වික්‍රමසිංහ කවදාවත් මේ බස් එකට නඟි කියලා වික්‍රමසිංහවත් හිතන්න නැතුව ඇති.ඉතිහාසය පුරාම මේ බස් එකේ යවන්න ඕන කව්ද ?නොයවන්න ඕන කව්ද ? කියලා තීරණය කරපූ උදවියටත් දැන් ඒ බස් එකටම නඟින්න වුනු විදිය එක අතකින් දෛවෝපගතයි.
වික්‍රමසිංහගේ සහයට කොටුව අධිකරණ භූමියට පැමිණි නාමල් රාජපක්ෂ , දිනේශ් ගුණවර්ධන , මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාසගේ ට්වීටර් පණිවිඩය ( ඔහු මේ මොහොතේ ලංකාවේ නැත) අන් සියල්ලටම වඩා පෙන්නූම් කරේ තවමට් ඔවුන් සියල්ලෝම එකක් බවයි. ඒ නිසා මේ ගැටූම කිසිවිටකත් මාලිමා ආණ්ඩූව සහ විපක්ෂය අතර සිදුවන්නක් නොව සාතිශය බහූතර ජනතාව සහ දූෂිතයන් අතර සිදුවන්නකි. සරල අරුතෙන් නම්
"උනුයි... අපියි ...."
ජයවර්ධනට , ප්‍රේමදාසට රටේ නීතීය නමා ගෙන නීතී හිදැස් අතරින් මිදෙන්න පුලුවන් උනාට අවුරුදු 32 ක් එජාප නායක වික්‍රමසිංහ අන්තිමට තමන්ගේ කාර්ඩ් අත පරාද උනා. කොටූව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපූර විසින් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම ඉවතලමින් එළැඹෙන 26 තෙක් ඔහූව රක්ෂිත බන්ධනාගාර කළේ ඒ නිසයි.
ව්ක්‍රමසිංහට , 26 උදේ වෙනකන් බන්ධනාගාර රෝහලේ ඇතුළේ ඉදන් ස්වයං විවේචනයක් කරගන්න පුලුවන් අවුරුදු 48 ක තමන්ගේ දේශපාලන ගේම්ස් ගැන.
එතකන් නීතීයේ හැසිරවීම පිළිබඳ සතුටු වෙමින් සුව සති අන්තයකට පිවිසෙන්න අපි හැමෝටම පුළුවන් !!! රනිල් හාමූ බලන්න කොටුවට ගිය මහජනතාවට මහ රෑ බස් එකක නැඟලා ගංබිම් බලායන්නත් ඒ විදියටම පුලුවන් !!
මනුජය තෙන්නකෝන්
නාමල් රාජපක්ෂගේ මුහුණින් ගොඩක් දේ කියවෙනවා .
ReplyDeleteහරියට හරි
Delete