මාලිමා රජය විසින් ගෙන ආ Penal Code (Amendment) පිළිබඳ ගුරුවරු කිහිපදෙනෙක් තමන්ගේ අප්‍රසාදය මුහුණුපොතේ මුදාහැරලා තිබුනා.එතනින් කීපදෙනෙක් කියලා තිබුනා
"අදින් පස්සේ නම් අපි ඉගැන්නූවා ,ගෙදර ආවා වගේ කතාන්දරයක්."
ගුරුවරුන්ට ඒ පනත එක්ක දැනෙන අනාරක්ෂිතබව මට තේරුම් ගන්න අපහසු නෑ.හේතුව ළමයි (අවුරුදු 18 අවම) පිළිබඳ තීරණයක් කරළියට ආපූ ගමන් ඒ ගැටලූව/තීරණය හැඟිම්බරව සමාජයේ කතිකාවට ලක්වීමේ ඇති අවදානම. හැබැයි පනතේ මූලික ලියවිල්ල (Draft) කියවපු ගමන් මට අවංකවම දැනුන දේ නම්, මේ පනතෙන් වඩාත්ම ආරක්ෂණයක් ලැබෙන්නේ පාසලේ ඉගෙන ගන්න දරුවන්ටත් වඩා ළමා නිවාසවල හැදි වැඩෙන දරුවන්ට. මේ පනතේ ඉතිහාසයට ගියොත් , 1994 චන්ද්‍රකාගේ ආණ්ඩූව බලයට පත් උනු ගමන් 1995 Penal Code Ammendment no 22 සම්මත කරේ ළමුන්ගේ ආරක්ෂණය තහවුරු කරන්න. ළමා මෙහෙකාර සේවය වගේ වැරදි ඇස්පනාපිට අඩූ උනේ ඒ පනත නිසා. මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා ඒ වෙනුවෙන් විශාල වැඩකොටසක් කරලා තිබුනා.
දැන් මාලිමා ආණ්ඩූව කළේ ඒ පනතට සංශෝදන මාලාවක් ගෙනාපූ එක. මූලිකව ඔවුන් කරේ පහත සංශෝදන කිහිපය.
1. Corporal punishment for children (physical or humilating punishments) on children is now a criminal offence.
දඬුවම් දීම (ශාරීරිකව හෝ මානසිකව අපහසුතාවයට /ලැජ්ජාවට පත්කිරිම) මෙම පනත ප්‍රකාරව අපරාධමය වරදකි.
මේ වගන්තිය පිළිබඳ ළමා ආර්ක්ෂණ අමාත්‍යංශයේ නිලධාරීන්ගේ පැහැදිලි කිරිම අනූව මෙය කිසිවිටක ගුරුවරුන් පමණක් ඉලක්කකරගත් වගන්තිය නොව , ළමා රැඳවුම් මධ්‍යස්ථාන තුළ සිදුවන අකටයුතුකම් පාලනයට ගෙනා පාලකයක්. විශේෂයෙන්ම 82 අනුඛණ්ඩයෙන් පවා කියන්නේ ඕනෑම විශේෂතත්වයක් යටතේ ( දෙමාපියන් විසින් ළමයකුගේ විනය සකස් කිරිම , ගුරුවරයෙක් විසින් ළමයකුගේ විනය සකස් කිරිම ) වැනි කාරණයකදි ඉහතින් සඳහන්වන අපරාධමය දඬුවම් ක්‍රියාත්මක නොවන වගයි.
Section 82 is updated to say any exceptional ( like parental discipline ) don't apply to corporal punushments.
කොටින්ම
"ළමයෙක්ගේ විනයවත් අපිට හදන්න බෑ දැන් කියලා ගුරුවරයෙක්ට හෝ දෙමාපියෙක්ට කියන්න බෑ තව දුරටත්."
හැබැයි ශාරීරික පහරදීමකින් හෝ සභාවක් ඉදිරියේ ලැජ්ජාවට බඳුන් කිරිමකින් තොරව ( Humilation) . ඒක බොහෝම මානුෂීය ප්‍රගතිශීලී පියවරක් කියලා සානුකම්පිත හිතක් සහ තාර්කික මනසක් තියෙන ඕන කෙනෙක්ට තේරෙන සත්‍යයක්.
2. ඉහතකී අපරාධමය දඬුවම වලංගුවන්නේ දෙමාපියන්ට , ගුරුවරුන්ට , ළමා නිවාස භාරකරුවන්ට සහ අවුරුදු 18 අඩූ දරුවකුගේ භාරකාරත්වය දරණ ඕනෑම අයෙක් වෙතට.
3. සංශෝදන තුළම ඉහත නීතීය භාවිතාවන ආකාර නිරූපිතලෙස (Illustrations) ලබාදී තිබෙනවා. මෙහි ප්‍රධාන ඇණවූම ලිපිය අවසන අමුණා ඇත. ( අවශ්‍යය කෙනෙක්ට කියවීමට)
• දරුවකුට බඳ පටියකින් පහර දීම : වරදක්
• ආහාර ලබාදීම හිතාමතාම පමාකොට ඒ හරහා දඬුවම් ලබාදීම : වරදක්
• පාසලක් තුළ රැස්වීමක් ඉදිරියේ දරුවකු අපහසුතාවයට පත්කිරිම (public humilation) : වරදක්
• ශිෂ්‍ය නායකයකුට දරුවකුගේ කොණ්ඩා මෝස්තරය හෝ නිල ඇඳුමේ වැරැද්දක් වෙනුවෙන් කම්බුලට පහරක් දීම ( එයින් ශාරීරිකව හානියක් නොවුනත් ) : වරදක්
මෙහි තෝරාගත් දරුවකු , අනෙක් දරුවන් ඉදිරියේ අපහසුතාවයට පත්කිරිම , මම පෞද්ගලිකව අත්වින්ද සහ සියැසින් දැක ඇති සිදුවීමක්. ඒ පිළිබද මා ලිව් සටහනක් මෙලෙස අමුණා තබන්නම්.
කෙසේ හො උක්ත සංශෝදන වෙනුවෙන් හිමි දඬුවම් ලෙස මාස හයකට නොඅඩූ සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂයකට නොඅඩූ දඩමුදලක් ගෙවිය යුතුය. වින්දිත පාර්ශවය ශාරීරික ආබාධ සහිත නම් දඬුවම තවත් බරපතළ විය හැක. නැවත මා අවධාරණය කරන්නේ ළමා රැඳවුම් මධ්‍යස්ථාන තුළ සිදුවන අපචාර සමඟ මෙම පනතේ විධිවිදාන ගැළපෙන ආකාරය සිතා බලන ලෙසයි.
බොහෝදෙනෙක් වරදවා වටහාගෙන අදහස් ඉදිරිපත් කරන Penal Code හි 19 වන පරිච්චේදයට ඇතුළත්වන සංශෝදනයන්ගේ හරය මෙයයි. ඔබ ගුරුවරයෙක් නම් දරුවාගේ නොගැළපෙන කොණ්ඩා මෝස්තරයක් නිවැරදි කිරිම , නිල ඇඳුමේ වැරැද්දක් නිවැරදි කිරිම මේ පනතෙන් වළකා නැත. වළකා ඇත්තේ ඒ නිවැරදී කිරිමේදි ශාරීරික දඬුවමට ඇති අයිතියයි. ඉතින් ඔබට හිතෙනවා නම් දරුවන් විනයවත් කිරිමේ එකම ක්‍රමය දඬුවම් දීමයැයි කියා.එය ඔබේ වරදක් මිස පනතේ වරදක් නොවේ.
ප.ලි :-
අපි නම් ඉගෙනගත්තේ මෙහෙමයි , අරහෙමයි කියා කීම තවත් වලංගු නැත.ඔබ ඉගෙනගත් 70,80 දශකයවත් , මා ඉගෙන ගත් විසිවන සියවසේ මුල්කාර්තුවවත් ලෙස ලෝකය , ආර්ථිකය , දේශපාලනය ,නීතීය හෝ අයිතිවාසිකම් තවදුරටත් ක්‍රියානොකරයි. ඒ සියල්ල නවීන ලෝකයට අනුව වෙනස් වී ඇත. එය පිළිගැනිම වැඩිහිටි ඔබ සියල්ලගේම වගකීමයි.
මනුජය තෙන්නකෝන්
1. පළමු ඇමිණුම : Penal Code Amendment :සංශෝදන අඩංගු පනත
2. දෙවන ඇමිණුම : දඬුවම් පිළිබඳ අර්ථ නිරූපණය.
මෙම Penal Code සංශෝධනය පිළිබඳ ඔබ කළ විශ්ලේෂණය ඉතාමත් කාලීනයි. ගුරුවරුන්ගේ අප්‍රසාදය තේරුම් ගත හැකි වුවත්, පනතේ සැබෑ හරය වන්නේ ශාරීරික හා මානසික අවමානය (Humiliation) අපරාධමය වරදක් බවට පත් කිරීමයි.
ReplyDelete'ළමයෙක්ගේ විනයවත් අපිට හදන්න බෑ' යන්නෙන් අදහස් විය යුත්තේ 'දඬුවම් නොදී විනය හැදීමට නොහැකිය' යන්න නොවේ. නීතිය මගින් තහවුරු කර ඇත්තේ 'ගැරහීමෙන් තොර විනය පාලනයක්' මිස, විනය පාලනය සම්පූර්ණයෙන් අත්හැරීම නොවේ. විශේෂයෙන්ම ළමා නිවාස දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින්, මෙමගින් අප සමාජයක් ලෙස නවීන මානුෂීය ප්‍රවේශයකට පිවිසෙන බව පැහැදිලියි. පැරණි දඬුවම් ක්‍රම වලංගු නැති ලෝකයක, මෙම නීතිමය ප්‍රගතිය පිළිගැනීම වැඩිහිටි අප සැමගේම වගකීමකි.