Tuesday, 9 September 2025

අසම්පූර්ණ කොස් මාමා

මායාවේ සහ ප්‍රෝඩාවේ කඩතුරාවෙන් වැසූන සැබෑ සත්‍යය කාලයේ ඉක්මවීම සමඟ අතිශයින්ම සාමාන්‍යකරණය වූ නිර්මිත සත්‍යයක් (කෲතිමව නිමැයූ) වීම පුදුම සහගතයි. පහත කතාන්දරය එවැනි කතාවක්.

 2006 අවුරුදදේ පාසල් පෙළපොතක ආතර් වින්ස්ටන් ඩයස් නොහොත් කොස් මාමා ගැන පාඩමක්ම වෙන්වෙලා තිබුනා

.ඔහූ  ජාතියට කොස් කවපු හැටි , කොස් ඇට පිනට දුන් හැටි ,කොස් මාමා  නම ලැබුන හැටි වගේම ඔහුගේ රුවෙන් මුද්දරයක් නිකුත් උන හැටිත් ආටෝප සාටෝප හල්කිරිම් මැදින් බොහෝම සරුවට ලියලා තිබුනා.

ආතර් වී ඩයස්ගේ මව සහ විශාඛාවිද්‍යාලයේ ප්‍රධාන ධානපතිනිය වූ සෙලෙස්තිනා ඩයස් මහත්මිය.


තමන් කොස් ගසට මෙතරම් ආදරය කරන්න පටන් ගත්තේ කොස් ලී පටවපූ කරත්තයක් දැකීමෙන් බවත් පෙළ පොතේ වැඩිදුරටත් සඳහන් වී තිබුනා.ඒත් මට පස්සේ දවසක හිතුනේ ආතර් වී ඩයස් දැක්ක කොස් ලී පටවපූ කරත්තය තමන්ගේම පියාගේ (P.ජෙරමියෙස් ඩයස් ) ලී මඩූවෙන් පටවපු කරත්තයක් වෙන්න ඇති කියලා . හේතුව ඒ වෙනකොට අරක්කූ රේන්ද ව්‍යාපාරේ සිලීමේ උන්නූ ඔහුගේ පියා එම ව්‍යාපාරවලට අමතරව ගස් කපා පැටවීමත් ව්‍යාපාරය ලෙස කරගෙන ගොස් තිබුනා. ඔහුට එකල සිටි ප්‍රධානතම තරගකරු වූනේ සේදවත්තේ විජේවර්ධන වලව්ව. ඒ ජයවර්ධන ජනාධිපතිගේ මව් පාර්ශවයේ ජේෂ්ඨයා උනූ තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධන. 

 කොහොමින් කොහොම හරි 1902 අපේ කතානායක ආතර් වී ඩයස්ගේ පියා මිය යනවා. තම සැමියාගේ සියලූම ඉඩකඩම් සහ අරක්කූ රේන්ද ව්‍යාපාරය බිරිඳවූ සෙලෙස්තිනා ඩයස් තමන්ගේ අතට ගන්නවා. පානදුරේ ධනවත් රොද්‍රිගෝ පවුලෙන් පැමිණි ඈ ,තම දරුවන්ගේ සහයද ඇතුව ව්‍යාපාරය ගොඩනගනවා.  ඇය 1917 විශාකා  විද්‍යාලයට මුදල් ලබාදෙන්නේ ඇගේ මතුගම ඉඩමක් විකුණාදමමින් 

 . පසුකලක ඇය ආනන්ද විද්‍යාලයට නව විද්‍යාගාරයක් ලබාදෙනවා.අරක්කූ වෙළඳාමේ ලාභය ඈ නොමසුරුව බෞද්ධ පාසල් දියුණුවට වැය කරනවා. සේනානායක , ආටිගල , විජේවර්ධන වගේම ඩයස් පවුලත් අරක්කූ ව්‍යාපාරයෙන් ධනයෙන් ආඪ්‍ය වෙනවා.

"විශාකා විද්‍යාලයේ බිත්තී සීරු විට අරක්කූ සුවඳ දැනෙන බව "

කුමාරි ජයවර්ධන පවසන්නේ  සෙලෙස්තිනා ඩයස්ගේ බෞද්ධා කාන්තා පාසල් සහ ඇති සම්බන්ධය නිසාවෙනි.  

අපේ කතා නායක කොස් මාමා 1915 සිංහල-මරක්කල කෝලාහලය අවස්ථාවේ අත්අඩංගුවට පත්වෙනවා. මරණ දඬුවම නියමූ වූ මොහොතෙ සෙලෙස්තිනා ඩයස්ගේ මුදලට ස්තුතිවෙන්න ඔහූ වසරකින් නිදහස් වෙනවා. නැවතත් අරක්කූ රේන්ද මුදල් නිසාවෙන් 56 බණ්ඩාරනායකගේ විප්ලවය සමඟ ජාතිකවාදි දේශපාලනයක් කිරිමට ආතර් වී දියෙස් කෙනෙක් ඒ නිසා රටට ඉතිරිවනවා. ඔහූ නයිට් නම්බූ නාමය සහ සෙනට් මන්ත්‍රී ධූරය අතහැරියද දිගින් දිගටම මියෙන තුරු ජාතිකවාදි කඳවුරේම සිටිනවා. 

අද ජාතික වීරයෙක් ලෙස පවා හැඳින්වෙන ආතර් වී ඩයස්ගේ ජිවිතයේ බොහෝ කරුණු මෙලෙසින් කපා කොටා  නිශේදනය කොට සංශෝදනයෙන් පලකිරිම මා මුලින් කිව් ප්‍රෝඩාවනක් කාලයේ ඇවෑමෙන් සැබෑව වී සත්‍යය නොමැකී යාමේ ආසන්නතම උදාහරණයයි. ඔහූ කොස් පැළ බෙදා දීමේ ව්‍යාපාරය පමණක් කළ අයෙක් ලෙස හඳුන්වා දීම ඔහුටත් , ඉතිහාසය කියවන අපටත් , දෙපාර්ශවයටම සිදුවන අසාධාරණයකි.


No comments:

Post a Comment

Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...