අද ඕවල් ක්‍රීඩාංගණයේ එංගලන්ත ඉන්දියා පස්වෙනි ටෙස්ට් තරගේ එංගලන්ත දෙවෙනි ඉනිමේ අවසන් කඩුල්ලට ක්‍රීස් වෝක්ස් කියන කඩවසම් තරුණයා ආවේ එක අතක් එල්ලගෙන. දෙවෙනි දවසේ පන්දූ රකිනකොට උරහිස පැන්න වෝක්ස් , එතන ඉදන් එංගලන්ත ඉනිමේ එක පන්දුවක්වත් නොයවා ක්‍රීඩාගාරයේ හිටියේ.
ඒත් ඉන්දියානුවෝ තමන්ට පේන්න තිබුන දිනුම උදුරගන්නවා දැක්ක වෝක්ස් වේදනාවට බම්බූ ගහගන්න කියලා බැට් එක අරගෙන ආවා. ලකුණු හයකින් ඉන්දියාව තරගේ දින්නත් ක්‍රිස් වෝක්ස් අපේ හදවත දිනාගත්තා.
https://youtu.be/YDopqjqIhlA?si=Jvjz2mpM6oZaajHb
ඒ වගේම හදවත හොරා ගැනිමක් උනා 1963 ජූනි 25 වෙනිදා එංගලන්ත ,බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ දෙවෙනි තරගේ. තරගේ තිබ්බේ ලෝඩ්ස් වල. එංගලන්තේ ලකුණු 234 ඉලක්කයක් එලවනවා කඩූලූ දෙකක් අතේ තියාගෙන. ජයග්‍රහණයට ලකුණු 6 තියෙන වෙලාවේ Shackleton දුවද්දි දැවෙනවා. දැන් එංගලන්ත අවසන් පිතිකරුවා ලෝඩ්ස් වල දහස් ගණනක ප්‍රේක්ෂකයෝ මැදින් ඇවිදගෙන එනවා.
ඒ තමා ජිවත්වෙන දැවැන්තයා Colin Cowdrey.සංගක්කාර දේශනය පවත්වපූ Colin Cowdrey ම තමා . මිනිහගේ වම් අත වැහෙන්න ප්ලාස්ටෝ පැරිස් බදාමයක් . දකුණු අතේ පිත්ත. David Allen එක්ක බේර ගන්න පන්දූ දෙකක් තියනවා. ඒ තරගේ එංගලන්තේ සම කරගත්තා.හැබැයි තරගාවලිය 3-1 පරාද උනා. ඒත් පරණ එංගලන්තකාරයින්ට Colin Cowdrey කැඩූනූ අතක් එක්ක ලෝඩ්ස් මැදට ඇවිදගෙන ආපූ විදිය අමතක කරන්න බැරි උනා සෑහෙන කාලෙකට.
එදා Cowdrey අද Woakes !!
ඡායාරූපය : 1963 ලෝඩ්ස් පිටියට ඇවිදින Cowdrey සහ 2025 ඕවල් පිටියට පැමිණෙන Chris Woakes.
Nicely written 👍
ReplyDelete