Posts

Showing posts from October, 2025

සංගා.............

Image
2007 ඕස්ට්‍රේලියානූ සංචාරයේ හෝර්බාට් තරගය බලනකොට මම පොඩිම පොඩි කොල්ලෙක්. උදේ පාන්දර නැඟිටගෙන , ගෙදර හැමෝම නිදි වෙලාවක , පෙට්ටී ටීවී එක ඉස්සරහට තල්ලූ කරගෙන ආපූ පුටුවේ ඉඳගෙන , මීක් සද්දයක් නැතුව මම තරගේ බැලූවා.  ඒ කාලේ ලංකාවේ නොම්බර තුනේ කප්පිත්තා ලී ,ජොන්සන් , ස්ටූවර්ට් ක්ලාක් තුන්දෙනාට හැරෙන හැරෙන පැත්තට ගැහූවේ තස්මේනීයන් ප්‍රේක්ෂකයෝ පුදූම කරමින්. ලකුණූ 192 දී රූඩී කර්ට්ස්ගේ වැරදි විනිසුරු තීරණයෙන් කප්පිත්තගේ හත්වන ද්විත්ව ශතකය මඟහැරුනත් එතන ඉදන් තවත් අවුරුදූ අටක් මොන තරම් තරග ඔහූ දිනවන්න ඇත්ද ? මොන තරම් සුන්දර රාත්‍රීන් අපට එකතු කරන්න ඇත්ද ? බිමටම වැටිලා අඩපණ උනූ රටක මිනිසූන්ට මොනතරම් බලාපොරොත්තු ඔහූ දෙන්න ඇත්ද ?   ඒ සුන්දර වමත් කප්පිත්තා අන් කව්රුත් නොවේ කූමාර් චුක්ෂනාදන් සංගක්කාර. අද සංගක්කාරගේ උපන්දිනය බව ICC Instagram පිටූව මතක් කරලා තිබූනා , ඉදින් බලාපොරොත්තුවේ ප්‍රතිමූර්තිය බඳු සංගක්කාරතුමණි සුබෝපන්දිනයක්ම වේවා !! 

තාජුඩීන් ?

Image
සති දෙකකට උඩදි මිලට ගත්ත පුස්සවෙලගේ අපරාධ රාජ්‍යය පොතේ හරි අඩකටත් වඩා කියවලා ඉවරයි, සති දෙකකින් කරන්න සැලසුම් කරපූ Book Review එක නිසා "ප්‍රසන්න රණතුංගගේ" පරිච්චේදයේ ඉදන් දැන් වේගයෙන් කියවනවා.දැනට ලසන්ත , දුමින්ද සහ තාජූඩීන් කියන ප්‍රධාන මාතෘකා කියවලා අවසන් නිසාම මේ කියන්න යන කතාව කියන්න මට අයිතියක් තියෙන බව මම විශ්වාස කරනවා. මේ අපරාධ හැමඑකම අතරින් මාව පුදුම විදියට කම්පා කළේ තාජූඩීන් ඝාතනය. 2012 තාජූඩීන් මියයනකොට අවුරුදු 28 යි. එළැඹෙන ජනවාරියට මටත් 28 යි . පොතේ තාජූඩීන් පරිච්චේදයේදි මං කල්පනා කළේ මා හා සමවයසේ  තරුණයෙක්ව දණ ගස්වලා (ඔහූගේ කලවා අස්ථි දෙකේ එක සමාන බිඳීම අනුව අධිකරණ වෛද්‍යවරයා නිගමනය කරන්නේ ඔහුව දණගස්සවා මුගුරක් වැනි ආයූධයකින් කලවාට පහරදුන් බවයි.) කලවා අස්ථිය බිඳෙන තෙක් පහර දෙන්නත් , ඉළ ඇටවලට හානි වෙන්නත් , උගුරු දණ්ඩට ප්‍රහාරයක් එල්ල  කරන්නත් පුලුවන් නම් , එවැනි සමාජයක ආරක්ෂණවාදයේ දියාරූ වීමේ ඛේදවාචකය ගැනයි. එකල  රාජපක්ෂ හිතවාදි  පොලීසීයේ අනූර සේනානායක , අජිත් රෝහණ වැන්නවුන් කැට තබා කීවේ තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් බවයි. කොටින්ම තාජුඩීන්ගේ මරණයේ පළමු ම...

ආයූ

Image
 අරුණ ජයවර්ධනගේ මාරියා දැකලා නැති නිසා හරියටම කියන්න බැරි උනත් ,මං හිතන්නේ චත්‍රගේ වැඩේ තමයි මේ අවුරුද්දේ වැඩේ. කෙනෙක් ලියලා තියනවත් දැක්කා මම , සිනමාව ගැන ඉගෙනගන්න කෙනෙක්ට ප්‍රවේශමෙන් අධ්‍යනය කරන්න පුලුවන් පෙළපොතක් තමා "ආයූ".චත්‍රගේ පියාගේ කතා වස්තුව , රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාව  ,කතාන්දරයේ ගලා යෑම සහ නොබිඳීම ,  ආයූ නම් චරිතයේ සම්බන්ධය , එකිනෙකට විසිරුණු සිද්දීන් හී සම්බන්ධය ,සංගීතය එක්ක බැඳුනු සංස්කරණය. ආයූ පොහොසත් කරන්න දායක උනූ කරුණු. ඒත් හැම දෙයක්ම අභිබවා කාලිංග දේශප්‍රියගේ කැමරාකරණය මාව විස්මයෙන් ඔසවා තැබූවා. නිෂිගේ ගාලූ මුවදොර ආරම්භක දර්ශනයෙන් ඇරඹුනු ඒ මායාමය ප්‍රවීණත්වය චිත්‍රපටයේ අවසන් දර්ශනය තෙක් නොනැසී පවත්වා ගැනීමම ම ප්‍රාතිහාර්‍යක්. මුහුදු රළ  , ළා පැහැයෙන් මියෙන  ඉර, කටුක අව් රශ්මිය , වැල්ලේ ජීවිතය , රිද්මාන්විත සංගීතය , දුමෙන් මත්වන නෙත් සඟල යන සියල්ලක්ම කාලිංගගේ කැමරා කාචයෙන් දස දහසක ප්‍රේක්ෂකයන් පිනවන්නට වරම් ලැබුවා. ආයූ නැවත වරක් බැලීමේ උනන්දුවෙන් සිටීන මට ඒ සඳහා පොළඹන හේතු දෙකකි. පළමුවැන්න කාලිංගගේ කැමරාකරණය සහ ආලෝකකරණය නැවත අත්විදීමේ කෑදරකම . ...

මෝඩම මෝඩ තරිඳු

Image
 2025 කියන්නේ සිනමාත්මක අවුරුද්දක්. හරියට 1994 දී හොලිවුඩ් වගේ. ඒ සිනමාත්මක අවුරුද්දේ අන්තිම චිත්‍රපටි තුනෙන් එකක් උනු "මෝඩ තරිඳු" බලන්න මම සැහෙන උනන්දුවකින් හිටියේ.  නිනෝ ලයිව් කරලා ඇණගෙන ,කටු කාලා උන්නූ ලොකු තිසරයි ,පොඩි තිසරයි මෝඩ තරිඳුගෙන් ඇරියර්ස් ඔක්කොම ඇල්ලූව ගතියක්  මට නම් අද දැනූනේ.  අද නුවර KCC ,  10:45 show එකේ එක හිස් පුටුවක් වත් තිබුනේ නෑ. මේ ජයග්‍රහණය තිසරලාගේ අනාගත කලා ජිවීතයට හොඳ ආයෝජනයක් වේවායි හිතන ගමන් මම මේ ටික ලියන්නම්. Comedy ශානරයේ පරිණාමය හොඳටම බලන්න පුලුවන් චිත්‍රපටියක් තමා "මෝඩ තරිඳු". කොටින්ම අපි හිනා උනේ සූර්‍යාගේ මෝඩකමටවත් , කෞශල්‍යාගේ ‍රංගන ප්‍රතිභාවටවත් නෙවෙයි , පොඩි තිසර ලියපූ නාට්‍යෝචිත අවස්ථා අනූන දෙබස් වලට. පිටපතෙන් ප්‍රේක්ෂකයාව සිනහ සාගරයට අරන් යන නූතනවාදි ප්‍රහසන සිනමාව කියන  කැබිනෙට්ටූවේ උඩම තට්ටූව මෝඩ තරිඳුට හිමිවෙන්නේ අන්න ඒහෙමයි. මම කොහොමත් වචන වලින් දාන සෙල්ලම් වලට ආසයි. පොඩි තිසරගේ ඒ සෙල්ලම අවසන් නිශ්පාදනයක් විදියට වර්ණවත් කරලා විචිත්‍රපටියක් කළේ ලොකු තිසර. බයිස්කෝප් හදන්න තමන්ගේ මූලූ තරුණකාලෙම දියකරගෙන යාන්තම් මැද...

අසමසම අරවින්ද

Image
 මගේ හොඳම මිත්‍රයෙක්  දැන් ඉන්නේ එංගලන්තයේ කෙන්ට් වල. එයා කෙන්ට් යන්න කලින් ඉඳලම මම කීවෙ 1995 දී අරවින්ද කෙන්ට් වල ගැහූව 112 ගැන තාම කෙන්ට් වලා වයසක උදවිය කතා වෙනවලූ ඒ නිසා ක්‍රිකට්වලට ප්‍රිය සීයා කෙනෙක් හම්බුනොත් අරවින්ද ගැන අහන්න කියලා. අරවින්ද කෙන්ට් හි ක්‍රීඩා කරන විට  එයා ඒක ඇහුවද කියලා මම දන් නෑ. ඒත් එදා කාල් හූපර් වෙනුවට කෙන්ට් කණ්ඩායමට ඇතුළු උනූ අරවින්දගේ අවසන් මහා තරගෙ  ඉනිම වෙනුවෙන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයම Standing ovation එකක් දුන්නා කියලා නම් මම දන්නවා. අඩි පහයි අඟල් තුනහමාරක් උස අරවින්ද ක්‍රීඩාගාරය ඇතුළට නොපෙනී යනකන් ලෝර්ඩ්ස් ක්‍රීඩාලෝලීන්ගේ අත්පොළොසන් නාදය නතර උනේ නෑ. තරගය කෙන්ට් පරාද උනත් ,අරවින්ද තරගයේ වීරයා උනා.  1995 පස්සේ ආය කිසිම දවසක අරවින්ද කවුන්ටී ක්‍රිකට් එකක් නොගැහුවත් , ඒ සීසන් එක ඉවර වෙලා අවුරුදු තිහක් ගතවෙලත් තාම අපි ඒ ගැන කතාවෙනවා. අන්න ඒක තමා අරවින්දගේ ක්ලාස් එක. ඒ කාලේ පර්සි අන්කල් අරවින්ද කලින්ම අවුට් උනාම මෙහෙම දුක් ගී කියනවලූ  "අරවින්දා...උඹ හින්දා අපි දුක්.........      වින්දා "  රටක් සතුටෙන් පිරවූ අරවින්...

විජයට 46 ක් !!!!

Image
 විජයට අවුරුදු 46 කියලා මිතුරියක් ලියලා තියනවා අහම්බෙන් දැක්කා. ආපස්සට හැරිල බැලුවොත් මගේ ළමා කාලේ විජය තරම් බලපෑමක් ඇති කරපු කිසිම පත්තරයක් නැහැ. ලියන්න ,හිතන්න , නිර්මාණ කරන්න , දැනුම හොයන්න විජය තරම් මාව උනන්දූ කරපු කිසිම පත්තරයක් නෑ. ලේක්හවුස් එකෙන් ආව මිහිරට නොතිබුනූ වර්ණවත් , විනෝදශීලී ,නිර්මාණශීලීත්වයක් විජයට හැමදාම තිබුනා. ඒ නිසාම වෙන්න ඇති මිහිර , පත්තරෙන් Epaper එකකට මාරු උනත් විජය තවම නොනැසී පත්තර ලෑල්ලේ ඉන්නේ. හිඟුල්වල දිසානායකගේ සහ පියල් උදය සමරවීරගේ සුප්‍රකට චිත්‍රකතා ද්විත්වය.  යාන්තම් අවුරුදු 10-11 වෙනකොට පත්තරකාරයෙක් හරි පුවත්පත් කාටූන් ශිල්පීයෙක් හරි වෙන්න ඕන කියලා බලාපොරොත්තුවේ බීජයක් මගේ හිතේ පැළ කලෙත් විජය පත්තරේ. ඒ විකාරේ කොච්චර උඩු දිව්වද කියනව නම් ගයත්‍රී සමරවීරට , පියල් උදය සමරවීරට , දුමින්ද සංජීව බාලසූරියට පවා මම විජය කතුමඬුල්ලේ 011-2479224 සහ 011-2479228 අංක දෙකෙන් අනේක පාරක් අමතලා ඇති. 2008 අගෝස්තුවේ මගේ පළවෙනි ළිපිය "කොරල්පර " නමින් පළ උනෙත් ගයත්‍රී සමරවීරගේ උපකාරයෙන්. මේ හැමදේම පටන් ගත්තෙත් එතැනින්. ඉතින් "විජය "  අවුරුදු 46 කියන්නේ බොහ...

ශාසනික නිකායභේදයේ ඛේදවාචකය

Image
 1818 උඩරට කැරැල්ලට සම්බන්ධ උනායැයි  රාජද්‍රෝහින් ලෙස නම් කළ කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු පිරිසකගේ රාජද්‍රෝහිත්වය අහෝසි කිරිමේ සන්නස 2017 වසරේදි මහනුවර මඟුල් මඩුවේදි එළිදැක්විනි. එකී උත්සවයට වැඩම කළ රාමඤ්ඤ නිකායේ නාහිමිවරුන්ට ආසන නොපනවන ලෙස සියම් නිකාය ඉල්ලා සිටි බව සුප්‍රකට කතාවකි.  එමෙන්ම මහනුවර දළඳා මාළිගයේ භික්ෂූන්ට දන් වැළඳිමට ඇති දන් ගෙයිහි අස්ගීරී සහ මල්වතු පාර්ශවයන් වෙනමත් අමරපූර සහ රාමඤ්ඤ නිකායේ භික්ෂූන් වහන්සේලා වෙනමත් දන් වැළඳිය යුතුය. ඒ පිළිබඳ අප්‍රසාදය පළ කරමින් අමරපුර නිකායේ භික්ෂූන්වහන්සේ නමක් මුහුණුපොතට ලියූ සටහනක්ද මා දැක ඇත. මේ සියල්ලටම හේතු පාදක කරුණ නම් අපුල , අශීලාචාර ,ගෝත්‍රික   "ශාසනික කුලභේදයයි". නිකාය අනුව ආසන පැණවීමේ පිළිවෙත.  1753 වගේ ඈත කාලෙක ,මෙරට උපසම්පදා භික්ෂූන් වැඩනොසිටි අතර සිටියේ ගණින්නාන්සේලා පමණි. ඔවුන් ශාසනයට සම්පූර්ණයෙන් කැප නොවී ගොවිතැන් බත් කරගෙන අඹු දරුවන් රකිමින් සිටි බව පැවසේ. මේ නිසාම හතරලියද්දේ ,තුම්පනේ ,වැලිවිට වලව්වේ ඉපිද පසුව වැලිවිට සරණංකර නමින් පැවිදි වූ හිමිනමක්  සියම් දේශයෙන් ( වර්තමානයේ තායිලන්තයට)...

ලසන්ත , ගෝඨාභය සහ යුක්තිය

Image
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට  වසර 16 කි.  2009 සිට ගෙවුනු මේ දශක එක හමාර තුළ ආණ්ඩූ පහක් විටෙන් විට ( ජනාධිපතිවරුන් පස්දෙනෙක්) බලයට පත්වුනත් තවමත් වික්‍රමතුංග ඝාතනය වෙනුවෙන් කැපී පෙනෙන යුක්තියක් ඉටූවී නැහැ. ලසන්තගේ ඝාතනය සිදුවූ ආකාරය අදවන විට අප හොඳින් දන්නා නිසා එකී ඝාතන පරීක්ෂණ ගලාගිය ආකාරය මෙම සටහනෙන්  පිරික්සා බලමූ. මහාරාජා ආයතනයට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ එහි පැමිණි ලසන්ත.මෙයින් දින දෙකකට පසුව ලසන්තව ඝාතනය විය. 2009 ජනවාරි 8 දින අත්තිඩියේදි ලසන්ත ඝාතනය වූ විගස ඝාතනය පිළිබඳ පර්‍යේෂණය පැවරෙන්නේ ගල්කිස්ස පොලීසීයටයි. එවකට එහි SSP වූ හේමන්ත අධිකාරී යටතේ සිටි ගල්කිස්ස අපරාධ අංශයේ ස්ථානාධිපති හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල පර්‍යේෂණය ආරම්භ කළ අතර පසූව මිරිහාන පොලීසීයත් මෙයට සහය දෙනවා.  මුලික පර්‍යේෂණ මඟින් මෙය වෙඩි තැබිමක් නොවන බව හෙළි වූ අතර මෝටර් රථයේ තිබි ලසන්තගේ පිටූ 160 සටහන් පොත පර්‍යේෂකයන් භාරයට පත්වනවා . පසුකලක ගෝඨාභයව භීතීයෙන් පුරවා දමමින් ලසන්තගේ ඝාතන පරීක්ෂණ උඩියටිකුරු කළේ මේ සටහන් පොතයි. විශේෂයෙන්ම ලසන්තගේ සටහන් පොතේ කොණක තිබුනූ යතුරු පැදි අංක දෙකක් ( මේ අංක ...

Jane Goodall සමුගනි.

Image
   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.වයස අවුරුදු 91 වෙනකන් සක්‍රීයව පරිසරවේදිනියක් විදියට කටයුතු කළ ඈ ජීවන ගමනෙන් පසුගිය පළවෙනිදා නික්මුනේ , සමාජය , සත්ව සංහතිය සහ  ලෝකය වෙනුවෙන් ඇගේ සේවය සම්පූර්ණයෙන් අවසන් කිරිමෙන් පස්සේ. ඒ නිසා ඇගේ අහිමිවීම ලෝකයට පාඩුවක් කියලා සිතීම ඇගේ පැත්තෙන් යුක්ති සහගත නැහැ. Jane ගේ සුප්‍රකටම ඡායාරූපයක්. ආචාර්‍ය Jane Goodall ගේ Through a window - My thirty years with the Chimpanzees of Gombe පොත මට කියවන්න ලැබුනේ ටික කාලෙකට උඩදි ඒත් ඊටත් කලින් 2009 වගේ කාලයක  ඇගේ පර්‍යේෂණ කටයුතු ගැන ලියවුනු සිංහල පරිවර්තනයක් කියවීමෙන් තමා මේ සුන්දර පරිසරවේදිනියව  මම මුලින්ම දැනගත්තේ.  ආචාර්‍ය Goodall, අවුරුදු 26 දී  ආපනශාලා සේවිකාවක් විදියට සේවය කරලා ලැබුන මුදලින් ටැන්සානීයාවට යන්නේ ඕනෑම ආකාරයක අප්‍රිකානූ සතෙක් පිළිබඳ ගවේෂණය කිරිමේ අරමුණෙන්. ඒත් ඇගේ දෛවය ඇයට ලබා දුන්නේ මිනිසාට සමීපතම ඥාතියා උනූ චිම්පන්සීන්. ඇය Gombe වනාන්තරයේ දින ,සති ,මාස ,අවුර...