ජෝන් එෆ් කෙනඩි !!!
ඒ තරම් කඩවසම් ජනාධිපති කෙනෙක් එක්සත් ජනපදයේ කවදාවත් ඉදලා නෑ.ඒ විතරද ජැකී කෙනඩි. ඒ කඩවසම් කමට කැපෙන සුන්දර බිරිඳ. මිලියනපතියෙක්ගේ පුතෙක් , සැප සම්පත් පිරුනු ළමා කාලයක්, නීතීධරයෙක් , Massachusetts ප්‍රාන්තයේ හිටපු කොන්ග්‍රස් සභිකයා . ඇයි ඒ විතරද සුරූපී මැරලීන් මොන්රෝගේ රහසිගත ආලවන්තයා.
මොනවගෙන් කියලා අඩුවක්ද ??
කියුබාවේ හිතුවක්කාර රැවූල් කාරයා කැස්ත්‍රෝ එක්ක හැප්පූනාට , පිළිකාවක් වගේ උඩුදුවන සොවියට් සමූහාණ්ඩූව ආම්බාන් කරගත්තට. ජෝන් එෆ් කෙනඩිට තමන්ගේ රටේ උඩු දුවන මාෆියා වෙළඳාමයි , වෘත්තිය සමිති සෙල්ලමයි දෙකම පාලනය කරගන්න බැරි උනා.
ඩලාස් ,ටෙක්සාස් වල මේ ආවරණය රහිත රථයේ තමන්ගේ බිරිඳ එක්ක යන මොහොතේ ඒ පාලනය කරගන්න බැරි උනූ හතුරෝ තමාට කොකා ගස්සන බව ඒ වෙනකොට ලෝකේ ලොක්කා උනූ කෙනඩිට තේරුනේ නැතිවෙන්න ඇති.
අවුරුදු 46 විතරක් ජිවත් වුනූ ජෝන් එෆ් කෙනඩි ,තවත් අවුරුදු සීයකට හරියන්න මතක ගොන්නකුයි , රහස් තොගයකුයි හංගගෙන ඉතාලියන් Carcano රයිෆල් උණ්ඩ තුනකට බිලි උනා. එතනින් ඔලුවටම ඇතුළු උනු උණ්ඩයෙන් කෙනඩි සදහටම දෑස් පියාගත්තා.
ඡායාරූපය : ජෝන් ඇෆ් කෙනඩි, ඩලාස් හි වෙඩි වැදිමකට මොහොතකට පෙර. පසෙකින් සිටින්නේ ඔහුගේ බිරිඳ ජැකී කෙනඩි.
👍
ReplyDelete