මනුෂ්‍යයන් වශයෙන් අපට වෙන් කර ගැනිමට අපහසු තිර පටලයකින් වැසීගිය ය සීමාවක් දෙකක් පවතිනවා. මේ සීමා නීර්ණ දෙක ආගම, දේශපාලනය , ඉතිහාසය ,දේවධර්මය සහ සාහිත්‍යය යන සෑම අංශයකම අඩු වැඩි වශයෙන් භාවිතා වෙන සංසිද්ධියක්. එකී අංශයේ පවත්නා සමාජ වගකීම භාරය අනූව එයින් සිදුවන්නා වූ විපත තීරණය වේ. පාඨකයා වෙහෙසට පත් නොකිරීමටත් පැහැදිලි ලෙස අදහස සන්නිවේදනය කළ යුතු නිසාත් එකී සීමා නිර්ණ දෙක අර්ථ දක්වමින් මෙම කෙටි විස්තරය ඇරඹිමට කැමැත්තෙමි.
සත්‍යය (facts) සහ මිත්‍යාව (myths) මෙසේ ස්වකීය ජනයාට වෙන් කොට හඳුනාගැනිමට අපහසු නොඑසේනම් එසේ වෙන් කරගැන්මට අවශ්‍යතාවක් නොමැති සීමාවන් දෙකයි. සත්‍යය සහ මිත්‍යාව පිළිබඳව සංසන්දනාත්මකව තහවුරු කළ හැකි මනා උදාහරණය ආගම (බෞද්ධ ආගම පමණක් නොව සෑම ආගමකම සහ දේව උගැන්මකම මෙම අවස්ථා දෙක දෝලනය වීම පැහැදිලිවම දැකිය හැක්කකි ) වුවද මා මෙහි එය කතා නොකරමි. ඒ වෙනුවට ලංකා ඉතිහාසයේ මෑත කාලයේ සිදූවු දේශපාලනික බල පෙරළියක් උපුටා දක්වමි .
මෙම සටහනට සහ අදහස් දැක්වීමට මා සිත බර වූවේ මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ නෙරපු රජු නොහොත් Doom king නම් ග්‍රන්ථයෙන් ලද ආස්වාදයයී.
සියල්ලකටම පෙර මහාචාර්ය ගණනාතනයන් පිළිබඳ ලුහුඬින් හෝ ගෙන හැර පෑම මා සතු පාඨක වගකීමක් කොට සලකමි. මක්නිසාදයත් මෙරට හොඳම විශ්වවිද්‍යාලය යැයි සලකනා කොළඹ විශ්වවිද්‍යාලයේ පවා කලා මාධ්‍යයෙන් හදාරන්නන් කිහිප දෙනෙකුගෙන් මා මහාචාර්ය ගණනාතයන් දන්නේ දැයි ඇසු විට ඔවුන්ගේ පිළිතුර වීවේ නැත යන්නයි. එවැනි අධ්‍යාපනික පසුබිමක සිටින්නන් පවා ඒ ආකාරයේ සාරවත් මානව විද්‍යාඥයකුගේ පර්‍යේෂණ ග්‍රන්ථ පිළිබඳව දක්වන්නා වූ උකටලී බව උක්ත සත්‍යයේ සහ මිත්‍යාවේ විසංවාදි (Conflict of facts and myths) ස්භාවයට හේතුකාරක විය හැක. ඔවුන් පිළිබඳව ලිවීමෙන් මෙම සටහනේ අරමුණ වෙනස් වන බැවින් එවැනි ඇකඩමියානුවන් මෙයින් මඟහරිමි.
ගණනාතයන්ගේ නෙරපූ රජ කෘතියෙන් ඔහු උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ අවසානය උඩුපෙළෙන් ඉදිරිපත් කරන අතර යටිපෙළෙන් විටෙන් විට පාඨකයාට පවත්නා කරුණු මත තර්කානුකූලව සත්‍යය අවබෝධ කරගන්නා මෙන් අයදිමින් සිටි .
මෙහි සරලතම උදාහරණය ලෙස ඇහැළේපොළ කුමාරිහාමි සහ දරුවන් ඝාතනය පිළිබඳව පවත්නා ජනප්‍රවාද සහ ලිඛිත මුලාශ්‍රයන්හි පරස්පරතා ඔහු විදහා දක්වන්නේ එක් ලේඛනයක් මත පදනම්ව නොව.
මා පාසල් කාලයේ කියවු ඇහැළේපොළ කතාන්දරයට අනූව ශ්‍රී වික්‍රම යනු මතට ලොල් නරයෙකි, ඔහූ ස්ත්‍රීය කෙරෙහි ආසක්ත වූවෙකි , වඩුගයන්ට උඩරට රදලයන්ට එහායින් සැලකුවෙකි , භික්ෂූව ප්‍රතික්ෂේප කළ අයෙකි ,පිළිමතලව්වේගෙන් පසු මහාදිකාරම් වූ ඇහැළේපොළ සතර කෝරළයේ සිට ඩොයිල් සහ බ්‍රවුන්රිග් සමඟ රහසේ හසුන් හුවමාරු කලේ ය. එයින් ඔහු රාජ් ද්‍රෝහියකු විය ( එම කතුවරයන් එය ද්‍රෝහිත්වයක් ලෙස නොදැකිමද විස්මයකි) , ඇහැළේපොළ සැබෑ වීරයෙක් බවද , මොල්ලිගොඩ සටකපට ලෙස ඇහැළේපොළ සහ රජු බිඳවූ බවද , ඇහැළේපොළ දිගින් දිගට රාජ ආඥාව පැහැර හරමින් කොළඹට පලා ගිය බවද , රජු ඇහැළේපොළ පවුල අමු අමුවේ මරා දැමූ බවද උක්ත ග්‍රන්ථයේ සඳහන් විය. එහි සාහිත්‍යය , විස්මය සහ කතාව ගොඩනැංවීම මනස්කාන්ත වුවද එහි වාර්තාවන කරුණු විසංවාදයකට තුඩු දෙන සුළුය . නමුත් පාඨකයා නිරායාසයෙන්ම ලිවීමේ පවත්නා මටසිලිටු බව , අනූකම්පාව ගැබ්වූ කතා මාලාව නිසා සැබෑ කරුණු (facts) යට ගසමින් මවා පෙන්වන වර්ණ චිත්‍රය අතපතාගාමින් සිටි.
ඉහතා මා ඇහැළේපොළ පිළිබඳ කිව් ප්‍රවෘත්තියේ බොහෝ කරුණු ගණනාතයන් විසින් 1810-1811 පමණ රචනා වූ ඇහැළේපොළ හටන , ඊට පෙර රචනා වූ ඉංග්‍රීසි හටන , රාජාවලිය , ඩොයිල්ගේ දින පොත ( මෙහි කරුණු අසංවිධිත සහ කාල නිර්ණයන් ඉතා දුර්වල වුවද තර්කයක් ගොඩනැංවීම සඳහා භාවිතයට ගත නොහැකි මට්ටමෙන් දුෂණය වී නොමැති බවයි උගතුන්ගේ මතය ) , ඩේවීගෙ සටහන ( එකල උඩරට සිටි වෛද්‍යවරයෙක්) , බ්‍රවුන්රිග් සහ යටත් විජිත ලේඛම් අතර හුවමාරු වූ ලිපි මත පදනම්ව Doom king තුළ ලියා ඇත.
මා මේ කරුණ දිනක් මගේ මිතුරකුට පැවසූ වීට ඔහු කීවේ " ඇහැළේපොළට එසේ කරන්නට හේතුවක් තිබෙන්නට ඇතැයි ! " යනුවෙනි. නමුත් එසේ කියන්නා වු මිනිසුන් ඒ හා සම්බන්ව තර්කානුකූල යමක් කියවා පිළිගන්නාවා වෙනුවට තම සීයා හෝ පාසල් පෙළ පොතේ මන බඳනා රූප සමඟ ගොතා ඇති කතා පිළිගැනිම අවාසනාවකි . ඔවුන් බොහෝ දෙනෙකු පැරණි ජනප්‍රවාවයේ හෝ උඩරට රාජධානිය සම්බන්ධ කරුණක් ප්‍රති තර්කයකින් පැහැදිලි කිරීමට වෑයමක් දැරු වීට පවසන්නේ
"ඕවා ඇත්තද නැත්තද කියලා හොයන්න විදියක් නෑ නේ , ඒ නිසා ඒ විදියටම පිළිගන්නාවා "
යනුවෙනි.
ඔවුන්ගේ උකටලී නියාලුවට අපුර්ව නිදහසට කරුණක් ලෙස " ඕවා සංස්කෘතිය්න් එන දේවල් නේ " දමා ගසන්නෙමි. සංස්කෘතියක් ප්‍රගමනය විය යුත්තේ සත්‍යය මත පදනම්ව බව ඔවුන් නොවැටහීම අභාග්‍යයකි.
Doom king හි සිංහල උඩරට සමාජය කොනිත්තනා තවත් කරුණක් වන්නේ පත්තිරුප්පුව ඉදිරිපිට ඇහැළේපොළ දරුවන් වංගෙඩියෙ දමා කෙටීම සහ ගැහැණුන් දියේ ගිල්වා මැරීමයි. මෙම සිද්ධින් පිළිබඳ ඇති විපරීත අභව්‍යය ගතිගුණ ඔහු කරුණු සාධක සහිතව හුවා දක්වමි. පොත කීමේ ඇල්මක් ඇත්තෙකුට එය කියවා තේරුම් ගැනිමේ අවකාශය ඉතිරි කොට මා තවදුරටත් විස්තරාත්මකව නොයමි.
අවසන් උදාහරණය ලෙස මාර්තු 10 වන දින 1815 මඟුල් මඬුවේ බ්‍රවුන්‍රිග්ගේ සූචච චර පුරුෂයා වූ ජෝන් ඩොයිල් විසින් කෙටුම්පත් කරන ලද උඩරට ගිවිසුම ( Official declaration of the settlement of the Kandyan province ) අත්සන් කොට ජාතික කොඩිය ලෙස බ්‍රිතාන්‍ය ධජය සෙබළුන් එසවූ කළ වාරියපොළ සුමංගල හිමියන් විත් එය ගලවා බිම දමා පැගූ කතා පුවතයි. ගණනාතයන්ට අනූව නම් උන්වහන්නේ එදින එසේ කරේ නම් දහසක් වූ ඉංග්‍රීසි සෙබළුන්ගෙන් උන්වහන්සේ බේරී සිටිම විශ්වාස කළ නොහැක්කකි. ලොමු ඩැහැගන්නා දේශප්‍රේමිත්වය මඳකට බිම තබා ඔබත් එය සිතුවොත් අප සැවොම ගණනාතයන් හා එකඟ වනු ඇත. මක්නිසාදයත් ශ්‍රී වික්‍රම අල්ලා ගැන්මේ සිට උඩරට සෑම අහු මුල්ලකම බ්‍රිතාන්‍ය රැකවල දා සිටිමයි. මෙම සිදුවීම අලලා Doom king හි ප්‍රධාන පරිච්ඡේද දෙකක්ම ලියා ඇත . එහිදි පැරණි ධජයන් එහි විකාශනයන් සහ සුමංගල හිමිගේ භූමිකාවද සිනමා පටයක සේයා සේ පැහැදිලි කර ඇත.
ඊනියා දේශප්‍රේමින්ට මෙය පහරක් වුවද විය හැක්කේ විය නොහැක්කේ කුමක්දැයි සිතා බැලිමට එම කරුණු ප්‍රමාණවත් ය.
මේ කෙටි සටහන අවසන් කිරිමට පෙර මට පාඨකයන්ට සන්නිවේදනය කළ යුත්තේ ප්‍රඥාව මිස විස්මය (ත්‍රීල් එක ) පසුපස නොයනා ලෙසයි . මක්නිසාදයත් ශත් වර්ෂ දෙකකට ඉහත සිදූවූ මෙරට ස්වෛරීත්වයේ දරුණුතම සෝදාපාලූව වූ උඩරට රාජ්‍ය බිඳී යාමේ මිත්‍යා මත පාසල් පෙළ පොත හරහා පවා ජනගත වී තිබිමයි. එය පිළිළයක් ලෙස සමාජ ගත වී ඇත්තේ පාසල , දහම් පාසල වැනි කේන්ද්‍රය අධ්‍යාපනික මූලස්ථාන හරහා ඒවා ජනගත වීමනිසයි.
එක් අතකින් මා පෙර සඳහන් කළ මා මිත්‍රයන්ට දෝෂාරෝපණය කිරිමේ ඵලක් නැත්තේ ඔවුන් උඩරට රාජධානියේ බිඳ වැටීම උගත්තේ සාමාන්‍යය පෙළ ඉතිහාසයේ සාමාර්ථය සඳහා පමණක් වීම නිසයි.
මිත්‍යාවෙන් තොරව සත්‍යය දැකීමට ඔබගේ මගේ සැමගේ තෙවන ඇස විවෘත වේවා.
❤
ReplyDelete