පේරාදෙණියේ ස්වර්ණමය යූගය.
වසරකට ඉහතදී දිවිගමනට සමුදුන් මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ බිරිඳ වන මහාචාර්ය රංජිනි ඔබේසේකර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තමන් දුටූ සිහින් උසැති තරුණයා , ආදරණීය කවි පබඳින ප්‍රේමවන්තයා , දැනුමැති ස්වාමිපුරුෂයා ගැන මතක අවදි කරන මේ සාකච්ඡාව හරිම රසවත්.
![]() |
| ඔබේසේකර පවූල හැත්තෑව දශකයේ දිනක පේරාදෙණියේදි. |
![]() |
| මහාචාර්ය ඔබේසේකර සහ බිරිඳ මුල් යූගයේදි. |
ඇගේ පිළිතුරු වලින් මගේ සිත්ගත් කරුණ තමා ඔවුන් දෙපළ විශ්වවිද්‍යාලයට ගිය පනහ දශකයේ කලාව සාහිත්‍යය වෙනුවෙන් විශ්වවිද්‍යාල තුළ තිබුනූ පිළිගැනිම. ඈ සාකච්ඡාවේදි නොපැකිළිව කියනවා පනහ දශකය තමා ලාංකීය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ස්වර්ණමය යුගය බව.මම පෞද්ගලිකවත් ඒක විශ්වාස කරනවා. ඒවගේම ඈ එක තැනක කියනවා , එකල විද්‍යා ගණිත ඉංජිනේරු විද්‍යාවන් හදාරන සිසුන්ට සාහිත්‍ය කලා දේශන සඳහා සහභාගිවීමය තිබූ නිදහස පිළිබඳව.
![]() |
| මහාචාර්ය ඔබේසේකර සිය පර්‍යේෂණ අතරතුර. |
ඒ නිදහස කොයිතරම් දූරට වෙනස් වෙලා අධ්‍යාපනයටම වහල් වෙලාද කියන කරුණ මට සාක්ෂාත් උනේ , මම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ ඉගෙනගත්ත අවුරුදු කීපයේ. ඒ යුගයේ විද්‍යා පිඨයේ නාට්‍යයක් කරන අදහසෙන් පිටපතක් ලියාගෙන මම මාසයක් විතර උත්සහයක් දැරූවා ඒ වෑයමට. ඒත් බලන බලන අත හිටපූ බොහෝ උදවියගේ ඔලු පිරිලා තිබුනේ අධ්‍යාපනයෙන් විතරයි. ඔවුන් බොහෝදෙනෙක් එතනින් එහාට සංවාදයක් , අදහසක් දරන්න තරම් විවෘත උනේ නෑ.
මහාචාර්ය රංජීනී හරි !! මම තෝරගන්න කාලයක් ලැබුනොත් මම තෝරගන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පනහේ දශකය. ඒක තමා කාලේ.
මනුජය තෙන්නකෝන්



❤️
ReplyDeleteමානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා විෂයන්ට ඒ විෂයන් හදාරන අයගෙන් පවා හරිහමන් සාධාරණයක් ඉටු නොවෙන කාලෙක සාහිත්‍ය, කලාව, මාධ්‍ය වගේ ක්ෂේත්‍රයන්
ReplyDeleteගැන මේ විදියට සංවේදී වීම හරි වටිනවා. ඕනම කාලෙක ඉන්නවා දුර්ලභ මිනිස්සු ♥