රන්ජිතම්ගේ කතාව.
1985 ජනාධිපති ජයවර්ධනගේ නව අධ්‍යාපන පනතට විරුද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණයක් පැවැත්වුනා කොළඹ කොටූවෙදි. මේ උද්ඝෝෂණයට ජවිපේ ශිෂ්‍ය සංගමේ හිටපූ ප්‍රධානතලයේ සියලූම නායකයෝ පෙනීහිටියා. උපාලි ජයවීර , ආනන්ද ඉඩමේගම නොහොත් ධම්මික ,ලලිත් විජේරත්න සහ රන්ජිතම් ගුණරත්නම් ඒ අතරින් කැපී පෙනූනා.
මේ සාමකාමී උද්ඝෝෂණයට රණසිංහ ප්‍රේමදාසගේ මැර හමුදාව දරුණු ප්‍රහාරයක් එල්ල කරා. සිද්ධිය ඇසින් දුටුවන් කියන විදියට තග් හමුදාව කොටූවේ ඉදන් තර්ස්ටන් පාරේ කොළඹ විශ්වවිද්‍යාලයට එනකන් ශිෂ්‍යයන්ව පන්නපූ බව කියනවා.
ඒ ගැටුමෙන් තුවාලලත් ශිෂ්‍යයන් ඉදිරියේ රන්ජිතන් ගුණරත්නම් කතාවක් පවත්වනවා.ඒ කතාවෙදි ඔහූ කියනවා
"අපි නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් කරපූ උද්ඝෝෂණයට නාකියා ගැහූවා."
මෙතන නාකියා කියන්නේ ඒ වෙනකොට අවුරුදු 79 උනූ විධායක ජනාධිපති ජයවර්ධනට.
"අපිට පළවෙනි වතාවෙත් ගැහූවා .දෙවැනි වතාවෙත් ගැහූවා, තුන්වෙනි වතාවෙත් ගැහූවා. හැබැයි නාකියා මතක තියාගනින්. අපි ඊළඟ පාර එන්නේ අත් දෙක වන වන නෙවෙයි."
පස්සේ කාලෙක දකුණ සම්පූර්ණයෙන්ම භීතීයෙන් ඇළවූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නොහොත් ජවිපේ සන්නද්ධ අංශයේ ආරම්භයට පාර කැපෙන්නේ ජයවර්ධන ජනාධිපතිගේ මේ ලූම්පන් පන්නයේ මැදිහත් වීම.
ඒ ගිනිගත්ත රට නිවාගන්න . ජනාධිපති ජයවර්ධනටවත් ජවිපෙටවත් දෙගොල්ලන්ටම බැරි උනා.
ඡායාරූපය : රන්ජිතම් ගුණරත්නගේ තැපැල් හැඳුනුම්පත

මර්දනයෙන් මියගිය තරුණයන් වෙනුවෙන් මේ ආණ්ඩුව කිසිවක් කලේ නෑ , අතේ තියෙන බටලන්ද කමිසමේ වර්තවෙන්වත් ප්‍රයෝජනයක් ගත්තේ නෑ ....
ReplyDelete88-89 මර්ධනය ගැන සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව දැන් කරන්න බෑ. කොමිසමක නිර්දේශ තිබුනට ඒක නඩුවක් බවට පත්කරගෙන වැරදිකරුවන් කිරිම එකී සිදුවීමෙන් දශක හතරකට පමණ පසුව කිරිමට වෙර දැරිමම නිෂ්ඵල ක්‍රියාවක්.අප කළ යුත්තේ නැවත එවැන්නක් නොවීමට අවශ්‍යය කටයුතු කිරිමයි.
Delete