ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 16 කි. 2009 සිට ගෙවුනු මේ දශක එක හමාර තුළ ආණ්ඩූ පහක් විටෙන් විට ( ජනාධිපතිවරුන් පස්දෙනෙක්) බලයට පත්වුනත් තවමත් වික්‍රමතුංග ඝාතනය වෙනුවෙන් කැපී පෙනෙන යුක්තියක් ඉටූවී නැහැ. ලසන්තගේ ඝාතනය සිදුවූ ආකාරය අදවන විට අප හොඳින් දන්නා නිසා එකී ඝාතන පරීක්ෂණ ගලාගිය ආකාරය මෙම සටහනෙන් පිරික්සා බලමූ.
![]() |
මහාරාජා ආයතනයට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ එහි පැමිණි ලසන්ත.මෙයින් දින දෙකකට පසුව ලසන්තව ඝාතනය විය. |
2009 ජනවාරි 8 දින අත්තිඩියේදි ලසන්ත ඝාතනය වූ විගස ඝාතනය පිළිබඳ පර්‍යේෂණය පැවරෙන්නේ ගල්කිස්ස පොලීසීයටයි. එවකට එහි SSP වූ හේමන්ත අධිකාරී යටතේ සිටි ගල්කිස්ස අපරාධ අංශයේ ස්ථානාධිපති හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල පර්‍යේෂණය ආරම්භ කළ අතර පසූව මිරිහාන පොලීසීයත් මෙයට සහය දෙනවා. මුලික පර්‍යේෂණ මඟින් මෙය වෙඩි තැබිමක් නොවන බව හෙළි වූ අතර මෝටර් රථයේ තිබි ලසන්තගේ පිටූ 160 සටහන් පොත පර්‍යේෂකයන් භාරයට පත්වනවා . පසුකලක ගෝඨාභයව භීතීයෙන් පුරවා දමමින් ලසන්තගේ ඝාතන පරීක්ෂණ උඩියටිකුරු කළේ මේ සටහන් පොතයි.
විශේෂයෙන්ම ලසන්තගේ සටහන් පොතේ කොණක තිබුනූ යතුරු පැදි අංක දෙකක් ( මේ අංක දෙක ලසන්තගේ ඝාතකයන්ගේ බවට කළ උපකල්පනය මත පිහිටවා පර්‍යේෂණ සිදුකරන ලදි) පිළිබඳව තිස්සසිරි සුගතපාල පරීක්ෂණ ආරම්භ කරන්න ගත්ත මොහොතේම ඔහූගේ ප්‍රධානීයා වූ හේමන්ත අධිකාරීගෙන් සහ එවකට බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති වූ ප්‍රසන්න නානායක්කාර පර්‍යේෂණයට බාධා කිරිම ආරම්භ කරනවා.
තිස්සසිරි සුගතපාලට බැණ වදින නියෝජ්‍ය පොලිස්පති , ලසන්තගේ සටහන් පොත ආරක්ෂ ලේඛම්ට අවශ්‍යබව පවසා තිබෙනවා. එකල ආරක්ෂක ලේඛම් වූවේ ගෝඨාභය රාජපක්ෂයි.නමුත් ඒ මොහොත වෙනකොටත් නඩු භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබුනු සටහන් පොත ලබාදීමට නොහැකි බව පැවසුවත් පොලිස් පරීක්ෂකවරයාගේ පවුලට සහ දරුවන්ට කළ තර්ජන හමූවේ ඔහූ සටහන් පොත ආරක්ෂක ලේඛම්ට ලබාදෙනවා.නමුත් ඊට පෙර මතු ප්‍රයෝජන සඳහා තිස්සසිරි සුගතපාල විසින් ලසන්තගේ සටහන් පොතේ ඡායාපිටපතක් (Photocopy) ගෙන එය සඟවා තබනවා.
![]() |
ලසන්තගේ දියණිය : |
ලසන්තගේ සටහන් පොත පිළිබඳව යමක් පවසනවා නම් ඒ වනවිට ලීඩර් කතුවැකියේ ලියමින් සිටි මිග් යානා ගනුදෙනුව පිළිබඳව තොරතුරු සහ තවත් තොරතුරු ඉංග්‍රීසී භාෂාවෙන් ලියා තිබුනු බව පැවසෙනවා.පිටූ 160 න් ,126 ක් ලසන්ත ලියා තිබුනා.
කෙසේ හෝ 2010 වසරේ ජනවාරි වන විට ගල්කිස්ස පොලීසීය සතුව තිබුනූ ලසන්ත ඝාතනයේ තොරතුරු සියල්ලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබාදෙන ලෙස ගල්කිස්ස උසාවිය විසින් නියෝගයක් ලබාදෙනවා. පසූව එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්නගේ උපදෙස් මත 2010 පෙබරවාරි මස 7 වන දින CID සතුව තිබුනූ පරීක්ෂණ දත්ත චන්ද්‍රා වාකිෂ්ට යටතේ තිබුනූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (TID ) පවරනවා. එයට හේතුව ලෙස IG ජයන්ත පවසන්නේ CID හි ඇති අධික වැඩකන්දරාව නිසා ලසන්තගේ පර්‍යේෂණය නිසි අන්දමින් කළ නොහැකි බවයි.
TID විසින් දුරකතන කුලුණු දත්ත භාවිතයෙන් ලසන්තගේ ඝාතකයන්ගේ යැයි සැකකෙරෙන දුරකතන අංක පහක් සොයාගන්නවා.ලසන්තගේ ඝාතන පරීක්ෂණය වෙන මඟකින් ආරම්භ වෙන්නේ මේ සමඟයි.
උක්ත දුරකතන අංක (සිම් කාර්ඩ්පත් පහ) ඕල්කට් මාවතේ දුරකතන අලුත්වැඩියා කරන ආයතනයකින් මිලදි ගෙන ඇති අතර TID විසින් එකී සිම් කාර්ඩ්පත් මිලදිගත් හැඳුනුම්පත් අංකය සොයාගිය විට නුවරඑළියේ පදිංචි පින්තේ විජේසූදාසන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝගයක්ද ලබාගන්නවා. විජේසූදාසන්ගේ කට උත්තරය අනූව
"විජේසූදාසන් කිසිදිනක ඕල්කට් මාවතේන් සිම් කාර්ඩ්පත් මිලදි ගෙන නැත. නමුත් ඔහූ හඳුනන හමුදා නිලධාරීයකූ සමඟ මත්පැන් පානය කළ දිනක ඔහූගේ හැඳුනුම්පත නැතිවී ඇත."
ඒ කට උත්තරය මත පරීක්ෂණ මෙහෙයවූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කන්දේවත්තගේ පියසේන නැමැති හමුදා නිලධාරීයාව අත්අඩංගුවට ගැනිමට සමත් වනවා. කන්දේවත්තගේ පියසේන යනූ එකල ත්‍රීකුණාමලයේ ට්‍රිපොලි කඳවුරට අනුබද්ධිත බුද්ධි අංශ නිලධාරීයෙකි. විජේසුදාසන් සමඟ මත්පැන් බිව් හමුදා නිලධාරීයා ඔහුයි. විජේසුදාසන්ගේ හැඳුනුම්පත අස්ථානගතවන්නේ ඒ හමුවෙන් පසුව. විජේසුදාසන්ගේ හැඳුනුම්පත භාවිතාකර ඕල්කට් මාවතෙන් සිම්.කාර්ඩ් මිලදි ගන්නෙත් ඊට පසුව.
අවසානයට ලසන්තගෙ ඝාතනයටත් ට්‍රිපොලි කඳවුර සම්බන්ධවෙන්නේ මේ අයුරින්. නමුත් ජේ
.සී වැලිඅමුණගේ නීතී සහය මත මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ කන්දේවත්ත එයින් ජයග්‍රහණය කොට නඩුවෙන් ඉවත්වනවා.ඔහූව අත්අඩංගුවට නොගන්නා ලෙසත් නිදහස් කරන ලෙසත් , රණවිරුවන්ව දඩයම් නොකරන ලෙසත් ගෝඨාභය පාර්ශවයෙන් දිගින් දිගටම හඬක් නැඟෙනවා.
ඒ ආසන්න කාලයක සිම් කාර්ඩ්පත් පහ මිලදි ගත් හැඳුනුම්පත් අංකය හිමි විජේසුදාසන්ද බන්ධනාගාරය තුළදි මියයනවා. ඒ අතරතුර 2010 නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අතර එයින් පසු වසර 5 ගතවන තුරු ලසන්තගේ ඝාතන පර්‍යේෂණ මුද්‍රා තැබෙනවා.
![]() |
ලසන්තව සමරමින් |
2015 දී මහින්ද රාජපක්ෂගේ පරාජය සමඟ නැවත ලසන්ත ඝාතනය කරළියට පැමිණියද , ඝාතකයන්ගේ යතුරු පැදි සොයා ගැනිම , වව්නියාවේ තරුණයන් දෙදෙනෙකුගේ සම්බන්ධය හැරෙන්නට පැහැදිලි සම්බන්ධයක් හෝ පැහැදිලි කිරිමක් සිදුකරගැනිමට CID ද අපෝහොසත් වුනා.
නැවත 2019 දී ,ලසන්ත ඝාතනයට නියෝගය ලබාදුන්නා යැයි සැකකෙරෙන ගෝඨාභය රාජපක්ෂවම ලක්ෂ 69 ක ජනතා අභිලාශයෙන් ජනාධිපති කරවූ විට ලසන්තගේ ඝාතන කාලයේ වැළිතලාවෙන් සඳහටම වැළලි යන්නට වුනා. මහමඟ කර්තෲවරයෙක් ඝාතනයට නියෝග කළායැයි සැකකෙරෙන මිනිසෙක්ව රටේ ජනාධිපති කළ මිනිසුන් වසර දෙකක් ගෙවෙන්නත් පෙර ඔහුවම රජ මාළිගයෙන් පන්නා දැමූවා.
අදටත් මගේ පෞද්ගලික අදහස නම් , ලසන්තගේ ඝාතනයේ සුලමුල සෙවීම මාලිමා ආණ්ඩුවටත් පහසු කාර්‍යක් නොවනු ඇති වගයි.
හේතුව ඝාතනය වී වසර 16 ක් වීමත්. වග උත්තරකරුවන් බොහෝ දෙනෙක් ජිවතුන් අතර නොමැතිවිමත් , පර්වේෂණ සාක්ෂි තවදුරටත් වලංගු නොමැතිවිමත් , අඛණ්ඩ නොවූ පර්‍යේෂණ නිසා උසාවියෙන් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ හැකි අන්දමින් ඝාතනය පෙළගැස්විට අපෝහෝසත් විමත්. කට උත්තර සහ මරණ පරීක්ෂණයේ ඇති පරස්පරතා ප්‍රමාණයත්.
නමුත් මේ සියල්ල මධ්‍ය වුවද ලසන්තට ,ලසන්තගේ පවුලට , නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට යුක්තිය ඉටුකළ හැකි නම් එය මාලිමා ආණ්ඩූවේත් , ඒ ආණ්ඩුව පත්කළ ජනතාවගෙත් සුවිශේෂි ජයග්‍රහණයක් වන බව අමතක නොකළයුතුයි.
මේක හොයන්න අනිත් ඒවා හෙව්වට පස්සේ . මොකද වැල එච්චරට දිගයි
ReplyDelete