විජයබාහු ඝාතනය වුනා. ඒ සමඟම ජවිපේ සන්නද්ධ අංශය ගලින් ගල බිඳවැටී 1991 වනවිට ආකර්මන්‍ය සංවිධානයක් බවට පත්වී 2000 පමණ වූ පූර්ණකාලීන කාර්ඩර්වරුන් බහුතරයක් පක්ෂයට අහිමි වුනා.

සන්නද්ධ අංශයේ සිටි බොහෝ දෙනා උගත් , බුද්ධිමත් ,හැකියාපූර්ණ , ආර්ථික අපහසුතාවයෙන් මිරිකුනු ගැමි තරුණ තරුණියන් වූ අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා රැකියාවක් කිරිම වෙනුවට ඊටත් වඩා පරම චේතනාවක් වෙනුවෙන් ඔවුන් සිය අනාගතයම කැපකළේය. ඔවුන් බොහෝ දෙනෙකු ඝාතන කිරිමට රිසිඅය නොවුනද , පක්ෂය වෙනුවෙන් සන්නද්ධ අංශයට බැඳුනු පසු ඔවුන්ට  නැවත හැරිමක් නොවිනි. 


Comments

  1. “මව්බිම නැත්නම් මරණය” වගේ සටන් පාඨ කියලා, පාසල් අධ්‍යාපනයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් අතහැරලා ආයුධ අතට ගත්ත තරුණයන් විශාල පිරිසක් අකාලයේ ජීවිත අහිමි කරගත්තා.

    ඒ තරුණයන්ව එවැනි මාර්ගයකට ගෙන ගියේ, ඒ වෙනුවෙන් නායකත්වය දුන්නේ සහ උපදෙස් දුන්නේ මුග්ධ ජවිපෙ නායකයන්. නමුත් අද බලනකොට, එදා අනිත් අයව කැප කිරීමට යොමු කළ සමහර නායකයන්ගෙ දරුවන් ජීවිත හදාගෙන, පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන, හොඳ වෘත්තීය ජීවිත ගත කරනවා.

    ප්‍රශ්නය තියෙන්නේ එදා තරුණයන්ට කියපු දේවල් සහ අද ඔවුන්ගේම ජීවිත අතර තියෙන පරස්පරතාවය ගැනයි. සාමාන්‍ය තරුණයෝ තමන්ගේ ජීවිත, අධ්‍යාපනය, අනාගතය අහිමි කරගත්තත්, ඒ තීරණ ගත්ත නායකයන්ට එවැනි ඉරණමක් අත්වුණේ නැහැ.

    දේශපාලනයේදී ලොකු වචන කියන එක ලේසියි. හැබැයි ඒ වචනවල ප්‍රතිඵල ගෙවන්නේ කවුද කියන එකත් මතක තියාගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ජවිපේ මධ්‍යමකාරක සභාවේ හිටපූ 13 දෙනාගෙන් 12 ඝාතනය වුනා. ඉතිරි උනේ සෝමවංශ විතරයි.සන්නද්ධ අංශයේ 32 න් ඉතිරි උනේ 2.කැරලි දෙකෙන්ම ලේ ගඟක් ගැලුවා. පොලිටික්ස් කියන්නේ පොලිටික්ස්. එතන හැඟිම් නැහැ.විශේෂයෙන් විප්ලවයෙදි සහ මර්ධනයේදි කියන දෙකේම.තිත්ත වෙන්න ඇති ඒත් ඒක තමා ඇත්ත.මෙතන අනෙක් ලියලා තියන දේවල් නම් වැල් බයිලා.සොරි !!!!

      Delete
  2. ලෙනින්ට රුසියානු රතු හමුදාව 1917 උදව් කරා වගේ , ,හෝචූමිං ට වියට්කොන් ගරිල්ලන් උදව් කරාවගේ , කියූබාවේ ෆිදෙල් කැස්ත්‍රොට කියුබානු ගරිල්ලන් උදව් කරාවගේ. -- මෙතන හරි මේක විතරයි -// මාඕසේතුන්ට චීන රතු හමුදාව 1948 උදව් කරා වගේ කියන එක //. අනිත් තුනම වැරදියි . රුසියානු රතු හමුදාව පිහිටෙව්වේ 1917 සෝවියට් බලය ගත්තට පස්සේ . ට්‍රොට්ස්කි විසින් . හෝචිමින් සහ කස්ත්‍රෝ දෙන්න තමා ගරිල්ලා කණ්ඩායම් හැදුවේ . සොරි

    ReplyDelete
    Replies
    1. රතු හමුදාවේ කතාව හරි. අනෙක් දෙකම හැදුවේ කැස්ත්‍රෝ සහ හෝචූමිං තමා.ඉතින් ඒ දෙක.වරදින්නේ කොහොමද ? හැදුවනම් උදව් කරන්න බැරිද ??

      Delete
    2. මම තර්ක කලේ ඔයාගේ තර්කය දිහා බලල . ඔයා ඕව ලිව්වේ මට පේන විධිහට 88-89 වුනේ ගරිල්ලා සටනක් කියන්න . DJV එක nationalism හෙවත් ජාතිකත්වය ගත්තේ වැරදියටද මන්ද . ඒ ගරිල්ලා සටන් ව්‍යාපාරයත් ජනතා සහභාගිත්වය නැති එකක් . ඔයා ඉහත සසන්ධාන කරන හැම එකටම ජනතා සහයෝගය තිබුන . වියට්කොං ගරිල්ලන්ට පවා දකුණු වියට්නාමයේ . කස්ත්‍රෝ ගේ ඉතා කුඩා කණ්ඩායමට බලය අල්ලන්න් හැකි වුනෙත් ඒ නිසා

      Delete
  3. //DJV හොඳින් සංවිධානය වූ , එක තනි නියෝගයක් මත පිහිටවලා වැඩකළ හැකි , අධිෂ්ටානශීලී ,තරුණ , සමාජවාදි ප්‍රතිපත්ති මුළුහදපත්ලෙන්ම විශ්වාසකරන පිරිසකගෙන් සැකසි තිබුනා.// මේකත් වැරදියි . ඒ අය ට සමාජවාදී ප්‍රතිපත්ති වලට වඩා ඉන්දියානු විරෝධය , කොටි විරෝධය ආදී දේ තමා වැඩියෙන් තිබ්බේ . වඩා ජාතිවාදී සටනක් . කාලිංග මාඝ හෙවත් ප්‍රභාකරන් ට විරුද්ධවත් සටන් කළා. කිර්ති විජයබාහු කියල නමක් ගත්තේ ඒකයි . (කිර්ති කුමාරය - පළමුවැන විජයබාහු ) නොයෙක් ආකාරයේ ජාතිවාදීන් පවා ජවිපෙට එකතු වුනා . එක නියෝගයකින් නෙමේ කිර්යත්මක වුනේ . එහෙම පණිවිඩ යවන්න අමාරු වුනා සමහර ප්‍රාදේශීය නායකයන් පවා තීරණ ගත්ත . ගම්වල අඳුනන අය මරන්න බැහැ කිවම අහල පහල ගමකින් එව්වා .

    ReplyDelete
    Replies
    1. DJV එකේ විශ්වවිද්‍යාල වල හිටපු පිරිස ගැන මම කීවේ. අනෙක කීර්ති විජයබාහු නම ගත්තේ ඒ හේතුව නිසා කියලා ඇහුවේ අදමයි. කියවිලි විශ්වාසකරන්න අමාරුයි. වචන අල්ලගන්නේ නැතුව හරි තර්කයක් ගොඩනගන්න. නැත්නම් කම්මැලී මේවට උත්තර ලියන්න.

      Delete
    2. එහෙනම් ලියන්නේ මොකටද අවුස්සන්න ? 😀 පළමුවන විජයබාහු ගැන ලියල තියෙන්නේ කොහෙද දන්නවද ? කියවල තියනවද ' දෙමල ඊලාම් අරගලයට විසඳුම කුමක්ද ? ' කියන රෝහණ විජේවීර ලියපු පොත. අන්න ඒකෙ පිටු 148 ඉඳන් කියවන්න . . මං ළඟ පොත තියනවා . අපේ අත්පොත් . පන්තියකටත් ඒක ගැන කියනව ඉතිහාසය ගැන කියන කොට . ඔයා හුඟක් වයස අඩු මම හිතන්නේ . ඒ කාලේ ගැන වැඩිය දන්නේ නැතිව ඇති. මම 1983-84 කාලේ ලයියා හරි කියල හිතුවට පස්සේ ඒ අදහස වෙනස් කළා . මම හිතනවා පස්සේදී විජේවීර ගේ අදහස හරි කියල . හැබැයි මට ඒක තේරුනේ එංගලන්තේ ඇවිත් දෙමල අය එක්ක කතා කරන කොට . අනන් එතකොට විජේවීර ගේ තර්කය හරි කියල හිතුනේ .

      Delete
  4. මම 83 ජවිපෙට එකතු වෙලා 1984 අයින් වුනා . ලයනල් බෝපගේ සහෝදරයා අයින් වෙනකොට , . මොකද විජේවීර සහෝදරයාගේ මතයට විරුද්ධව හිටියේ. දෙමල ස්වයං නිර්ණය අයිතිය පිළිබඳව . ප්‍රභාකරන් එතකොට බලවත් නැහැ . සමාජවාදී දෙමල සංවිධාන තිබුනා . DJV එකෙන් ඒ කළ ඝාතන සම්පුර්ණයෙන්ම වැරදියි . ඒවා සාධාරණිකරණය කරන්න බැහැ . හැබැයි ජවිපෙ එතනට පත් කිරීම ගැන එදා ආණ්ඩුවට කර හරින්න බැහැ . අසාධාරණ ලෙස පක්ෂය තහනම් කිරීම . ලාම්පු චන්ද පවත්වා චන්දය කොල්ල කෑම. තග් සංස්ථාවක් හැදීම ගෝනවල සුනිල් ගේ ගේ සිට . අධිකරණයට ඇඟිලි ගැසීම (පටන් ගත්තේ ඒ කාලේ ) ඔහොම ගොඩක් වැරදි ආණ්ඩුවත් කළා . නික මයියා කියන දේත් තේරුමක් නැහැ //දා අනිත් අයව කැප කිරීමට යොමු කළ සමහර නායකයන්ගෙ දරුවන් ජීවිත හදාගෙන,// ඒ නායකයෝ ඔක්කොම වගේ මියගියා . අනිත් අය පැනල ගිහින් බොහොම අමාරුවෙන් තමා මුල් ජිවිත හදා ගත්තේ . ළමයි ඉතින් උස්ත්සහ කරලා දියුණු වෙනවා හැරෙන්න වෙන මොකක් කරන්නද ?

    ReplyDelete
    Replies
    1. මර්ධනයට බයවෙලා අවුරුද්දක්වත් පක්ෂයක නොහිටිය , ඒ පලා යෑමටත් ස්වයං තීර්ණ අයිතියේ ගැටුම තමා හේතුව කියන ඔයාගේ අදහස් විශ්වාසකරන්න්ද කියන්නේ ?

      Delete
    2. වැරදි කතාවක් . ඒ දවස් වල පක්ෂය තහනම් කරලා අපි නන්දන විරරත්නලා හෙම තැන තැන වල දේශන ඇහුව . සුචරිත් ගම්ලත් ල හෙම කීව ස්වයං නිර්නන කතා වලට . උමා මහේෂ්වරන් ගේ ප්ලොට් සහ ටෙලෝ එකේ නායකයන් ලිපිකරු සංගමේ රැස්වීමකට පවා ආව . තත්වය වෙනස් . මම ලංකාවෙන් ගියේ සෝවියට් දේශයට යන්න ශිෂ්‍යත්වයක් ලැබුන නිසා 1984 අග . එතකොට ඔය DJV ඒවා මුකුත් තිබ්බේ නහ . මට අඳුරන අය හිටිය . 1987 ජුලි පිටකොටුවේත් මම හිටිය සෝවියට් දේශයේ ඉඳන් ඇවිල්ල . අර කලබල දවස් වල . බස් ගිනි තියන් වෙලාවේ . හුඟක් උත්සහ කලේ වයලන්ස් එක නවත්වන්න . මට ඔය දැන් ඔයා කියන ගොන් කතාව වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ ලීඩර් කෙනෙකුත් බැන්න සුළු ධනේශ්වර කියල . පස්සේ එයා නතර වුනේ කොහෙද දන්නවද ? මහින්ද රාජපක්ෂ ගාව , ආණ්ඩුවේ ප්ලම් තනතුරක් එක්ක .

      Delete

Post a Comment

Popular posts from this blog

I went back to Ibiza

මුරලිව බයිට් වීම.

සතුට