Thursday, 5 September 2024
බන්දුල මේ....බොරු මරිසි දාන්න එපා
බන්දුල ගුණවර්ධන කියනවා ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ සමුළුවකදි එයාට IMF ප්‍රධාන නියෝජිතයා කීවලු
"ශ්‍රි ලංකාව මේ ගමන් කරන්නේ පිහිතල ඇතිරූ මාර්ගයක කියලා."
ඒ නිසා රනිල්ම තමා මේකට ගැළපෙන මිනිහා කියලා.කිසිදෙයක් අබමල් රේණූවක් වෙනස් නොකර මේ මාර්ගයේම නොගියොත් රට බංකොලොත් වෙනවයි කියලා.
දැන් මෙහෙම දෙයක් කීවම බන්දුල ගුණවර්ධනගෙන් අනෙක් පැත්තට අහන්න ඕන දැන් මේ පිහිතල අතුරපූ පාර හැදූවේ මමද , මගේ යාලුවෝද , මගේ රස්සාවේ යාලූවෝද , මගේ පාසලේ මිත්‍රයෝද , එහෙම නැත්නම් ඩී.ඇස් ගේ කාලේ ඉදන් උදේ දවල් වැඩ කරපූ කම්කරුවෝද , එක්ස්පෝර්ටින් සෝන් වල ඇඟිලි හිල්කරගෙන යන ඉඳිකටූ එක්ක දවසම බෙල්ල නමාගෙන මහන කාන්තාවෝද , රජරට වතුරත් නැතුව , පොහොරත් නැතුව හිතේ හයියටයි , බඩේ ගින්දරට වගා කරන ගොවියෝද , බෝට්ටු කියලා නමට තියෙන යකඩ ගොඩක ,යන්නේ කොහෙදවත් නොදැන බෙල්ලේ තියෙන කුරුසේ ඉඹලා මුහුදු රස්සාවට යන ධීවරයෝද ,උදේ ඉදන් වැස්සේ පින්නේ මහා හෙළක එල්ලිලා උදේ බීලා ආව කහට කෝප්පෙනුයි රොටියෙනුයි දවසම ඉන්න තේ දළු කඩන කාන්තාවෝද , මැදපෙරදිග ගෙදරක දවසම ඇඟ වැහෙන්න ඇදගෙන කරන්න ඕන වැඩ ඔක්කොමත් කරලා දත් කැඩෙන්න ගුටිත් කාලා ,ඇඟ ඇතුළේ ඇණත් පූරෝගෙන ලංකාවට එන ගෘහසේවිකාවෝද.
දැන් බන්දුල ගුණවර්ධන අපිට නොවුනත් IMF ලොක්කට මේක කියන්න ඕන.මොකද ඒ මිනිස්සූ උනත් හිතන්න පුලුවන් මෙච්චර මේ රට පාඩූ වෙන්නේ , 16 පාරක් IMF ඇග්රීමන්ට්ස් ගහලා මැදින් දාලා යන්නේ , කවදාවත් අය වැය හිඟය පියවන්න බැරි වෙන්නේ මේ රටේ මිනිස්සූ කකා බීබී , කන්න නැතත් හුළං බිබී කාලේ මර මරා නිදාගන්නවා ඇති කියලා. නෑ මේ රටේ මිනිස්සූ පරම්පරා දෙකකට කලින් ඉඳලම කරේ වැඩ කරන එක , දුක් විදින එක , දුකම අනූභව කරන ගමන් පොල් පටවපූ බස් එකක ගෙදර එන එක , ආපහූ නැඟිටලා උදේ ගිහින් බන්දූල ගුණවර්ධන වගේ මිනිහෙක්ට ඡන්දේ දීලා ආව එක.
කරන කරන වැඩේ නාලා , රටක මිනිහෙක්ට කැත නැතුව යන්න බස් සේවයක් , දුම්රිය සේවයක් හදන්න බැරි නඩයක් දැන් ආය කියනවා රට ස්ථාවර කරන්න අපිටම දෙන්න කියලා.
බන්දුල ගුණවර්ධන 89 ඉදන් පාර්ලිමේන්තුවේ , එයා චන්ද්‍රිකගේ ආණ්ඩුවෙත් ඇමති , රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති , මහින්දගේ ආණ්ඩුවෙත් ඇමැති අන්තිමට ගෝඨාභයගේ ආණ්ඩුවෙත් ඇමැති. පහුගිය කාලෙම රටේ මම මුලින් කීව ගොවියෝ , ඇඟලුම් සේවකයෝ , ධීවරයෝ , වතු කම්කරුවෝ , සුලු සේවකයෝ බිංදුවෙනුත් පහළට වැටූනට බන්දුලට එහෙම උනාද , එයා ටියුෂන් කරලා කියල් හරි හොයාගත්තම කියමූකෝ. එතකොට මහින්දානන්ද , රෝහිත අබේගුණවර්ධන , අනෙක් පැත්තේ ඩලස් , දීප්ති කියන විදියට හිරු කාර්යාලයේ බිම පත්තර කොළ දෙකක් උඩ නිදාගත්ත විමල් , චාමර ප්‍රසන්න , ගම්පහ ප්‍රසන්න රණතුංග . මේ නම් එකක්වත් බිංදුවකට තියා එක දශමයකින් ආර්ථික අවපාතයකට අහුවෙලා තියනවා ද ? ඔය එක නමකවත් තමන්ගේ " ළමයෙක්ගේ ටියුෂන් ගෙවන්න බැරිවෙලා රනිල් ළඟට ගිහින් මේ කාලේ හරි අමාරුයි සර් කියලා අතමාරුවක් ඉල්ලලා තියනවාද" ? සර් ගෙදර ණය වාරිකේ ගෙවාගන්න බෑ කියලා මහින්දගෙන් උදව්වක් ඉල්ලලා තියනවාද ? තමන්ගේ වාහනේට තෙල් ගහගන්න බැරි උනා කියලා බස් එකේ අමාත්‍යාංශයට ගිහින් තියනවා ද ? ඒත් ඔය හැම එකම මේ රටේ පහළ, මධ්‍යම පන්ති කරා , කරනවා , කරන්න වෙනවා.
බන්දුල ගුණවර්ධන විතරක් නෙවෙයි ඒ සාම්පලේ හැම හෙංචයියෙක්ම ගෙදර යවන්න ඕන. මේ මිනිස්සූ රටක ව්‍යවස්ථාදායකයට තියා මරණාධාර සමිතියක මුල් පුටුවවත් දෙන්න ගැළපෙන අප්පූහාමිලා නෙවෙයි. මුලූජිවිතේම තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් තීන්දු තීරණ ගත්ත , රට ආපස්සට හරවන්න හොඳටම තිබුන අවස්ථා හැමඑකක්ම පයින් ගහලා නැතිකරගත්ත. බන්දුල ඇතුළු ඔය නඩේ හැමෝටම කියන්න තියෙන්නෙ :"බොරු මරිසි දාන්න එපා !! ඔයාගේ මරිසි අපි හොඳට දන්නවා. "
Subscribe to:
Post Comments (Atom)
Jane Goodall සමුගනි.
ආචාර්ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...

-
විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජ...
-
ලොහාන් රත්වත්තේගේ මරණය සවනට වැටෙන විට මා සිටියේ කුලී ත්‍රීරෝද රථයක පිටුපස ආසනයේ. "ලොහාන් රත්වත්ත මැරිලා " යැයි මට නොදැනුවත්වම කි...
No comments:
Post a Comment