Skip to main content

ෆේස්බූක් ඔස්තාර්ලා

 නාට්‍යයක ළමයෙක් මහණ වෙලා , එහෙම උනාම හොඳ නෑලූ , හොඳලූ , අපලලු , කොල්ලා නියම ඇණේ ගැහුවලූ , උගේ අම්මලා ගොං ලූ , චරිතේ ඇගේ පැළවෙලාලූ නා නා ප්‍රකාර කතාන්දර , වෛද්‍ය පිළිසඳර , මනෝ විශ්ලේෂණාත්මක ලිපි , විචාර ලිපි, එකී මෙකී නොකී හැමදෙයක්ම ෆේස්බූක් එකේ. මේ ඔක්කොම නොදකින්න ඒ කොල්ලා නොහිටිය එකමයි හොඳ. නැත්නම් එකපාරට දෙපාරක් මහණ වෙලා , ළඟින් නෙවෙයි ෆේස්බූක් නැති තරම් දූරින්. 


ෆේස්බූක් තියන හෑන්ඩ්ෆෝන් එකක් ගමේ කුඹුරු කොටන ගමන් විටක් හපපූ සිරිදාසට හම්බඋන එකෙන් සිද්ද උනේ සිරිදාස රනිල් ට වඩා රනිල් ගේ සැලසූම් දැන ගත්ත එක , මහින්ද ට වඩා මහින්ද ගේ ඩීල් දැනගත්ත එක , මහ බැංකූ අධිපතිට වඩා සල්ලී අච්චූ ගැහීමේ ප්‍රතිවිපාක දැනගත්ත එක. ඒ ඔක්කොම දැනගෙන මහතැන් කෙනෙක් වගේ ඉන්නේ නැතුව මේ පළඟැටියා කරේ මේ හැමදේම ඉස්පිලි පාපිලි අඩූව දෙපාරක් නොකීවොත් කුණුහරපයක් කියලා පෙනෙන අකුරුවලින් ෆේස්බූක් එක පූරෝපු එක. 


මෙන්න මෙහෙම කාලයක් යනකොට සිරිදාස ගමටම උගතෙක් වෙනවා. ඒ එක්කම මහින්ද රජාට ඇන්දටත් වඩා සිරිදාස ෆේස්බූක් නුවණැත්තෙක් වෙනවා. රටේ ලෝකේ හැමදේකටම මගේ මතය නම් මේකයි කියලා සිරිදාස බේගල් ඇදබානවා. සිරිදාසගේ ෆේස්බූක් අනූගාමිකයොත් එහෙයි !! එහෙයි !! වියතානෙනි කියලා පෝස්ට් ෂෙයා කරනවා. තවත් කාලෙකින් අහස බලාගෙන ඉර අව්ව බිබී ඉදලා ගෙදර ඇවිත් නිදියන තවත් උං සිරිදාස වෙන්න හදනවා. ෆේස්බූක් පිරෙන්න අකුරු අමුණනවා. තෙල් ටැංකි දෙන්න තිබ්බේ මෙහෙම , චීන ආයෝජන එන්න නෙවෙයි ගන්න ඕන කියනවා , ජපන හපනා අපි ගොනා කියලා තඩි දුම්කොළ කෑල්ලල් කටේ දාගෙන චව් !! චව් !!! ගාල හපනවා. ලියාපූ පෝස්ට් එකට ලයික් වැඩි වෙලා කොමෙන්ට්ස් ඉහළ යනකොට කට ඇඹූල් ගතියට විට හැපෙනවා. කට රතු වෙලා මතක් ඔලුවට එනකොටම සිරිදාස අලූත් පෝස්ට් එකක් ලියන්න ගන්නවා. " ලංකාවේ අධ්‍යාපන ක්‍රමය " මහ අකුරෙන් මාතෘකාවකුත් දානවා. 


මේ වගේ සිරිදාසලාට අන් මත ඉවසන්න බැරි වෙන ලෙඩක් හෙමීට හැදෙන්න පටන් ගන්නවා. ඒක හෙම්බිරිසාවට වගේ පස්පංගුවක් බීලා ,සමහන් එකක් ඇරලා දාල හොඳ කරගන්න බැරි ලෙඩක් වෙනවා.තමන් ප්‍රසිද්ධ වෙන තරමට මේ ලෙඩේ හැදුනම අමාරු වෙනාවා. කොටින්ම එලොව යන්න තරම්ම අමාරු වෙනවා. මේ ලෙඩේ හැදුනම , ෆේස්බූක් එකේ තමන්ට බැනලා තියෙන කොමෙන්ට්ස් හොය හොය සිරිදාස පීරනවා. එකක් අහූඋනාම සිරිදාස ඒ බැනූම් කොමෙන්ට් එකේ අයිතිකාරයාගේ පවුලෙම පැටීකීරීය හොයාගන්නාවා. දැන් කරගැට කඩලා , රැල් බූරුල් කරගෙන සිරිදාස තමන්ට බැන්න මිනිහගේ අත්තා අත්තම්මා විතරක් නෙවෙයි , දීපංකර බුදුහාමුදුරුවන්ගේ කාළේ උන්න නෑයොත් අල්ලාලා අපහාස කරනවා. 

'උඹේ පුංචිගේ පුතාගේ මල්ලී අනූරාධපුර හිඟා කෑව නේ යකෝ !!"  කියලා සිරිදාස අපවාද නඟනවා. සිරිදාස වගෙව් ඇඳගත්ත , තමන්ගේ මතය ෆේස්බූකයේ කොටන ඔහූගේ මිත්‍ර ප්‍රජාවත් ,සිරිදාස තනි නොකර කොමෙන්ට්ස් කරනවා. හැමදේම ඉවර උනාම කකුලක් පිට දාගෙන නිදි කිරන ෆේස්බූක් සිරිදාසට මහා යුද්ධයක් දිනූවා වගේ හිතේනවා


දකින දකින දේ තමන්ගේ මත විදියට අනාගන ,ඇදගෙන , නාගෙන ලියන , පැළේ රොටියක් පිච්චෙන ගමන් රටේ ආර්ථිකයේ ස්වයං පෝෂිත බව ගැන මහා ඡේද ලියන උං දැක්කම උඩ ඉන්න දෙයිහාමුදුරුවන්ට උනත් දාඩිය දානවා. ඒ දාඩිය නිවෙන්න කියලා දෙයිහාමුදුරුවෝ මනුලෝකෙට වැඩියම ආපහූ අඳ හේනක කොනක ඉදගෙන ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තියේ ව්‍යූහාත්මක වෙනසක් කියලා සිරිදාස ෆේස්බූක් එකට ලිපියක් ලියනවා . මේවා දැක්කම දෙයි හාමුදුරුවන්ගේ උනත් ඉහමොළේ සීතල වෙනවා නවත්තන්න බැරි වෙනවා.










Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...