සල්ලීවලට පින


"මං නම් ලබන අවුරුද්දෙන් පස්සේ පංසල දියුණු  කරන් නෑ"වෙන කල්පනාවක හිටිය මට එක පාරටම ලොකු හාමුදුරුවන්  ගෙ කට හඩ ඇහෙනවා...පංසලේ තවත් දියුණු  කරන්න තියෙන්නේ මොනාද මං කල්පනා කරනවා..සිල් ගන්න එන මිනිස්සුන්ට  ඉන්න ධර්ම සාලාව හැදුවේ ගිය මාසෙක,වැසිකිළි  ටික හදලා වතුර අරන් දීලත් සැහෙන කාලයක්...පරණ  ඝාන්ඨාරය බිම දාලා අලුත්  එකක් හැදුවෙත්  මෑත කාලේ...හාමුදුරුවන්  ගේ වාහන දාන්න කියලා ගරාජ් එකක් හැදුවෙත්  මෑතකදී ,ඉතින් තවත්  කියලා මොනාද,මං හිතනවා...


                  මං අලුතෙන් නාන කාමරයක් හදනවා,වළාකුළු  බැම්මක් හදනවා හාමුදුරුවෝ  කියනවා ඇහෙනවා...එතකොට  තියන නාන කාමරේ,තියන බැම්ම...ඒවා..."පරණ එවා එහෙම්ම තිබ්බදෙන්" මං හිතපු එක තේරැනා වගේ හාමුදුරුවෝ  සද්දෙට කියනවා.නැති බැරි මිනිස්සූ බණ අහන එක පැත්තකින් තියලා කීයක් දෙන්න වෙයි ද කියලා හූල්ලනවා..

              කඨිනෙට 2000,නාන කාමරේට 750,බැම්ම ට 750,දානේ ගේන්නේ නැත්නම් 1500,තනි පඩියෙන් ළමයි 3 ඉස්කෝලේ ය්වලා කාලා ඇදලා ඉන්න පව්ලක් අසරණ  වෙනවා...සල්ලී නොදුන්නොත් නිරාගමිකයෙක් වෙනවා...ථෙරවාදී  බුදු දහමේ පදනම අත්හැරීම නම්  ඇයි මෙහෙම  පොදි ගහන්නේ...මට හිතා ගන්න බැරි වෙනවා...හදන්න හදන්න හාමුදුරුවෝ න්ට උනත් ආසා හිතනවා ඇති   මට ඒමත් හිතෙනවා....

                 අතේ ඇගිලි පහ එක වගේ නෑ නේ..උපන් දින සාද ගන්න හාමුදුරුවෝ  ඉන්න රටේ අපේ හාමුදුරුවෝ  වාසනාවන්...ඒ වගේම වේලක් වලදලා ධර්මය  ප්‍රචාරය   කරන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නෙත් මේ රටේ මයි ...

             බණ ඉවරයි ..."අත් හැරිමෙන් සැනසීම ලැබේ"හාමුදුරුවෝ දේසනා කරලා "ලබන සතිය වෙනකොට ආධාර සපයන්න" කියනවා..අත්තම්මා  කෙනෙක් සාධු  කියනවා...

    මාත් ගෙදර  ඉදන් සාධු  කියනවා.

Comments

  1. අම්මෝ ඔහොම නිරාගමික වෙන්න එපා . කියක්‌ හරි දීලා දාන්න හේ හේ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මෝඩම මෝඩ තරිඳු