ගැමුණුගේ මේ මතක පදය සැහෙන්න මාව කුල්මත් කරපූ සංවාදයක්.වාමාංශිකයෝ එහෙම නැත්නම් කාර්ඩවරු කියන්නේ වේලුනූ, තද, ගොරහැඩි , හැඟිමෙන් දැනිමෙන් තොර අයයි කියන මතය කොයිතරම් වැරදිද කියලා පැයයි විනාඩි හතළිහක් ඇතුළේ පුබුදු සහෝදරයා විස්තර කරනවා.
ඔහු ඉතාම විධිමත්ව 2011 ජවිපෙන් සිදුවූ විඛණ්ඩනයත් , ඔහු වැනි අසූවේ ජවිපේ දෙවැනි විප්ලවයෙන් පසූව දේශපාලනයට පැමිණි අයගේ දේශපාලන පෙළඹවීම පැහැදිලිව ක්‍රමවත්ව ඉදිරිපත් කරනවා.
ඒ හැමදේකටම වඩා නුවර ගැන නුවර සංස්කෘතික ජිවිතය ගැන ඔහුගේ මතකය හදවත පාරන තරමට වේදනාවක් ගෙන දෙනවා. ඇයි එහෙම නුවරක් අපට ඉතිරි නොවුනේ කියලා හිත දුකෙන් බර වෙනවා.
පසුසටහන : -
පුබුදු සංවාදෙ ඇතුළේ ජෝන් ලෙනන්ව උපුටලා මෙහෙම කියනවා
"මිනිස්සූ ඉන්නේ ආදරෙ කරන්න .බඩූ භාණ්ඩ තියෙන්නේ පාවිච්චි කරන්න.ඒත් අපි ගොංබූරුවෝ වගේ බඩූ භාණ්ඩ වලට ආදරය කරලා මිනිස්සු පාවිච්චි කරනවා." එයාට කොමියුනිස්ට් ප්‍රකාශනයටත් වඩා වැදුනේ ඒක කියලා සංවාදේ ඉවර කරනවා.
මනුවා;
ReplyDeleteඔබ බ්ලොග් අඩවියක් ලිවීමම අප්ට මහත්වූ සතුටක් ගෙන දෙන කාර්‍යයක්.
ලියන්න දිගටම ලියන්න.
ඔබේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ ප්‍රදර්ශණය කොට ඇත.
ස්තුති සහෝදරයා
Delete