Posts

Showing posts from September, 2025

දුර්මත දුරුකරමු.

Image
 මාලිමා රජය විසින් ගෙන ආ Penal Code (Amendment) පිළිබඳ ගුරුවරු කිහිපදෙනෙක් තමන්ගේ අප්‍රසාදය මුහුණුපොතේ මුදාහැරලා තිබුනා.එතනින් කීපදෙනෙක් කියලා තිබුනා  "අදින් පස්සේ නම් අපි ඉගැන්නූවා ,ගෙදර ආවා වගේ කතාන්දරයක්."  ගුරුවරුන්ට ඒ පනත එක්ක දැනෙන අනාරක්ෂිතබව මට තේරුම් ගන්න අපහසු නෑ.හේතුව ළමයි (අවුරුදු 18 අවම) පිළිබඳ තීරණයක් කරළියට ආපූ ගමන් ඒ ගැටලූව/තීරණය හැඟිම්බරව සමාජයේ කතිකාවට ලක්වීමේ ඇති අවදානම. හැබැයි පනතේ මූලික ලියවිල්ල (Draft) කියවපු ගමන් මට  අවංකවම දැනුන දේ  නම්, මේ පනතෙන් වඩාත්ම ආරක්ෂණයක් ලැබෙන්නේ පාසලේ ඉගෙන ගන්න දරුවන්ටත් වඩා ළමා නිවාසවල හැදි වැඩෙන දරුවන්ට. මේ පනතේ ඉතිහාසයට ගියොත් , 1994 චන්ද්‍රකාගේ ආණ්ඩූව බලයට පත් උනු ගමන් 1995 Penal Code Ammendment no 22 සම්මත කරේ ළමුන්ගේ ආරක්ෂණය තහවුරු කරන්න. ළමා මෙහෙකාර සේවය වගේ වැරදි ඇස්පනාපිට අඩූ උනේ ඒ පනත නිසා. මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා ඒ වෙනුවෙන් විශාල වැඩකොටසක් කරලා තිබුනා. දැන් මාලිමා ආණ්ඩූව කළේ ඒ පනතට සංශෝදන මාලාවක් ගෙනාපූ එක. මූලිකව ඔවුන් කරේ පහත සංශෝදන කිහිපය. 1. Corporal punishment for children (physical or humi...

Smokin' Joe : විවියන් රිචර්ඩස්

Image
 ආසියානූ කුසලානේ පැරදිලා අබල දුබල වෙලා ඉන්න මොහොතකත් ක්‍රිකට් ගැන නොහිතා ඉන්න බෑ. අනෝරා වැස්සේ , සීතල මීදූමේ , කෝපි කෝප්පෙකුත් එක්ක මම World Cricket Encyclopedia  එක අතරින් පතර පෙරළුවේ ඒ නිසයි. David Gower ලීව පෙරවදනත් කියෝගෙන යන අතරේ බටහිර ඉන්දීය කොදෙව් පරිච්චේදයේ සිත නෙත දෙකම නතර උනේ නොහිතාම. විවියන් රිචර්ඩ්ස් ඇන්ටිගුවාහිදි සර් අයිසැක් විවියන් ඇලෙක්සැන්ඩර් රිචර්ඩස්. මෙන්න අද  අපේ මිනිහා.  උස අඩි පහයි අඟල් දහයයි. පුවක් ගස් තරම් උස ජැමෙයිකානූවෝ මැද උන්නූ ඇන්ටිගුවාවේ අභිමානය. 1974 ඉදන් 1991 වෙනකන් ලෝක ක්‍රිකට් මවිතයට පත්කරපූ ආශ්චර්‍යය. එක්දින ලෝක කුසලාන තුනක අවසන් තරග ක්‍රීඩා කරලා එතනින් දෙකකම කුසලානය දින්න පුරාවෘතය.දැන් කෙනෙක් අහයි , " ඔයා විවියන් රිචර්ඩ්ස් බැට් කරනවා දැකලා තියනවද ? " "ඇයි අපි දුටුගැමුණු විජිතපුර සටන කරනවා දැකලද රචනා, කවි ,ගීත  එහෙම ලීවේ. අනේ නිකන් යන්න !!මල්ලී යන්න !! " නොම්බර තුන පිතිකරුවෙක් කියන්නෙම චමත්කාරයක්. කුමාර් සංගක්කාර , රාහූල් ඩ්‍රාවීඩ් , රීකී පොන්ටින් , ජෝ රූට් , බ්‍රයන් ලාරා ලැයිස්තුව දැක්කම උනත් ඇඟ සීතල වෙනවා. විවියන් රිචර්ඩ්ස් මේ...

Miracle of Headingley (හෙඩින්ලි හි ප්‍රාතිහාර්‍ය)

Image
හැමෝටම බොතම් කෙනෙක් වෙන්න බෑ. පාන්දර වෙනකන් අඩි පුඩි ගහලා උදේ තියෙන මැච් එකේ ලකුණු පනහක් එක්ක  විකට් පහක් ගන්න පුලුවන් කීයෙන් කීදෙනාටද ? සර් ඉයන් බොතම් ඒ දෙකම කරපූ කෙනෙක්. බොතම් මොනවගේද කියලා තේරුම් ගන්න ඇන්ඩෲ ෆ්ලින්ටෝෆ් ,බෙන් ස්ටෝක්ස් දෙන්නව බලන්න. ඒ තමා බොතම්ගේ මිනි වර්ශන්ස් දෙක.  1981 අළු බඳුන තරගාවලියේ තුන්වෙනි තරගය බොතම්ව උඩටම උස්සලා තිබ්බ තරගයක්.  ඕස්ට්‍රේලියාව කාසිය වාසිය දිනලා ලීඩ්ස් තණනිල්ලේ පන්දුවට පහර දෙන්න තීරණය කරන්නෙම සුද්දන්ට බැටේ දෙන්න හිතාගෙන. සැලැස්ම සාර්ථකයි ඕස්ට්‍රේලියානූ පළවෙනි ඉනිම 401 යි කඩුලු නමයයි. හැබැයි අපේ වීරයා බොතම් ලකුණු 95 ට කඩුලු හයයි. ඉනිම අත්හිටවලා කිම් හියූස් එංගන්තයට පන්දුවට පහර දෙන්න ආරාධනා කරන්නේ ඉනිමකින් තරගය දිනාගෙන බර්මින්හැම් තරගයට පුලුවන් ඉක්මනය දුවන්න. පිට පිටම දෙවෙනි වතාවටත් එංගලන්තය ,ඕස්ට්‍රේලියාව ඉස්සරහ අසරණයි. පළවෙනි ඉනිමට ලකුණු 174 යි. හැබැයි , අපේ වීරය තාම කෙලින්. බොතම් පන්දු 58 ට ,හතරේ පහර අටයි ලකුණු 50 යි. දැන් නම් සෙල්ලම ටිකක් භයානකයි. ඉනිමක පරාජයෙන් බේරෙන්න  ක්‍රිකට් උපන් රටට තවත් ලකුණු 227 අවශ්‍යයි.  ඕස්ට්‍...

ලබ්බේ තොවිලේ

Image
 "රට ගිහින් ගොඩ යනවා "  කියන එක අපේ මිනිස්සුන්ට කොයිතරම් අවිඥානිකව බලපානවද කියන එක තේරෙන්න මට අවුරුදු විසි එකක් විතර ගියා. ඒකට හේතු උනේ මගේ ළඟම මිත්‍රයෝ කීපදෙනෙක්.  ලංකාවේ රස්සාවක් කරගෙන , කෝස් එකක් කරගෙන සනීපෙට හිටපූ මගේ මිත්‍රයෝ කීපදෙනෙක්ට රට යන උණක් වැළදුනා."මෙහෙ හිටියොත් වගතුවක් නෑ , රට ගිය කාලෙක තමා අපේ ජිවිත හරියන්නේ " වගේ අදහසක් නිතරම නිතරම ඔවුන් කියන්න ගත්තා. මේ ලංකාවේ ආර්ථික අර්බුදය එන්න පොඩි කාලෙකට කලින්.  වැඩි විස්තර නොකියා කීවොත් කොල්ලෝ බොහෝම බරපතළ ඇමකට අහුඋනා.මම පෞද්ගලිකවම මුල් කාලේ ඔවුන්ට මේ විදියට නම් පුතේ රට යන්න බෑ  කියලා ඒත්තු ගන්වන්න හැදුවත් ඒක පිළිගන්න එතන හිටපූ බොහෝ දෙනෙක් කැමැති උනේ නැහැ.මගේ අප්පච්චි පවා දවසක් කීවේ  "මේක තේරුම් කරලා දෙනවා ඒ ළමයින්ට කියලා ." අප්පච්චිට පුන්‍යානූමෝදන් වේවා !! මේ නූල්බෝලේ ඔවුන් කොච්චර තදට පැටලූනාද කියනවනම්  තමන් විඳපූ සනීප ජිවිතේ ආපස්සට කණපිට හැරෙන තරමට ඒ පැටලීම් ප්‍රබල උනා.  බෞද්ධ භික්ෂුවක් යැයි කියාගන්න අයියා කෙනෙක් මේ මිනිස් ජාවාරමට අතගහලා තිබුනා. භික්ෂුවක් අතගහපූ ගමන් එල්ලවෙන සමාජ වෛරය , නෛතී...

උපන්දිනේ අද ඔහුගේ....

Image
 අද ජනාධිපති ජයවර්ධනගේ උපන්දිනේ.උන්දෑ හිටියනම් අච්චරයි ,මෙච්චරයි කියලා වැඩක් නෑ. මොකද එයා  නැති උනෙත් අවුරුදු අනූවක් විතර ජීවත් වෙලා නිසා. මගේ හිත නම් කියන්නේ, නිදහස් ලංකාවට ජයවර්ධන තරම් බලපෑමක් කරපූ කිසිම දේශපාලකයෙක් නැහැ. ඒ බලපෑම කොච්චරද කියනවනම් 88-89 කඩපිල්වල  "ජේ.ආර් මරමු..."  කියලා ජවිපේ සන්නද්ධ අංශයට ලියන්න සිද්ධ උනා.හැබැයි ඒ කිසිම කෙනෙක්ට ජයවර්ධනගේ මයිලයකටවත් හානි කරන්න බැරි උනා. හැබැයි ජයවර්ධනයි ,එයාගේ අනූප්‍රාප්තික ප්‍රේමදාසයි ජවිපේ සන්නද්ධ අංශය  1990-1991 වෙනකොට බිමටම සමතලා කරා. ඔවා ඉතින් ඉතිහාස කතා . පස්සේ කාලෙක ඕවත් ලියවෙන්නේ මෙන්නම් මෙහෙම‍  " නොමඟ ගිය ආයූධ සන්නද්ධ තරුණ කැරලිකරුවන් , වයෝවෘද්ධ එහෙත් ඔදවත්, තෙදවත්, බලවත් ,නැණවත් ජේ.ආර් උතුමාණන්ව ඝාතනයට තැතක් දැරුවෝය.එලෙසින් කුමන්ත්‍රණ කළවුන්ගේ වෑයම තිඹිරිගෙයිම වළලා දැමූවෝය."  මහාවංශයේ,ථූපවංශයේ,ඨාටවංශයේ ,චූලවංශයේ හැම අකූරක්ම ඇත්ත කියලා අදහන උදවිය මේවටත් අනාගතේ සාධූකර දෙනවා සත්තයි. ආපහූ අද උපන්දිනය යෙදුනු ජයවර්ධනට පැත්තට හැරෙමුකෝ.   ජයවර්ධනට සුවපහසු ළමා වියක් , තරුණ වියක් වගේම මැදි ව...

ඩොලර් දහයකින් සිනමාකරුවෙක් වීම

Image
තිසර මංගල බණ්ඩාර ලියලා , තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපූ මෝඩ තරිඳූ ෆිල්ම් එක ඔක්තෝම්බර් 10 වෙනිදා එළියට එනවා  . ඒ නිසාම ඊයේ හවස  තිසර මංගල බණ්ඩාරගෙයි තරිඳු උඩුවරගෙදරගෙයි චිත්‍ර්පටිය පිළිබඳ සාකච්චාව අහන්න පටන් ගත්තා.ඒක ඇතුළේ එක තැනක තරිඳු කියනවා   How to become a filmmaker with 10 dollar "ඩෙනිසුයි , චන්දන ප්‍රසන්නයි එක කාලෙක කැමරාවක් අරගෙන තිසර ඉඹුලානවයි හඳගමයි , බූඩීයි හම්බෙන්න ගිහින් ඩොලර් 10 න් සිනමාකාරයෙක් වෙන්නේ කොහොමද අහන වාර්තා වැඩසටහනක් කරා නේද කියලා. "  ඒක ඇහුන ගමන් මම මෝඩ තරිඳු වැඩේ පැත්තකට දාලා පැයයි විනාඩි දාහතරක  "How to become  a filmmaker with 10 doller " බලන්න ගත්තා. 2010  විමල් වීරවංශ ලෙමන් පෆ් කකා තුම්මූල්ලේ UN එක ඉස්සරහා මාරාන්තික උපවාසයක් කරන කාලෙ , එහෙමත් නැත්නම් ඩොලර් එක රුපියල් සීයට ගිය කාලේ  ඇතුළත තමා මේ වාර්තා වැඩසටහන දෙන්නා කරන්නේ. වාර්තා වැඩසටහනක් කීවට එහෙම වාර්තාමය ගතියක්  වැඩේ ඇතුළේ නෑ.  හිටපූ ගමන් බස් කබලක් ඇතුළෙ ඩෙනිසුයි , චන්දනයි කැමරා එක ඔන් කරලා මොනවදෝ කියනවා ඒත් ඔලූවෙන් හිටගෙන රෙකෝර්ඩ් වෙන්නේ , තවත් වෙලාවක ෆ...

රාජපක්ෂගේ කර්මයක මහත

Image
 පහත ඡායාරූපය නිතිඥ් Nisal Dulmith  අයියගෙන් ඉල්ල ගත්ත මොහොතේ  එක නිමේෂයකින්  2013 ජනවාරියේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව නිල නිවසෙන් පිටකිරිම සිනමාපටයක් වගේ මට මැවෙන්න  පටන් ගත්තා. මාධ්‍ය වටකරගෙන තමන්ගේ පුතා පදවන මෝටර් රථයෙන් ඈ    නිල නිවසෙන් පිටවෙන විට අවසානයටම කීවේ  "ඔයාලා( රටේ ජනතාව) මාව බලාගන්න . "   එකල පැවති බල උන්නතීකාමීත්වයේ මත්වී සිටී රාජපක්ෂ විසින් අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසුවේ එලෙසිනි. ඉන් කලකට පසුව ආචාර්‍ය බණ්ඩාරනායක ලීව් "උත්තරීතර - දෝෂාභියෝගයේ ඇතුළාන්තය කෘතිය අකූරක් නෑර කියවූ විට මෙරට නොම්බර එකේ දේශපාලන ජඩයා ලෙස  ජයවර්ධන ජනාධිපති හඳුන්වන්නේ යම්ලෙසද රාජපක්ෂත් ඒ සමාන මට්ටමින් පුරා වසර 10 ක්‍රියා කළ බව කැට තබා කිව හැකිවනු ඇත.  ශිරාණි බණ්ඩාරනායකව දෝෂාභියෝගයට නතුකොට සේවයෙන් නෙරපා දැමුවේ අනීතිකවය.නමුත් දින දෙකකට පෙර රාජපක්ෂව විජේරාමෙන් මැදමුලනට යැව්වේ නෛතීකවය. වසර දොළහකට පෙර  අගවිනිසුරු ආචාර්‍ය බණ්ඩාරනායක තමාගේ ආරක්ෂාව ඇත්තේ ජනතාව අතබව පැවසුවේය. ඒ ජනතාවගේම ඡන්දයෙන් පත්වූ දිසානායක ජනාධිපති ප්‍රමුඛ ආන්ඩූව "හිටපූ ජනා...

මට ඕන ගුරුවරයෙක් වෙන්න..

Image
 මට ඕන ගුරුවරයෙක් වෙන්න. ගුරුවරයෙක් ?  ඔව් !! ගුරුවරයෙක්. මොන ජාතියේ ගුරුවරයෙක්ද ? මොන ජාතියේද ? ගණිතය ,සිංහල , විද්‍යාව වගේ උගන්වන ගුරුවරයෙක් වෙන්නද ? නැත්නම් ඉංග්‍රීසී ,භූගෝල විද්‍යාව , ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් වෙන්න ? එහෙමත් නැත්නම් සංගීතය , නැටූම් , නාට්‍ය උගන්වන ගුරුවරයෙක් වෙන්නද ?  නෑ මට ඕන ගුරුවරයෙක් වෙන්න.වර්තමානයවත් අනාගතයවත් නොදැන අතීතයේම පල්වෙලා කුණුවෙන ඈත දූර ගමක  දරුවන්ට ගුරුවරයෙක් වෙන්න.  රෑට තරු පිරුණූ පැහැදිලි අහසක දඩයක්කාරයා , මහා වලසා වගේම යාන්තමින් දැල්වෙලා නිවෙන ඉරබටූ තරුව කව්ද කියලා , හැතැම්ම මිලියන ගාණක දූරින් දිලිසෙන තරු රටා බලලා  උගන්වන පුළුවන් ගුරුවරයෙක් වෙන්න. ඒ තරු රටා ඇතුළේ කිමිදෙන ග්‍රීක පුරාවෘත දරුවන්ට කියාදෙන ගමන් මනුෂ්‍යයෙක්ව ඉපිද දේවියෙක් වූ "හර්කියූලීස්" ගේ නොසිඳෙන එඩිය ගැන කතාන්දර කියන ගුරුවරයෙක් වෙන්න.  ඈත සීත රුසියාවේ සාර් පාලනය බිම දමා පාගමින්  ජනතාවගේ පාලනයක් පිහිටවූ කල , " අවූරෝරා"නෞකාවෙන් පිටවූ වෙඩි හඬේ ගැඹුර දරුවන්ට කියාදෙන අන්දමේ ගුරුවරයෙක් වෙන්න.එය විප්ලවයක් බවත් හුදෙක් බඩගින්නට පාන් ඉල්ලමින් කල සටනක් න...

අසම්පූර්ණ කොස් මාමා

Image
මායාවේ සහ ප්‍රෝඩාවේ කඩතුරාවෙන් වැසූන සැබෑ සත්‍යය කාලයේ ඉක්මවීම සමඟ අතිශයින්ම සාමාන්‍යකරණය වූ නිර්මිත සත්‍යයක් (කෲතිමව නිමැයූ) වීම පුදුම සහගතයි. පහත කතාන්දරය එවැනි කතාවක්.  2006 අවුරුදදේ පාසල් පෙළපොතක ආතර් වින්ස්ටන් ඩයස් නොහොත් කොස් මාමා ගැන පාඩමක්ම වෙන්වෙලා තිබුනා .ඔහූ  ජාතියට කොස් කවපු හැටි , කොස් ඇට පිනට දුන් හැටි ,කොස් මාමා  නම ලැබුන හැටි වගේම ඔහුගේ රුවෙන් මුද්දරයක් නිකුත් උන හැටිත් ආටෝප සාටෝප හල්කිරිම් මැදින් බොහෝම සරුවට ලියලා තිබුනා. ආතර් වී ඩයස්ගේ මව සහ විශාඛාවිද්‍යාලයේ ප්‍රධාන ධානපතිනිය වූ සෙලෙස්තිනා ඩයස් මහත්මිය. තමන් කොස් ගසට මෙතරම් ආදරය කරන්න පටන් ගත්තේ කොස් ලී පටවපූ කරත්තයක් දැකීමෙන් බවත් පෙළ පොතේ වැඩිදුරටත් සඳහන් වී තිබුනා.ඒත් මට පස්සේ දවසක හිතුනේ ආතර් වී ඩයස් දැක්ක කොස් ලී පටවපූ කරත්තය තමන්ගේම පියාගේ (P.ජෙරමියෙස් ඩයස් ) ලී මඩූවෙන් පටවපු කරත්තයක් වෙන්න ඇති කියලා . හේතුව ඒ වෙනකොට අරක්කූ රේන්ද ව්‍යාපාරේ සිලීමේ උන්නූ ඔහුගේ පියා එම ව්‍යාපාරවලට අමතරව ගස් කපා පැටවීමත් ව්‍යාපාරය ලෙස කරගෙන ගොස් තිබුනා. ඔහුට එකල සිටි ප්‍රධානතම තරගකරු වූනේ සේදවත්තේ විජේවර්ධන වලව්ව. ඒ ජය...

සොඳුරු ට්‍රොස්කිවාදිනිය

Image
තමන්ගේ මුලූ ජිවිතයම ට්‍රොස්කිවාදීනීයක්ව ජිවත් වූනූ කොළඹ සරසවියේ මහාචාර්‍ය පියසීලී විජේගුණසිංහ ගැන මම මුලින්ම කියෙව්වේ 2009 අවුරුද්දේ අගභාගයේ. විකොසේ ක්‍රියාත්මක වීම , විජේ ඩයස්ගේ නායකත්වය , කීර්ති බාලසූරියගේ චින්තනය සහ මහාචාර්‍ය ගම්ලත්ගේ මාක්ස්වාදී කලා විචාරය ගැන දිවයින බදාදා අතිරේකයෙන් මට යාන්තමින් අහන්න ලැබෙන අතරේ පියසීලී විජේගුණසිංහ නමත් ඇසී නොඇසී ගියා.  හැබැයි ඒ වෙනකන් මට මහාචාර්‍ය විජේගුණසිංහගේ එකම ලිපියක්වත් කියවන්න ලැබී තිබුනේ නෑ. ඒත් සයිමන් නවගත්තේගමගේ සංසාරණ්‍යේ දඩයක්කාරයා කියවලා ඔලූව විකාරවෙලා ඉන්න මොහොතක, සයිමන්ගේ දඩයක්කාරයා පිළිබඳ පියසීලී විජේගුණසිංහගේ මාක්ස්වාදී විචාරයක් මට අහම්බෙන් කියවන්න ලැබුනා. ඇගේ ලිපියෙන් පස්සෙත් නවකතාව මම දෙවතාවක් විතර බොහෝම ප්‍රවේශමෙන් නැවත නැවත කියෙව්වා.ඈ ගැන ගෞරවාන්විත ප්‍රේමයක් ඇති උනා. 1995 ඈ විසින් ලිව් " සුචරිත ගම්ලත්ට එරෙහිව මාක්ස්වාදි කලා විචාරයේ මූලධර්ම" ඒ ආසන්න කාලයක කියවන්න ලැබුනා. ගම්ලත්ගේ මුල් කෘතිය නොකියවූවෙක් නිසා පියසීලී විජේගුණසිංහගේ මතුකිරීම මට තදින් වැටහුනේ නැහැ. කොහොමින් කොහොමහරි පියසීලී විජේගුණසිංහ මියගිහින් පහුගිය දෙ...