20 හවස අපි කීවෙ , අපි මේක දිනන්න ඕන ඡන්දයක් කියලා.අපි එන්නේ දිනන්න කියලා.
කිසිදා නොවූ අයුරෙන් ඒ ජය පෙනෙමින් ඇත. විශ්වාසය , බලාපොරොත්තුව
මැදින් අප සතුටු වන්නෙමි.
මේ තියෙන්නෙ සෙල්ලම් හීනයක් නෙවෙයි. පරම්පරා තුනකට බලන්න බැරි උනු හීනයක්, පරම්පරා හතකට සිහිනයක් ලෙසවත් දකින්න දුර හීනයක්. ඒ හීනය !! මහින්ද පත් කළ , සිරිසේන ජනාධිපති කළ , ගෝඨාභයව වේදිකාවට ගොඩකළ , ජනතාව විසින්ම තඹුත්තේගම අනුර කුමාර දිසානායක මෙරට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවන විධායක ජනාධිපති ලෙස මේ මොහොතෙත් පත්කරමින් සිටි.
පශ්චාත් බල හුවමාරුව වික්‍රමසිංහ සමඟ අනුර දිසානායක සුමටව සිදුකරගනු ඇත. ඉදිරි දේශපාලනික පියවරත් , එය සිදුවිය යුතු ආකාරයට වනු ඇත. අනුර කුමාර විසින් අමාත්‍යාංශ ලේඛම්වරුන්ව පත්කර පාර්ලිමේන්තු මැතිවරණ තෙක් ගමන් කරනවාද ? නැතිනම් දිනේෂ් ගුණවර්ධන ප්රමුඛ කැබිනෙට්ටූව විසුරුවා නව අගමැතිවරයෙක් / අගමැතිනියක් පත් කරගන්නවාද යන්න ජා.ජ.බලවේගයේ දේශපාලන මංඩලය තුළ මේ මොහොතේ සාකච්ඡා වෙමින් තිබේ. ඇඳීරී නීතිය බොහෝවිට අද සවස් යාමය තෙක් දිර්ඝ කල හැකි අතර අභිනව ජනාධිපති අනුර කුමාර තව නොබෝවේලාවකින් ජාතිය අමතනු ඇති.
3% ඡන්ද පදනම මත වසර පහක් සිටිමින් අපවාද , අපලාද , උපහාස ,අපහාස සහ ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ ජා.ජ බලවේගය ඔවුන්ගේ දශක දෙකක් පුරාවට තම හොඳම රේස් අශ්වයා වූ අනුර කුමාර, ඔවුනගේ ඉස්තාලයෙන් මුදාහැරියේ ය. දැන් ඔහු තම සටන්කාමී තරගයේ අවසන් වටය දුවමින් සිටි.
මෙය මෙරට වසර 76 තුළ සිදුවූ සුවිශේෂම දේශපාලනික පරිවර්තනයයි.යුග ගණනක් නොහැකී වූ , ඒ වෙනුවෙන් දහස් ගණනින් ජිවිත පුද කෙරූ , තරුණ රුධිරය කැප කෙරූ. සියල්ල වෙනුවෙන් ඔවුනගේ දිනය උදා වී ඇත.
ආදරණීය මිතුරනි වෙනසක් සිදුවී ඇත. දේශපාලනික මොහොත එළැඹී ඇත.
ඉතින් අප දිගටම සටන් කරමු. වඩා හොඳින් වැඩ කරමූ , තවත් හොඳින් මුවහත් වෙමු , වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මේ පෙරලු පස මත සරු බීජ ඉසිමු.
ජනතාවගේ හීන අමු අමුවේ සොරකම් කළ පාදඩ දේශපාලකයිනි, නුඹලා බිඳ නොහෙළෙන්නෙ යැයි උස් හඬින් කිව් බලකොටු බිඳී ගොස් ඇත.මහ මන්දිරයෙන් මහාපාරට බලය හුවමාරු වී ඇත. බැසීටීලය බිඳදැමූ මිතුරනි ....මේ ගෞරවය නුඹටමයි !!!!
Comments
Post a Comment