සිවුරට ඇප කැපද ?

 පල්ලේගම හේමරතන හිමියන්ට අර සා බරපතළ චෝදනා තියෙන මොහොතක , පොලිස් පරීක්ෂණත් බොහෝ දූරට අවසන් වූ අවස්ථාවක ඇප ලැබීම මට සැහෙන්න ප්‍රශ්නයක් උනා. ඒ නිසාම ඇප ලබාදීම සහ අනුබද්ධිත නීතී කරුණු පිළිබඳ මගේ දැනුමේ අල්ප බව මත පිහිටවා මගේ නීතීවේදි මිතුරියකගේ සහය  පතන්න තීරණය කළා.



ඈ ඇප ලබාදීමේ පනත උපුටලා සඳහන් කරේ , යම් පුද්ගලයෙකුට ඇප ලබා නොදීම වෙනුවෙන් සාක්ෂාත් කළ යුතු කරුණු කිහිපයක් 14.1 ,14.2 සහ 14.3 යන වගන්තිවල සඳහන් වෙන බවත් ඒ අනූව විනිශ්චයකරු සැකකරුට ඇප නියම කිරිම බලපවත්වනා බවත්. පළමු වගන්ති දෙක සහ පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධිය ගැළපුනත් මෙතන මට ප්‍රශ්නයක් නැගුනේ 14.1.b වගන්තිය පිළිබඳව 

"That the particular gravity of, and public reaction ,to the alleged offense may give rise to public disquiet ."

තේරෙන සිංහලෙන් ලියා ගත්තොත් 

"චෝදනා එල්ල වූ වරදෙහි විශේෂ බරපතළකම සහ එයට එල්ලවන මහජන ප්‍රතිචාරය මහජන නොසන්සුන්තාවයකට හේතු විය හැක.

දැන් නීතීයට අනූව අනුරාධපුරයේ සිද්ධිය අතිශය බරපතළ සිදුවීමක් , මහජන ප්‍රතිචාරත් එල්ල වෙනවා. අටමස්ථානයට සම්බන්ධ නිසා මහජන නොසන්සුන්තාවයකුත් ඇති වෙනවා. ඒ හැමදේම එක්ක හිමියන්ට ඇප ලැබෙනවා.

මේ හා සමාන සිද්ධියක් 2015 යාපනයේදි සිද්ධ උනා.එකල  විද්‍යා දැරිවියගේ ඝාතනයට අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ට (එවකට සැකකරුවන් පසුව ඔවුන්ට මරණීය දණ්ඩය නියම වූවා) ඇප නියම කිරිමට නොහැකි වූනා ඒ හරහා යාපනයේ ජනතාව කුපිත වියහැකියැයි විනිසුරුට හැඟි ගිය නිසා.

අටමස්ථානාධිපතිගේ මේ ක්‍රියාවලියත් ඒ ආකාරයටම සිදුවෙන්න තිබුනා විනිසුරුට දැනෙන අන්දමේ සමාජ නොසන්සුන්තාවයක් තිබුනා නම්. ඒත් අටමස්ථානාධිපතිගේ ධන බලයට සහ පිරිස් බලයට යටවී ඒ ආකාරයේ කිසිම හඬක් නැගුනේ නෑ. ඒ නිසා ඇප ලබාදීමේ පනතේ 14.1.b මත පිහිටවා පල්ලේගම හේමරතන හිමිගේ ඇප අවලංගු කිරීමේ අවස්ථාව මඟ හැරී ගියා

අවසානයට මගේ නීතිඥ මිතුරිය මගෙන් ඇහුවේ 

"අඩූම කිසිම කලාකරුවෙක් ,සිවිල් ක්‍රියාකාරිකයෙක්,දේශපාලකයෙක් මේ ගැන කතා කළාද කියලා.එහෙම කතා නොකර කොහොමද සමාජ මතයක් හැදෙන්නේ ". 

අපට පල්ලේගම හේමරතන හිමිව රක්ෂිත බන්ධනාගාර ගත කළායැයි ඇසීමෙන් අමුතු චූන් එකක් දැනෙන්නේ නැත. එහෙත් සාමාන්‍ය ළමා අපචාර සැකකරුවකුට සහ   ඒ චෝදනාවම එල්ල වූ බෞද්ධ භික්ෂූවකට ආකාර දෙකකට සැලකීම නීතීයේ සමානාත්මතාවය හෑල්ලූ කිරිමකි. එවැනි දේට අපට නිහඬව සිටිය නොහැක.

මනුජය තෙන්නකෝන්

Comments

  1. https://kolambagamaya.blogspot.com/2026/05/blog-post_25.html

    ReplyDelete
  2. කාලෝචිත වචන කිහිපයක්, ප්‍රසංසණියයි.

    ReplyDelete
  3. Thattayage Kolama28 May 2026 at 17:38

    සංඝ සමාජය සතු සිවිල් බලතල බිමට සමතලා කල යුතුය!

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් සංගායනාවක් කරලා දුශ්ශීල භික්ෂුන් පන්නන්නඕන.

      Delete

Post a Comment

Popular posts from this blog

I went back to Ibiza

මුරලිව බයිට් වීම.

Jane Goodall සමුගනි.