දුර්මත දුරුකරමු.
මාලිමා රජය විසින් ගෙන ආ Penal Code (Amendment) පිළිබඳ ගුරුවරු කිහිපදෙනෙක් තමන්ගේ අප්‍රසාදය මුහුණුපොතේ මුදාහැරලා තිබුනා.එතනින් කීපදෙනෙක් කියලා තිබුනා "අදින් පස්සේ නම් අපි ඉගැන්නූවා ,ගෙදර ආවා වගේ කතාන්දරයක්." ගුරුවරුන්ට ඒ පනත එක්ක දැනෙන අනාරක්ෂිතබව මට තේරුම් ගන්න අපහසු නෑ.හේතුව ළමයි (අවුරුදු 18 අවම) පිළිබඳ තීරණයක් කරළියට ආපූ ගමන් ඒ ගැටලූව/තීරණය හැඟිම්බරව සමාජයේ කතිකාවට ලක්වීමේ ඇති අවදානම. හැබැයි පනතේ මූලික ලියවිල්ල (Draft) කියවපු ගමන් මට අවංකවම දැනුන දේ නම්, මේ පනතෙන් වඩාත්ම ආරක්ෂණයක් ලැබෙන්නේ පාසලේ ඉගෙන ගන්න දරුවන්ටත් වඩා ළමා නිවාසවල හැදි වැඩෙන දරුවන්ට. මේ පනතේ ඉතිහාසයට ගියොත් , 1994 චන්ද්‍රකාගේ ආණ්ඩූව බලයට පත් උනු ගමන් 1995 Penal Code Ammendment no 22 සම්මත කරේ ළමුන්ගේ ආරක්ෂණය තහවුරු කරන්න. ළමා මෙහෙකාර සේවය වගේ වැරදි ඇස්පනාපිට අඩූ උනේ ඒ පනත නිසා. මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා ඒ වෙනුවෙන් විශාල වැඩකොටසක් කරලා තිබුනා. දැන් මාලිමා ආණ්ඩූව කළේ ඒ පනතට සංශෝදන මාලාවක් ගෙනාපූ එක. මූලිකව ඔවුන් කරේ පහත සංශෝදන කිහිපය. 1. Corporal punishment for children (physical or humi...