වික්‍රමසිංහ මේ ඡන්දේ පටන් ගත්තේ වැලිකතර ෆිල්ම් එකේ ගෝරිං මුදලාලි වගේ එයා කීවේ
"ආසියත් මං ළඟ , බුරුවත් මං ළඟ , නමයේ කොළෙත් මං ළඟ . මොකද කියන්නේ අත වහලා ගහමුද ?"
කියලා. ඒත් වික්‍රමසිංහටත් හිතාගන්න අමාරු විදියට මේ සෙල්ලම වෙනස් උනා.එයා හිතුව උසස් මධ්‍යම පංතියත් කඳවුර අතාරින්න පටන් ගත්තා. දැන් භූමියේ වාසිය අනුරට ඇවිත් . අනුර ඇතුළු කණ්ඩායම අන්තිම මාස දෙකේ නිවැරැදි දේ කියමින් , නිවැරැදි දේ කරමින් , තමන්ගේ මැතිවරණ සැලැස්මට පිටින් දෙයක් නොකියා , නොකර ප්‍රවේශම් වුනා. අනුර මේ සටන මේ විදියටම 21 රෑට ඉවර කරන්න බොහෝ දුරට ඉඩකඩ තියනවා. අන්තිම දවස් දෙකත් තුනත් තීරණාත්මකයි තමා ඒත් පාවෙන ඡන්ද කිහිපයක්ම හැරෙන්න දකුණේ බහුතරයක් මාලිමාවට බලයක් දෙන්න ඕන කියන මතයට ඇවිත් කියන එක රහසක් නෙවෙයි .
ඕනනම් ප්‍රේමදාසව තව සජීවී වැඩසටහන් දෙකකට ගෙන්න ගන්න පුලුවන් නම් ( 18 පස්සේ ප්රචාරක ක්‍රියා නවත්තන්න වෙන නිසා උපරිම වැඩසටහන් දෙකකට ඉඩ තියෙන්න පුලුවන් ) තව ඡන්ද ප්‍රමාණයක් මාලිමාවට එක්කාසු කරගන්න පුලුවන් .
මේ සටනේ අවසානය කුමක් උනත් , හදිසියේ හමාගෙන ආ..මේ ජන ප්‍රවාහය ගැන මට පෞද්ගලිකව සතුටු වෙන්න පුලුවන් . තක්කඩි හොරු වෙනුවට , තමන්ගේ තමන්ගේ දරුවන්ගේ හීන හොරාකාපූ වංචාකාරයෝ වෙනුවට මධ්‍යස්ථ දේශපාලනික මතයකට ජනරාශියක් ගොඩනැගීමම සාධනීය කරුණක් නෙවෙයි ද ? අවුරුදු හැත්තෑපහක් තිස්සේ අවම මානව පරිභෝජනයක්වත් හදලා දෙන්න බැරි උනු කොමිස් කාක්කෝ ටික ගෙදර යවන්න ඕන කියන එකම ප්රගතිශීලී කාරණයක් නෙවෙයි ද ? එක පැළැන්තියක් විතරක් සැප විදින , ආර්ථික ප්රතිලාභ ලබන අසමමිතික ආර්ථික ක්‍රමයකට, නීතී පද්ධතියකට , ව්‍යාකූල අධිකරණ පද්ධතියක් වෙනස් කළ යුතුයැයි කීවා පැසසුමට ලක්වෙන්න අවශ්‍ය කරුණක් නෙවෙයි ද ? රජයේ ආයතනවල පෝලිම් මැද , පැය ගණන් , දින ගණන් දුක් විදගෙන රජයේ කාර්යන් කරගෙන , පොල් පටවපු බස් එකක , වෙලාවට නොඑන කෝච්චියක එල්ලිලා , වීදී ලාම්පුවක් වත් නැති පාරක ගෙදර ඇවිත් නොකා නිදා ගන්න ජීවන විලාසය වෙනස් කරගන්න ඕනැයි කියන එක දියුණු මානව ලක්ෂණයක් නෙවෙයි ද ??
මින් ඉදිරියට කිසිදූ දේශපාලනික ව්‍යාපාරයකට ඒක රාජපක්ෂගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙන්න පුලුවන් , සිරිසේන ගේ සැලැස්ම වෙන්න පුලුවන් , වික්‍රමසිංහගේ කූට නාටකයක් වෙන්නත් පුලුවන් , ප්‍රේමදාසගේ විගඩම් රූකඩ සංදර්ශනයක් වෙන්නත් පුලුවන් ඒ වගේම අනූරගෙ පාරම්භානා දේශපාලන දර්ශනයක් වෙන්නත් පුලුවන්.මේ කිසිම දේකට දේවත්වයෙන් නොසලකා ඔවුන් නියෝජිත ප්රජාතන්ත්රවාදයෙන් පත්වන අපගේ නියෝජිතයෝය, අප වෙනුවට පාර්ලිමේන්තුව නියෝජනය කරනා අපගේ සේවකයෝය යන්නෙන් සැලකීම වඩා නැණවත් වේ . මෙහි මට තේරුම් ගතහැකි තව කරුණක්ද ඇත . මිනිසා දේශපාලනික සත්වයෙක් වුවද ,දේශපාලනය ග්‍රහණය කරගැනිම අතින් මිනිස්සූ අහසට පොළොව විය හැක. නමුත් දේශපාලකයා යනූ තමාගේ සේවකයා මිස දිව්‍ය පුත්‍රයා නොවන වගෙ තේරුම් ගැනිමට මහා බුද්ධියක් අනවශ්‍යය.
මේ දේශපාලනික භූමියේ අවලස්සනම , අවීනීතම සහ අශීලාචාරම සංස්කෘතිය වන පිල් මාරු කිරිම ජනතාව තුළින්ම ප්‍රතික්ෂේප විය යුතුය. ඒ සඳහා අවශ්‍ය නෛතික රාමුව පසුව ගෙන ආයුතු අතර සදාචාරාත්මක ප්‍රතික්ෂේප කිරිම ජනතාව තුළින්ම සිදුවිය යුතුය .ජයග්‍රහණයේ වාසියට බෙල්ල නමන්නා ආත්මය පාවාදෙන්නකු මිස අන්කිසිදූ සමාජ ගෞරවයක් නොඉසුලවනු ඇත.
රටේ බුද්ධිමතුන් , විද්‍යාර්ථයින් , ආයතන ප්‍රධානින් , විශ්ව විද්‍යාල උපාධිදාරීන් , පර්යේෂකයන් , පරිපාලන ප්‍රධානීන් බුරුතු පිටින් රට හැර ගොස් ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ මගේ පිඨයේ මිත්රයින් රාශියක් පිටවී ගොස් හමාරයි. ඒ මේ රටට අවශ්‍යයම සම්පත් , මානව සම්පත් , දැනුමේ කේන්ද්‍රය බලයන්. ඔවුන්ට නිවැරදි පිළිගැනිමක් , වැටුපක් , සමාජ තත්වයක් මෙරට නොමැති නිසාවෙන් එසේ රට හැර යාමත් , නැවත නොපැමිණීමත් අතිශයින්ම ඛේදජනක කරුණකි. ඔවුන් වැනි ඇකඩමියානු බුද්ධිමතුන් සහ පරිපාලනයේ අත්දැකීම් ඇත්තවුන් පිටව යාමෙන් ඇතිවන රික්තකය පුරවා දමන්නේ සාම්ප්‍රදායික දේශපාලනික වහල්ලුන් විසිනි. රට හැරගියවුගේ දමා ගිය තනතුරු දරන්නේ ඒ සඳහා අඩියකවත් සුදුසුකමක් නැති දේශපාලනික සට්ටඹිරාළලා විසිනි.
තව දින තුනකින් හෝ හතරකින් සියල්ල විසඳෙනු ඇත. මේ මොහොත හොඳින් කළමනාකරණය කරන්නාට 22 සවස ජයපැන් පානය කළ හැකිවේ. වඩා වැදගත් වන්නේ ඒ ජයපැන් ඔවුන්ට ඡන්දය ලබාදෙන ජනතාවටද පානය කිරිමට හැකි තරමේ ජයක් වීමයි. හේතුව නම් පසුගිය දශක හත පුරාවටම ඒ ජයපැන් බීවේ එක්තරා පැළැන්තියක කොට්ඨාසක් පමණක් වීමත් ඡන්දය දූන් බහුතරයක් ලුණුයි බතුයි කමින් ඔහේ ජිවත් වී ඔහේ මියගිය ගණයට ඇතුළු වීමයි. දැන් ප්‍රේමදාස කල්ලිත් , වික්‍රමසිංහගේ නඩයත් කලබලවී හැඩක් පෙනෙන්නට තිබේ. එය ස්භාවික හැසිරීමකි. බලාපොරොත්තු වූ පිළිතුරකි. ඔවුන් තැතිගැන්විමට හැකිවීමමද ජනතා ජයග්‍රහණයකි . අපට වික්‍රමසිංහට කීමට ඇත්තේ නැවත වැලිකතරේ ගෝරිං මුදලාලි වික්‍රම රණ්දෙනියට කීව් දෙබසකි.
"මහත්තයා දැන් නේ පොඩ්ඩක් ඇහැරිලා ඉන්නේ. මෙච්චර කල් නිදාගෙන නේ උන්නේ"
මෙතක් නිදා සිටි ජනතාව වඩා හොඳ සමාජයක් වෙනුවෙන් 21 තෙක් සටන් කරමින් සිටි. වඩා හොඳ සමාජයක් !! වඩා හොඳ සමාජයක් !! වික්‍රමසිංහ , ප්‍රේමදාස නොදකින සමාජයක් !!
Comments
Post a Comment