නැවත එන්න !!!!
Deng xiao ping තමන්ගේ සුප්‍රසිද්ධ දකුණුදිග සංචාරය නොහොත් Southern tour හිදි විශේෂිත කතාවක් පවත්වනවා . එහිදි ඔහු කියන වැදගත් දෙයක් තමා
Go abroad , learn from the others and return
විදේශයන් කරා යන්න , ඔවුන්ගෙන් ඉගෙන ගන්න , නැවත පැමිණෙන්න.
Deng මේ නැවත පැමිණීම යනුවෙන් අදහස් කරන්නේ ,නැවත චීනයට පැමිණ චීනයේ සංවර්ධන වෙනුවෙන් , චීන ජනතාව වෙනුවෙන් ඒ අධ්‍යාපනය , අත්දැකීම යොදවන්න කියා.
හැබැයි අවාසනාවකට ලංකාව , ඉන්දීයාව ඇතුළු දකුණු ආසියාතික රටවල් බොහෝමයක රාජ්‍ය නායකයින් , ගුරුවරුන් , විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ජනාධිපතිවරුන් තබා දෙමාපියෙක් වත් නැවත ලංකාවට එන්න , ඇවිත් රටට උදව්වක් කරන්න කියලා කියනවා ඇහෙන්නේ නෑ.
මගේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපූ මිත්‍රයෝ බොහෝ පිරිසක් දැන් ඉන්නේ විදේශ රටවල් වල තමන්ගේ ශාස්ත්‍රපති උපාධිය හෝ ආචාර්ය උපාධිය කරන ගමන්.ඒ හැමෝම තමන්ගේ විෂය ක්ෂේත්රවල දක්ෂ තරුණ තරුණියෝ . ඒත් ඒ අයගෙන් අඩූම 1% වත් ආපහූ ලංකාවට එයිද කියන්න මම දන්නේ නෑ.
හේතුව අපේ වගේ රටවල්වල උගත් , බුද්ධිමත් , කුසලතාපූර්ණ පිරිසට රටෙන් පලයන් කියන තැනට වැඩ සිද්ධ කරාට , නැවත එන්න කියන යාන්ත්‍රණයක් නැහැ. සිංගප්පූරුව , චීනය සහ ජපානය පවා ඒ ඉල්ලීම නැවත කරනවා.
ඉතින් කොහොමද අපි ඉස්සරහට යන්නේ ??

මේකේ පැති කිහිපයක් තියෙනවා.ජනතාවගේ බදු මුදලින් නඩත්තුවෙන නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙන ගෙන සමාජයට බිහිවෙන වෘත්තිකයන් කාර්මිකයන් සහ අනිකුත් වෘත්තීයවේදීන්,මේ රටේම රැඳෙමින් රටට අවශ්‍ය කරන සේවය සපයනවාද කියන ප්රශ්නය බැලුවාම එකක් තමයි ඒ සඳහා අවස්ථාවක් ේ ශ්රමිකයන්ටලැබීම.
ReplyDeleteඋදාහරණයක් විදිහට මෙමවෘත්තිය වේදින් හා ශ්‍රමිකයන්ට ඉගෙනීමට හා පුහුණුවීමට සමාන සරිලන ජීවන තත්ත්වයක් සමාජය තුළ තියෙනවාද කියන තත් ප්‍රශ්ණය.
මේක විසඳන්න තියෙන එක ක්‍රමයක් තමයි ිදහස් අධ්‍යාපනය සහ නොමිලේ අධ්‍යාපනය ලැබූ සියලුම පුරවැසියන් රටේ යම් කිසි කාලසීමාවක් රටට සේවය කළ යුතුයි කියලා නීතියක් ගෙන ඒම
නමුත් මේ වගේ නීතියකින් ලංකාවේ ආර්ථික මට්ටම අනුව හොඳක් වේ යැයි සිතන්න අමාරුයි.
ඒ වෙනුවට කරන්න ඕනේ වෘත්තීය වේදින් සහ ශමිකයන් රට ඇතුළෙම රඳවා ගැනීමට හැකිවන පරිදි ආර්ථිකය තත්වය දියුණු කිරීම
නීතීවලින් ප්රශ්නය විසඳන්න බැහැ. ඒත් විදේශගත වෙන සිසුන්ගෙන් හැමෝම නැතත් එක අංශයක් හරි මුලින්ම ගෙන්න ගන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕන. උදාහරණයකට රසායනි විද්‍යා උපාධිදාරීන් (ආචාර්ය උපාධිය එක්ක ) 100 මුල් කාර්තුවේ මෙන්න මේ ව්‍යාපෘතියේ මේ වැඩේය මේ පැකේජ් එකට ගන්නවා. අන්න එහෙම මට්ටමකින් මේක විස්ද්ඳන්න ඕන.
Deleteචීනයේ ආපහු නොගියොත් මොකද වෙන්නේ කියලා දන්නව ද?
ReplyDeleteනෑ එහෙම මොකුත් වෙන්නේ නෑ. එහෙම නොගිය අය මාත් එක්ක වැඩකරනවා මෙහේ.
Deleteඔතන නෙමේ ප්‍රශ්නේ ආවට පස්සේ ලංකාවේ ඉන්න කුහකයෝ ටික කරන කැපිලි වලට මුහුණ දෙන්න බැරි කම . යහළුවෝ කිහිප දෙනෙක්ම ලංකාවට ඇවිත් ආපහු ගියා දරා ගන්න බැරිව . විශ්ෂයෙන් විශ්ව විද්‍යාල වල අමුතුම ඉරිසියාකාර රැලක් ඉන්නේ . ඉස්සෙල්ල ඒවා හදන්න ඕනේ. හොයලා බලන්න නම් ටිකකුත් දෙන්නම් අහන්න ඕනේ නම්
ReplyDeleteඑකඟයි ඒ කාරණයට.
Delete