ලොහාන් රත්වත්තේගේ මරණය සවනට වැටෙන විට මා සිටියේ කුලී ත්‍රීරෝද රථයක පිටුපස ආසනයේ.
"ලොහාන් රත්වත්ත මැරිලා "
යැයි මට නොදැනුවත්වම කියවෙන විට , නම නොදන්නා ත්‍රී රෝද රථ රියදූරා සැනෙන් කීවේ
"උඩතලවින්නේ මුස්ලිම් කොල්ලෝ දහදෙනාට කරපූවා තමා ඔය .."
යනුවෙනි.
මනුෂ්‍ය මරණයක් පිළිබඳව මහජන මතය ගොඩනැගෙන අන්දම පිළිබඳ මට වැටහුනේ එවිටයි.
ලොහාන් මියගිය විට කිසිවකු ඔහූ රාජ්‍ය ආමාත්‍යවරයකු ලෙස සිටි බවවත් , ඔහුගේ පියා හිටපූ ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වතේ බවවත් , ඔහූගේ නැන්දනිය ලොව පළමුවන අගමැතිනිය වූ සිරිමා ඩයස් රත්වත්තේ බවවත් , ඔහූගේ ඥාති සහෝදරිය මෙරට බිහිවූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රකා බණ්ඩාරණායක බවවත් , ඔහූගේ සීයා වූ හැරිස් ලෙව්කේ රත්වත්තේ 1932 තරම් ඈත රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරමින් පසූව දියවඩන නිළමේ තනතුරද දැරූ බවවත් මතක නැත.
මිනිසුන්ට මතක පැපුවා නිව්ගිනියාවේ රග්බි ක්‍රීඩක සහ එවකට හැව්ලොක් කණ්ඩායමේ පුහුණුකරු වූ ජොයෙල් පේරා දෙනෝදහක් මැද වෙඩි තබා ඝාතනය කිරිම පමණි. මිනිසුන්ට රත්වත්තේ දිසාවේවත් , බාන්ස් රත්වත්තේවත් මතක නැත. මිනිසුන්ට මතක උඩතලවින්න ඝාතකයන් නිදොස් කොට නිදහස් කිරිමේ අභියාචනාධිකරණ තීරණය පමණි. මිනිසුන්ට මතක තමන් ඇසුරුකරන කාන්තාව සමඟ බන්ධනාගාරයට ගොස් එල්ලුම් ගස ඇයට පෙන්නවා , රාජකාරියේ සිටි නිලධාරීන් දණගස්සවා පිස්තෝලය කටට එබූ ලොහාන් රත්වත්තේ පමණි.
අප සියල්ලෝම කිසියම් දිනක , කිසියම් තැනක ,කිසියම් මොහොතක මියෙන බව ඇත්ත. එය මෙය ලියන මටත් , ජනාධිපති දිසානායකටත් , මහින්ද රාජපක්ෂටත් ,උදය ගම්මන්පිලටත් , විමල් වීරවංශටත් , ලාල් කාන්තටත් , චාමර ප්‍රසන්නටත් , ප්‍රසන්න රණතුංගටත් , හරිනි අමරසූරියටත් , කාදිනල් හිමිපාණන්ටත්, මල්වත් අස්ගීරී පාර්ශව ප්‍රධාන සංඝනායක හිමිපාණන්ටත්, අනෙකුත් ආගමික ශාස්තෲවරුන්ටත් පොදු කරුණකි.
නමුත් !! කමින් බොමින් නටමින් ජිවත්වන විට තමා මියගිය පසූ ලෝකයා තමාගැන මතක තබාගන්නේ කෙසේද යන්නත් යාන්තමින් හෝ සිතා බැලිය යුතුය. අපට ලොහාන්ගේ මරණයෙන් උගත හැකි එකම පාඩම එයයි.
මනුජය තෙන්නකෝන්
මෙය ඉතාම ප්‍රබල යථාර්ථයකි. ඥාතිත්වය හෝ තනතුරු නොව, ජනතාවට දැනෙන ආකාරයට අප කළ ක්‍රියා පමණක් අපගේ අවසාන උරුමය බවට පත් වේ.
ReplyDeleteලොහාන් රත්වත්තේගේ කතාව අපට කියා දෙන්නේ, 'අප ජීවත් වන විට අප කවුරුන්දැයි ලෝකයා දකින්නේ; නමුත් අප මියගිය පසු, අප කෙසේ හැසිරුණාද යන්න මතක තබා ගන්නේ' යන සදාකාලික පාඩමයි.
එය සෑම බලවතෙකුටම මෙන්ම සාමාන්‍ය පුරවැසියෙකුට ද අදාළ වන කාරණයකි