Sunday, 7 September 2025

සොඳුරු ට්‍රොස්කිවාදිනිය

තමන්ගේ මුලූ ජිවිතයම ට්‍රොස්කිවාදීනීයක්ව ජිවත් වූනූ කොළඹ සරසවියේ මහාචාර්‍ය පියසීලී විජේගුණසිංහ ගැන මම මුලින්ම කියෙව්වේ 2009 අවුරුද්දේ අගභාගයේ. විකොසේ ක්‍රියාත්මක වීම , විජේ ඩයස්ගේ නායකත්වය , කීර්ති බාලසූරියගේ චින්තනය සහ මහාචාර්‍ය ගම්ලත්ගේ මාක්ස්වාදී කලා විචාරය ගැන දිවයින බදාදා අතිරේකයෙන් මට යාන්තමින් අහන්න ලැබෙන අතරේ පියසීලී විජේගුණසිංහ නමත් ඇසී නොඇසී ගියා.


 හැබැයි ඒ වෙනකන් මට මහාචාර්‍ය විජේගුණසිංහගේ එකම ලිපියක්වත් කියවන්න ලැබී තිබුනේ නෑ. ඒත් සයිමන් නවගත්තේගමගේ සංසාරණ්‍යේ දඩයක්කාරයා කියවලා ඔලූව විකාරවෙලා ඉන්න මොහොතක, සයිමන්ගේ දඩයක්කාරයා පිළිබඳ පියසීලී විජේගුණසිංහගේ මාක්ස්වාදී විචාරයක් මට අහම්බෙන් කියවන්න ලැබුනා. ඇගේ ලිපියෙන් පස්සෙත් නවකතාව මම දෙවතාවක් විතර බොහෝම ප්‍රවේශමෙන් නැවත නැවත කියෙව්වා.ඈ ගැන ගෞරවාන්විත ප්‍රේමයක් ඇති උනා. 1995 ඈ විසින් ලිව් " සුචරිත ගම්ලත්ට එරෙහිව මාක්ස්වාදි කලා විචාරයේ මූලධර්ම" ඒ ආසන්න කාලයක කියවන්න ලැබුනා. ගම්ලත්ගේ මුල් කෘතිය නොකියවූවෙක් නිසා පියසීලී විජේගුණසිංහගේ මතුකිරීම මට තදින් වැටහුනේ නැහැ.

කොහොමින් කොහොමහරි පියසීලී විජේගුණසිංහ මියගිහින් පහුගිය දෙවෙනිදට වසර පහළොවක්.ඈ වැන්නකු කොළඹ විශ්ව විද්‍යාලයේ සිටී බවක්වත් , ඇගේ මතක සටහනක්වත් සරසවි භූමියේ තබා සිසූන් අතරවත් නැහැ. අඩූම කලා පිඨය තුළවත් ඒ පිළිබඳ කතිකාවතක් මට ඇසී පෙනී නැහැ. ඈ වැන්නවූන් තවදුරටත් විශ්වවිද්‍යාලයට අනවශ්‍යබව ඊටත් වඩා පිළිඹිබූවන අවස්ථාවක් තවත් නැහැ.

ඡායාරූපය : තරුණ පියසීලී විජේගුණසිංහ

මනුජය තෙන්නකෝන්

No comments:

Post a Comment

Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...