Skip to main content

ඩුප්ලිකේට් ජාතික වීරයා - ඩී.ආර් විජේවර්ධන

  මාර්ටින් වික්‍රමසිංහගේ උපන්දා සිට පොතේ එක තැනක ලේක්හවුස් අධිපති ඩී.ආර්.විජේවර්ධන ගැන මෙහෙම කියනවා

(පිටුව 275)


"වික්‍රමසිංහ ඉරිදට පැයක් දෙකක් ප්‍රමාද වෙලා වැඩට එන්නේ ඇයි ? විජේවර්ධන තරහෙන් ප්‍රශ්න කළේය. "ඔහු මිනිසුන්ගෙන් වැඩ ගැනිමට උපන් ශුරයෙකි."


වික්‍රමසිංහ විසින්ම මිනිසුන් තලා පෙළා වැඩ ගැනිමේ සමර්ථ විජේවර්ධන විසින් "වික්‍රමසිංහ එකල ස්වදේශ මිත්‍රයා පත්‍රයට අධිකරණ ප්‍රවෘත්ති නම් ලිපියක් ලියමින් සිටින විට විජේවර්ධන ඔහු කැඳවා එය නැවැත්විමට නොකියා කිව් බවත් " (පිටුව 264) 

එකල දිණමිනේ කතු මඬුල්ලෙන් ඉවත්ව සිටි වික්‍රමාරච්චිගේ නිවසෙන් ඉවත්ව යන ලෙස  ඉඟි කළ බවත් (පිටුව 264)  

ඔහු ලියා ඇත. 

කොග්ගල මහා ප්‍රාඟ්ඟ්දයාට පවා දැවැන්ත ධනපති පංතියේ වැජඹෙමින් හුන් ඩී.ආර් විජේවර්ධන සමඟ ගනුදෙනු කරන්නට උනු ආකාරය එයයි.

එමෙන්ම සමසමාජ පක්ෂ කෙරෙහි ජනයා බිඳවැට්ටවිමේ අරමුණෙන් අවිස්සාවේල්ලේ පියෙකු විසින් තම දියණිය දූෂණය කිරිම අලලා කතුවැකියක් ලිවිමට විජේවර්ධන විසින් වික්‍රමසිංහව උසිගැන්වූ බවත් එයට තමා අකමැතිව නුවරඑළියේ නිවාඩුවක් ගත කරන විට ඇලෙක්සැන්ඩර් වැලිවිට ලව්වා විජේවර්ධන සිය සිතැඟි ඉටුකරගත් බවත්  වික්‍රමසිංහ ලියා ඇත.(පිටුව 327)


එමෙන්ම එකල එංගලන්තයෙන් පැමිණ කතෝලික ආගම අතහැර බෞද්ධාගම වැළඳගත් හොරගොල්ල බණ්ඩාරණායක මහමුදලිගේ පුත් සොලමන් වෙස්ට් රිජ්වේ  ඩයස් බණ්ඩාරණායක පිළිබඳ දරුණු කතුවැකියක් ලියවිමට තමාට අවශ්‍යයැයි පවසමින් 

"බණ්ඩාරනායක තදින්ම විවේචනය වන විදියටයි කතුවැකිය ලියන්න ඕනෑ " (පිටුව 326) යනුවෙන් පැවසූ බවද සඳහන් වේ.


මා මෙහි පිටු අංක සමඟම ලියාදැක්වීවේ එහි නිරවද්‍යතාව තවත් පාර්ශවයකට පරීක්ෂා කිරිමට ඉඩ තබමිනි.


මෙලෙස මිනිසුන් පෙළමින් , ශූර ලෙස කපටි ලෙස ව්‍යාපාර කරමින් හූන් සේදවත්ත වලව්වේ  තුන්වන පිරිමි දරුවා 48 නිදහස් වීරයෙක් වීම තරම් සරදමක් තවත් නැත.


පත්තර මෙරට ආන්ඩූ කෙරු යූගයේ ලේක්හවුස් වැනි ආයතනයක මුලසුන දැරු විජේවර්ධන කවදත් අනුගමනය කළේ ඉංග්‍රීසී පිළිවෙතයි  . එකල ඩේලි නිව්ස් වාර්තාවන් බොහෝමයක් ගැටගැසී තිබුනේ බ්‍රිතාන්‍ය නිදහස අනවශ්‍යය යන තර්කය මතයි. ඔහු කොතරම් ඉංග්‍රීසී ගැත්තෙක්ද නම් එකල බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ අයෙක් මෙරය සංචාරය කළ විට නවාතැන් සැපයිමේ සිට සියලූ පරිවාර කටයුතු කළ ඇත්තේ විජේවර්ධනයි. 


එකල යම් හෝ ජාතික ඇල්මක් සහිතව කටයුතු කළ ඩී.බී ජයතිලකට කැළණියේ දුරුතු පෙරහැර මත පිහිටවා වික්‍රමසිංහ යොදවා විවේචනය කළේ විජේවර්ධනයි. 



ඉංග්‍රීසීයෙන් ඉගෙනගත් , ඉංග්‍රීසීයෙන් කල්පනා කරමින් සිංහල භාෂාවට හිමිතැන දියයුතුයැයි පත්තරකාරයින් උසිගන්වමින් ලියෙව්වේ මේ විජේවර්ධනයි. 


සියල්ල අවසානයේ රංජිත් විජේවර්ධනගේ විජය ප්‍රවෘත්ති පත්‍රි සමාගමේ මුද්‍රණයවන විජය පුවත්වතේ 1948 ජාතික වීරයෝ හඳුනා ගනිමුයැයි පළවූ ලීපියේ බෝතලේ වලව්වේ ඩී.ඇස් සේනානායකට එහායින් වු පින්තූරයේ හුන්නේ ඉහතින් වු සියල්ල කල සේදවත්තේ ඩී.ආර් විජේවර්ධනයි.


ඔවුන්ගේ ධනයට ,බලයට ඉතිහාසය පවා විකෘති කිරිම ඛේදවාචකයක් නොවේද ??


මනුජය තෙන්නකෝන්

Comments

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...