මීට වසර දෙකකුත් මාස පහකට උඩදි , ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ රජයත් , ආණ්ඩුවත් විධායකයත් පුටුවක එල්ලලා පස්සහ දොරෙන් එළියට ගිය මොහොතේ , වික්‍රමසිංහ ආණ්ඩූව අතට ගත්තහම , දිනයක් විදියට 2024 මැයි මාසේ 24 මා ඉංග්‍රීසි භාෂාවෙන් ලීව් Ranil should Stay (රනිල් සිටිය යුතුයි) ලිපියත් , ඉන් වසරකට පසුව නැවත අනුප්‍රාප්ති ජනාධිපති වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණය පවත්වනවාද නැද්ද යන්න උඩ හොල්මන් කරන විට , එයත් දිනයක් වශයෙන් 2024-05-24 දින මා ලීව් "අනුර වෙනස් විය යුතුයි " ලිපියෙනුත් මා , මාගේ දේශපාලනික කියවීම විවරණය කළෙමි. එහිදි පක්ෂයක නොඉඳ ,පුද්ගලවාදි නොවී, දේශපාලනික ආවඩන්නෙක් නොවී. මොහොතේ අවශ්‍යතාව පිළිබඳව ලියා ඇත්තෙමි. රනිල් අවශ්‍යය නම් අවශ්‍යයැයි කීමටත් , අනවශ්‍ය නම් ගෙදර යන්නැයි කීමටත් අපට පුලුවනි. හේතුව නම් වික්‍රමසිංහ හෝ කිසිවකු අපට අනුග්‍රහය නොදක්වා ඇති බැවිනි.
උක්ත ලිපි දෙකෙන් පසුව පසුගිය සැප්තැම්බර් 10 සිට 18 වන දින තෙක් ලිපි තුනක් ලියා ඇත.
ෆ්‍රොයිඩියානූ ලිස්සා යෑම
ප්‍රේමදාසගේ ප්‍රසංගය
සංස්කෘතියක අවසානය
ඒ ලිපි තුනම සෙනසුරාදා එලැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කොට ලියූ ඒවාය. පහත සටහන 21 දිනට පෙර ලියනු ලබන අවසන් ලිපියයි. මේ ලිපිය මේ මොහොතේ දේශපාලනික වෙනසක් , පරිවර්තනයක් සහ පුනරුදයක් බලාපොරොත්තුවන්නා වූ මා වැනි , වැඩ කරන තරුණ සමාජයේ මතය පිළිඹිබුවේ යන උපකල්පනයේ මත පිහිටවා ලියමි.
එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව අපට රජයේ රැකියාවක් අනවශ්‍යය. නමුත් කාර්‍යශීලී , විධිමත් රජයේ සේවයක් නම් අපට අවශ්‍යය. මෙතෙක් සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යායවරුන් එයට අසමත් වූ බැවින් අප වෙනසක් සොයන්නෙමු.
එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව අපට නොමිලේ සහන මල්ලක් හෝ රු.10000 , තහඩු දෙකක්, පොහොර ගෝනියක් හෝ වැසිකිළි පෝච්චියක් අනවශ්‍යය . නමුත් ඕනෑම සමාජ තලයක මනුෂ්‍යයකුට තම අවම අවශ්‍යතා හෝ පිරිමසාගත හැකි ආර්ථිකයක් අවශ්‍යය. ගොවින්ට මැසි තෙල් බී මැරෙන්නට සිදුනොවන දිනයක් අවශ්‍යය. මෙතෙක් හුන් කිසිවකු මෙහි අසමත් වූ බැවින් අප වෙනසක් සොයන්නෙමු.
එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසූ අපට අපේ පාර, පාලම , බෝක්කුව , සමූපකාරය අලුත්වැඩියාවට ප්‍රාදේශීය ලේඛම්, සංවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලකයින් සොයා යා නොහැක, ඔවුන්ට දණ්ඩ නමස්කාර කිරිමට නොහැක ,නමුත් අලුත්වැඩියාවන්, ග්‍රාම සංවර්ධනයන් රජයේ වගකීමක් , වගවීමක් වග තේරුම්ගත් නිලධාරී පැළැන්තියක් සහ ක්‍රමවේදයක් අවශ්‍යය . නැතිනම් පාරක් තොටක් සංවර්ධනය කළ විගස , බැනර් දමා නම් ලැයිස්තුවකට ස්තුති කරන්නට සිදුවනු ඇත. එවන් දේ අප නොකරන්නෙමු. ඔබලා එයට අසමත් වූ බැවින් අප වෙනසක් සොයන්නෙමු.
එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව අපට ගුරු පත්වීමක් , මාර්කට් එකක කඩයක් , පොළක වෙළඳාමට ස්ථානයක් , ත්‍රීවීල් රථ ගාලක නැවතුම් ස්ථානයක් , පාරක කොන්ක්‍රීට් කොන්ත්‍රාත්තුවක් , බදූ දැළෙන් රිංගා යාහැකි අත යට ගනුදෙනුවක්,වගුරු බිමක හෝටලයක් හදන්න බිම් කඩක් , සුරාසැල් බලපත්‍රයක් ,වැලි ගොඩදැමිමේ, පැටවිමේ ,ප්‍රවාහනයේ බලපත්‍රයක්, දුර ගමන් බස් රථයකට මාර්ග අනුමැති බලපත්‍රයක් , ආයතන අධ්‍යක්ෂ තනතුරක් හෝ අඩූම ගානේ රජයෙන් ගොවියන්ට බෙදන්න ගෙනා එළදෙනක්වත් අනවශ්‍යය .
.නමුත් අපට දැනුමැති , යාවත්කාලීන උනු ගුරු පරපුරක් , විනිවිදභාවයෙන් යුක්ත , සාධාරණ එහෙත් තරගකාරී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක්, ඕනෑම උපයන්නෙක්ගෙන් බදු නිශ්චිතව අයකරන ඩිජිටල්කරණය වුනු ක්‍රමවේදයක් , සංවර්ධනයට යෙදෙන ජනතා බදු මුදල් භාවිතය පිළිබඳව විගණනයක් , පාරසරික ගැටලූ සඳහා දේශපාලනික නොවන විශේසඥ විසඳුමක්, දූෂණ සිදු නොවිමට ක්‍රම සහ පාලනයන් (process and control ) යෙදූ ලාභ ලබන (දේශපාලන හෙංචයියන් නොව රජය ) සුරාබදු ආයතනයක් , රජයේ සංස්ථා , බැංකු , දෙපාර්තමේන්තු හි උසස් තනතුරු සඳහා දේශපාලනික පත්වීම් වලින් තොර ඇකඩමියානු හෝ වාණිජ ව්‍යාපාරහි දක්ෂයන් සහ නවසීලන්තයෙන් ගෙනෙන කිරි එළදෙනුන් මොණරගල විජිත් වියමුණි සොයිසාගේ ගෙදරට නොයවන සැලසුම්සහගත ක්‍රියාවලියක්. මේ කිසිවක් නුඹලා නොකළ නිසාවෙන් අප වෙනසක් සොයන්නෙමු.
තරුණ අපට පත්වන ආණ්ඩුවකින් තඹ දොයිතුවක් අනවශ්‍ය , නමුත් සුරක්ෂිත රටක් අවශ්‍යය .දහනමවන සියවසේ අවසානය එක්සත් ජනපදයේ ඇති වූ American Dream පන්නයේ ඕනෑම ශ්‍රීලාංකිකයකුට ජාති ආගම් භේදයකින් තොරව කුසලතාවයෙන් ඉහළට යාහැකි ඉණිමඟක් නිර්මාණය කල යුතුය . රටේ සාමාන්‍ය පවුලක ඉපිද , රජයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපන ලබා , දේශපාලනය කොට , රටේ ජනාධිපති ධූරයට පිවිසිය හැකි රටක් නිර්මාණය කළ යුතුය . එය කිරිම දශක හතක් තිස්සේ නුඹලා කරඇරියේය , ඒ නිසා අප වෙනසක් සොයන්නෙමු.
පත්වන ආණ්ඩූවකින් , කිසිත් නොපතන අප එහෙන් මෙහෙට පනින , පත්වෙන පත්වෙන ආණ්ඩූවේ ඔඩක්කයේ සැප විඳිනා, එහෙන් මෙහෙට , මෙහෙන් එහෙට වාසි ලබන ගම් මට්ටමේ සිට අමාත්‍යාංශ තනතුර තෙක් විහිදුණු දේශපාලනික සංස්කෘතිය අවසන් කළ යුතුය. පක්ෂය , පක්ෂයේ නායකයාගේ තීරණය , පක්ෂයේ පාට නොබලා පවතින දේශපාලනික මොහොත තේරුම් ගතහැකි මිනිස්සූන් අවශ්‍යය . නුඹලාට ආණ්ඩූ හතකින් එය සිදුකිරීමට නොහැකිවිය. ඒ නිසා අප වෙනසක් සොයමු.
අනූප්‍රාප්තික ජනාධිපති වික්‍රමසිංහය විසින් අද සවස නිකුත් කළ පණිවිඩයක් කියා සිටියේ
"මේ රට හැමදාම කරේ අත්හදා බැලිම් කරපූ එක. ඒ අත්හදා බැලිම් හරි ගියාද ?"
වික්‍රමසිංහ හොඳින්ම මතකයේ තබා ගන්න අවශ්‍යය කාරණය 1977 සිට 2024 තෙක් අත්හදා බැලීම් කර තිබුනේ ඔබේ පැළැන්තිය තුළ පමණි. ඔබගේ පක්ෂය , පන්තිය සහ ප්‍රතිපත්තිය ඒ තුල අසමත් බව ඕනවටත් වඩා දැන් සනාථ කර අවසන්. මේ අත්හදා බැලීම වික්‍රමසිංහගේ කඳවුරෙන් පිට අත්හදා බැලීමක් නිසා ඔහූගේ කලබලය මට අවබෝධ කරගත හැක.ඔහුගේ පරාජිත වියරුව මැන ගත හැක.
අවසානයේ !!! උසස් කඳවුරෙන් ජනතාවගේ පාලනයකට බල පෙරළිය සිදුවිය යුතුයි. 22 උදෑසන උදාවන්නේ ඒ බලපෙරළිය සමඟ බව අපගේ විශ්වාසයයි.
21 සටන දිනිය යුතුයි . කිසිදූ වාසියක් , වරප්‍රසාදයක් නොලබමින් , නොපතමින් මේ සටන වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මාලිමාව ජයග්‍රහණය කරවිය යුතුයි. සුවහසක් වූ තරුණ හදවත් වෙනුවෙන් එය මා මෙසේ ලියා තබන්නෙමි.
Comments
Post a Comment