1985-86 කාලය වෙනකොට ජයවර්ධන ජනාධිපති නොහිතපූ විදියට LTTE එක බලවත් වෙන්න ගත්තා. PLOT, TELO ,EPLRF වගේ උතුරේ විප්ලවවාදි කණ්ඩායම් මැදින් තම්බි (මල්ලී) නොහොත් ප්‍රභාකරන්ගේ LTTE එක ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩූවේ පවා අවධානය දිනා ගත්තා.
ප්‍රභාකරන් කියන්නේ මිලිටරි මෑන්..ඒ නිසා මිනිහා තමා මේකට ගැළපෙන්නේ. ඉන්දියාව ගණන් හැදූවේ ඒ විදියට.
මේ කාලේ වෙනකොට ඉන්දියාවටත් , ජයවර්ධනට රිදෙන්න දෙන්න ලොකු උවමනාවක් තිබුනා. ඒකට හේතුව ජයවර්ධන ආණ්ඩූවේ තිබූනූ එක්සත් ජනපද ගැතිබව.මොකද අසූවේ දශකයේ අග ඉන්දියාවේ මාස්ටර් උනේ සොවියට් රුසියාව. තමන්ගේ දෙපාමූළ ඉදන් තමන්ට කොකා පෙන්වන ජයවර්ධනව මෙල්ල කරගන්න රජීව් ගාන්ධිගේ Political wing එක LTTE භාවිතා කරා.
දැන් මේ වැඩේ කරගන්න නම් ලංකාව ඇතුළේ දේශපාලනික අස්ථාවරත්වයක් ඕන. ඒ වෙනුවෙන් ඉන්දියානූ රෝ ඔත්තු සේවය ලංකාවේ රජයට දැනෙන තැනකට ලොකූ ප්‍රහාරයක් දෙන්න කියලා TELO සංවිධානයට කීවා. TELO ප්‍රහාරක බලඇණී මේකට බෑ කීවා.
"අපි ඉන්නේ ආමි එක එක්ක ගහගන්න , අපිට බෑ ගෝල්ෆේස් එකට ඇවිත් සාමාන්‍ය මිනිස්සු මරලා යන්න ".TELO එක බෑ කීව කොන්ත්‍රාත්තුව ප්‍රභාකරන් භාර ගත්තා.
"අපිට කොළඹට ගහන්න බෑ තාම..ඒත් දැනෙන තැනකට අපි ගහන්නම්."
1985 මැයි 14 අනුරාධපුරේ ජයසිරි මහා බෝධියට , මන්නාරමේ LTTE අණදෙන නිලධාරී වික්ටර්ගේ ප්‍රධානත්වයෙන් ඇතුළු උනූ කොටි සටන්කාමීන් , සාමාන්‍ය වැසියන් 146 ඝාතනය කළා.
ඉන්දියාවේ පණිවිඩය ජයවර්ධනගේ ඉහමොළේටම ගියා. උතුරු දකුණු මාරු උනූ ජයවර්ධන , ඩෙන්සිල් කොබ්බෑකඩුව , සිරිල් රණතුංග , නලීන් සෙනවිරත්න කැඳවලා උතුර ආක්‍රමණය කරන්න අණ දුන්නා. Operation Libeation ඒ විදියට පටන් ගත්තා.ඒ...ජයසිරි මා බෝධියේ ඝාතනයෙන් අවුරුදු එක හමාරකට පස්සේ.
"යුද්ධයක්ම ඉල්ලපු ප්‍රභාකරන්ට යුද්ධයක්ම ජනාධිපති ජයවර්ධන ලබා දුන්නා.
දවස් පහකින් Operation Liberation phase 1 ඉවර කරගත්ත රජයේ හමුදාව වඩමාරච්චියට ඇතුළු උනා. ඊළඟ අදිරය ඇතුළේ ප්‍රභාකරන්ව බිත්තියටම හේත්තු කරපූ ආරක්ෂක අංශය උතුරට සැපයුනූ සැපයූම් ජාලා නැවැත්තුවා. කෑම ,බෙහෙත් නැතුව LTTE එක වගේම සාමන්‍ය වැසියනුත් තක්කූ මුක්කූ වුනා.
"ජයවර්ධන උතුරට සැපයූම් නවත්තලා .උතුරේ ජනතාව හාමතේ. ඉන්දියානූ රජය තමන්ගේ සුරතලා වෙනුවෙන් කට ඇරියා. එයාලා ඒ ප්‍රශ්නේ UN එකටම අරගෙන ගියා. "ජයවර්ධන කොටූ උනා. ඒ අස්සේ ඉන්දියාවේ රාජතාන්ත්‍රික මාර්ගයෙන් අති රහසිගත ලියූමක් ජයවර්ධනට ලැබුනා.
"ඔයා සැපයූම් යැව්වේ නැත්නම් , අපි ලංකාව ඇතුළට දැනූම් දීමකින් තොරව එනවා."
ඉන්දියාව තමන්ගේ මතය කීවා. කීවා වගේම ආහාර බෙහෙත් එක්ක නාවුක බලකායක් උතුරු වෙරළට පිටත් කරා. ලංකාවේ නාවික හමුදාව පෙර දැනූම් දිමකින් තොරව ලාංකීය සාගර සීමාවට ඇතුළු උනූ ඉන්දීය නාවූක යාත්‍රා ආපහූ අනෙක් පැත්තට හරවලා යැව්වා. ඒ එක්කම ආහාර , බෙහෙත් එක්ක ගුවනට නැඟුනූ ඉන්දීය හමූදා ජූනි 4 වෙනිදා දවල් 3:33 ඉදන් හවස 6:13 වෙනකන් අත්‍ය්වශ්‍ය භාණ්ඩ පැරෂූට් මාර්ගයෙන් යාපනයය ලබාදුන්නා.සැපයූම් අංශවලට සහයට ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා උතුරු අහසේ සැරිසරමින් හිටියා.
අතපය බැඳලා දාපූ ජයවර්ධන , ඉන්දීය ආක්‍රමණය හමූවේ ඔද තෙඳ බිඳුනු නායකයෙක් විදියට ජූලි මාසේ 29 වෙනිදා ඉන්දූ ලංකා ගිවිසූම අත්සන් කරා.Operation liberation මෙහෙයූමේ දෙවන අදියරය නවත්තපූ ලංකාවේ රජය ,උතුරට සැපයූම් නැවත යැව්වා.IPKF (Indian peace keeping force) එහෙම නැත්නම් ඉන්දීය සාම සාධක හමුදාව ඉන්දූ - ලංකා ගිවිසුම ප්‍රකාරව යාපනයට ගොඩ බැස්සා . එතැන් සිට සිදූවු සියල්ලම ඉතිහාසයට කලූ සුදූ අන්දමින් එක් වුනා.
ඡායාරූපය : 1987 ජූලි 29 දින ඉන්දූ-ලංකා ගිවිසුම අත්සන් කරන ජයවර්ධන සහ රජීව් ගාන්ධි.
No comments:
Post a Comment