Posts

Showing posts from August, 2025

Pinkman ට 46 ක් !!!!

Image
 Vince Gilligan ගේ Breaking Bad කතාමාලාව  මම මුලින්ම බලන්න පටන් අරගෙන කොටස් දෙකකට පස්සේ නවත්තලා දැම්මා. තවත් අවුරුදු තුනක් ගියා ඒ නවත්තපූ එක පටන් අරගෙන ඉවර කරන්න. දැන් මම  Breaking Bad ප්‍රේමියෙක්, හිතවතෙක් ඒවගේම සහෲදයෙක්. Aaron Paul ,Breaking Bad හි ජෙසී පින්ක්මන් ලෙස මට ඕනෑම ශානරයක කතාවක් බලන්න ටිකක් වෙලා යනවා. ඒ කාර්‍යබහූලත්වය නිසාම නෙවෙයි . කතාවක් ඇතුළේ කියවෙන හැම පොඩි දෙයක් ගැනම මම ටිකාක් වැඩිපූර අවධානය යොමූ කරන්න ආස නිසා . උදාහරණයකට  House of Cards බලන්න ගත්තම , එක්සත් ජනපදයේ කොන්ග්‍රසයේ හැසිරීම , සෙනට් මණ්ඩලයේ පත්වීම , නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ( House of Representative) පත්විමේ පටිපාටිය වගේ දේවල් සහ ඔවුන්ගේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසිමේ ක්‍රියාවලිය පවා ඉගෙන ගෙන තමා කතාමාලාව බලන්නේ. ඒක වෙහෙසකර ,කාලය මිඩංගු වෙන ඒත් විනෝදබර දෙයක්.  ඒ හින්දම මට Breaking Bad සෑහෙන්නම ගැළපුන කතාවක්. තිරපිටපතේ ගලා යෑම , කුතුහලය විතරක් නෙවෙයි චරිතවල වෙනස්විම පවා සැහෙන්න තිගැස්මක් ඇතිකළා. කාලයක් X-Files රචකයෙක් උනූ Vince Gilligan ට ඒක අමුත්තක් වෙන්න විදියක් නෑ. ප්‍රධාන චරිත දෙක ඇතුළෙත...

මංගල නැතිව පස්වසක්

Image
මංගල නැතිවෙලා ඊයේට අවුරුදු පහයි. මංගල නැති උනූ ප්‍රවෘත්තිය ඒ වෙනකොට දැඩි මංගල විරෝධියෙක් උනූ මගේ අප්පච්චි පවා තැතිගැන්වූවා. ලංකාවේ දේශපාලනයට මංගලගේ සාම්පලේ දේශපාලකයෙක් පහුගිය අවුරුදු පහටම බිහිවෙලා නෑ. නිදහස් චින්තනය විශ්වාස කරපූ, සංස්කෘතික ජිවිතය අගයපූ  , ආගම දේශපාලනයෙන් වියුක්ත විය යුතුයි කියලා තර්ක කරපූ , මංගල තරම් නූතනවාදියෙක් පේනතෙක් මානෙක නෑ. මංගලගේ සංස්කෘතික ජිවිතය ,චින්තනය සහ ලිබරල්වාදි හැසිරිම නිසාම මහින්ද වගේ කෙනෙක් එක්ක බොහෝකල් එකට රැඳෙන්න  බැරි උනා. ජාතිවාදය, ආගම , පන්සල උගස් කරමින් බලය වඩ වඩා තහවුරු කරගත් මහින්ද වගේ කෙනෙක්ට මංගල හිතන්නේ කොහොමද කියලවත් නොතේරෙන්න ඇති. මංගලට පෑහුන එකම චරිතේ උනේ ඔහූගේ දිර්ඝකාලීන මිතුරිය චන්ද්‍රකා. අනෙක් කිසිම කෙනෙක්ට මංගල හිතන විදිය දැනූනේ නෑ. තේරුනේ නෑ. මං හැමදාම පුදුම උනා මංගල ශ්‍රීලනිප වගේ තැනක ඉන්නේ ඇයි කියලා. එයාව හැමදාම පෑහූනේ එජාප රනිල්ගේ සෙවණට. මංගල එංගලන්තේ දැක්ක , ලෝකේ වටේ අත්වින්ද ජිවිතය  ලංකාවේ සමාජෙ ඇතුළේ සාක්ෂාත් කරගන්න පුලුවන්කම තිබ්බේ රනිල් එක්ක.ඒත් මංගලට ඒක තේරෙනකොට එයාගේ ජිවිතේ හොඳම කාලේ ගිහින් ඉවරයි.  ගොඩක්...

රනිල් වැලිකඩට

Image
 වික්‍රමසිංහ කවදාවත් මේ බස් එකට නඟි කියලා  වික්‍රමසිංහවත් හිතන්න නැතුව ඇති.ඉතිහාසය පුරාම මේ බස් එකේ යවන්න ඕන කව්ද ?නොයවන්න ඕන කව්ද ? කියලා තීරණය කරපූ උදවියටත් දැන් ඒ බස් එකටම නඟින්න වුනු විදිය එක අතකින් දෛවෝපගතයි.  වික්‍රමසිංහගේ සහයට කොටුව අධිකරණ භූමියට පැමිණි නාමල් රාජපක්ෂ , දිනේශ් ගුණවර්ධන , මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාසගේ ට්වීටර් පණිවිඩය ( ඔහු මේ මොහොතේ ලංකාවේ නැත) අන් සියල්ලටම වඩා පෙන්නූම් කරේ තවමට් ඔවුන් සියල්ලෝම එකක් බවයි. ඒ නිසා මේ ගැටූම කිසිවිටකත් මාලිමා ආණ්ඩූව සහ විපක්ෂය අතර සිදුවන්නක් නොව සාතිශය බහූතර ජනතාව සහ දූෂිතයන් අතර සිදුවන්නකි. සරල අරුතෙන් නම්  "උනුයි... අපියි ...." ජයවර්ධනට , ප්‍රේමදාසට රටේ නීතීය නමා ගෙන නීතී හිදැස් අතරින් මිදෙන්න පුලුවන් උනාට අවුරුදු 32 ක් එජාප නායක වික්‍රමසිංහ  අන්තිමට තමන්ගේ කාර්ඩ් අත පරාද උනා. කොටූව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපූර විසින් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම ඉවතලමින් එළැඹෙන 26 තෙක් ඔහූව රක්ෂිත බන්ධනාගාර කළේ ඒ නිසයි. ව්ක්‍රමසිංහට , 26 උදේ  වෙනකන් බන්ධනාගාර රෝහලේ ඇතුළේ ඉදන් ස්වයං විවේචනයක් කරගන්න පුලුවන් අවුරුදු...

ගිනිතැබිම

Image
අම්මා මට සුදු කමිසය අන්දලා හැඩ බලන්න ගත්තා,"කෝ මෙහාට..ආ..දැන් මෙහාට" වමට දකුණට හරව හරවා එයා මගේ හැඩ බලන්න පටන් ගත්තා,සද්දයක් වත් නැතුව එයා හරවන හරවන පැත්තට මාත් හැරෙන්න ගත්තා.පොල් තෙල් තලියක් "තක්ස් " ගාලා අප්පච්චි ඔලුවට දැම්මා.ටිකකින් පොල් තෙල් නළලටත් එතනින් කන් දෙක දිගෙත් බේරෙන්න ගත්තත් මම කරබාගෙන හිටියා.එයාගේ කලු පැතලි සාක්කු පනාවෙන් සුලිය පන්නලා මගේ කොන්ඩේ පීරන්න ගත්තා.කන දෙපැත්තෙන් වැටෙන කොන්ඩ කෑලී දෙක පිටිපස්සට පීරලා එයා, "දැන් හරි" කියලා සද්දෙට කීවා. මේ ඉස්කෝලේ පළවෙනි දවස නෙවෙයි .මුල්ම දවස් වල සෙල්ලම් ගෙවල් හදලා අපිට සෙල්ලම් කරන්න දුන්නා,අපේ සෙල්ලම් ගේ නිල් පාට ඉටි රෙදි වලින් වට කරලා තිබුනේ,මං වගේ දෙකක් විතර මහත උණ ගස් හතරකින් විසාල වහල අපේ ඔලුවට වැටෙන්නේ නැතුව බේරගෙන හිටියා. කලු කණ්නාඩි කුට්ටමක් දාපු වයස ටීච කෙනෙක් අපේ සෙල්ලම් ගේ පුටුවක ඉඳගෙන ඔරවගෙන හිටියා.ළමයෙක් තක්කඩි කමක් කරොත් "ඒයී ...ඒයී.ගුටි!" කියලා සද්දෙට කියන්න ගත්තා.එයාගේ සද්දෙට අකමැති නිසා මම එයාගේ මූණ දිහා නොබලා ,පාට කරන්න දුන්න රූපේ එක්ක හිනා උනා.එයා මගේ අම්මගෙත් ක්ලාස් ටීචර් ...

ඉංග්‍රීසී කොඩිය පෑගීමේ ප්‍රෝඩාව

Image
 උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේ එවකට අස්ගිරී පාර්ශවයේ භික්ෂූවක් වූ වාරියපොල සුමංගල හිමි ඉංග්‍රීසී ධජය බිම හෙළා සිංහයා සහිත ධජය එසවූ බවට මතිමතාන්තර බොහෝමයකි.එහි සත්‍ය අසත්‍යටාව කෙසේදයත් එකී සිදුවීම අනූරූපිත ඉටි පිළිමයක් පවා මහනුවර ඉටි රූප කෞතුකාගාරයේ නිමවා ඇත. නමුත් බොහෝ විද්වත් මත අනූව ගිවිසුම අත්සන් වන විට වාරියපොළ සුමංගල හිමියන් එවන්නක් සිදුකර නැත. පළමු පැහැදිලි කරවා ගැනිම නම් 1815 මාර්තු දෙවෙනි දින Kandyan Convention නොහොත් උඩරට ගිවිසුම කෙටුම්පත් කරවිමේදි කිසිදූ භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා නැත. එය Sri Wickrema , Brownrigg and Ehelepola කෘතියේත් , ජෝන් ඩොයිල්ගේ දින පොතෙත්  පැහැදිලිවම සටහන් කර ඇත.රාජ තාන්ත්‍රික කෝණයකින් සිතා බැලූවත් , ගිවිසුමට පෙර භික්ෂූන් වහන්සේලා බැහැ දැක අදහස් විමසන බැවින් කෙටුම්පත් කරවිමේදි උන්නාන්සේලා නැවත ගෙන්විමේ සිරිතක් නැත. එදින රාත්‍රී 7:30 වන තෙක් අදිකාරම්වරු  සහ දිසාවේලා සමඟ ගිවිසුමේ ආගම සම්බන්ධ කරුණු සාකච්චා කළා විනා කිසිදූ භික්ෂූන්ගේ සම්බන්ධයක් එදිනට තිබි නැත.  ඩොයිලිගේ මාර්තු දෙවෙනි දින වාර්තාව අනූව  "පස්වරු හතරට රැස් වී ගිවිස...

ලොහාන් සහ මතක

Image
 ලොහාන් රත්වත්තේගේ මරණය සවනට වැටෙන විට මා සිටියේ කුලී ත්‍රීරෝද රථයක පිටුපස ආසනයේ. "ලොහාන් රත්වත්ත මැරිලා "  යැයි මට නොදැනුවත්වම කියවෙන විට , නම නොදන්නා ත්‍රී රෝද රථ රියදූරා සැනෙන් කීවේ "උඩතලවින්නේ මුස්ලිම් කොල්ලෝ දහදෙනාට කරපූවා තමා ඔය .."  යනුවෙනි. මනුෂ්‍ය මරණයක් පිළිබඳව මහජන මතය ගොඩනැගෙන අන්දම පිළිබඳ මට වැටහුනේ එවිටයි.  ලොහාන් මියගිය විට කිසිවකු ඔහූ රාජ්‍ය ආමාත්‍යවරයකු ලෙස සිටි බවවත් , ඔහුගේ පියා හිටපූ ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වතේ බවවත් , ඔහූගේ නැන්දනිය ලොව පළමුවන අගමැතිනිය වූ සිරිමා ඩයස් රත්වත්තේ බවවත් , ඔහූගේ ඥාති සහෝදරිය මෙරට බිහිවූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රකා බණ්ඩාරණායක බවවත් , ඔහූගේ සීයා වූ හැරිස් ලෙව්කේ රත්වත්තේ 1932 තරම් ඈත රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරමින් පසූව දියවඩන නිළමේ තනතුරද දැරූ බවවත් මතක නැත. මිනිසුන්ට මතක පැපුවා නිව්ගිනියාවේ රග්බි ක්‍රීඩක සහ එවකට හැව්ලොක් කණ්ඩායමේ පුහුණුකරු වූ ජොයෙල් පේරා දෙනෝදහක් මැද වෙඩි තබා ඝාතනය කිරිම පමණි.  මිනිසුන්ට රත්වත්තේ දිසාවේවත් , බාන්ස් රත්වත්තේවත් මතක නැත.  මිනිසුන්ට මතක උඩතලවින්න ඝාතකයන් න...

කදිරගාමර් ඝාතනයට දශක දෙකක්

Image
 කදිරගාමර් ඝාතනය මුලින්ම මා සවනට ඇසුනේ 2005 අගෝස්තු 13 උදේ ගුවන් විදුලියෙන්.ඝාතනය LTTE ස්නයිපර්කරුවකු විසින් සිදුකළ බවත් ජාතික රෝහලට අමාත්‍යවරයා රැගෙන යන විට මරණයට පත්වුනු බවත් , බෙල්ලට සහ හිසට එල්ල වූ මාරාන්තික උණ්ඩ දෙකකින් LTTE සංවිධානය , කදිරගාමර් මහතාගේ ඉරණම විසඳා තිබිනි. මේ ප්‍රවෘත්තිය  ගුවන් විදුලි යකඩ කට සැරෙන් සැරෙන් ඇසුන බවද මට මතකය.    කදිරගාමර් මහතා කුමාරණතුංග ආණ්ඩූවේ ඒ මොහොතේ විදේශ අමාත්‍යවරයා බවත් ,  රටේ ඉහළම මට්ටමේ රාජතාන්ත්‍රිකයා බවත් , චන්ද්‍රිකාගේ ආණ්ඩූවේ මිළඟ අගමැති අපේක්ෂකයා වීමේ හොඳම සුදුසුකම් සහිත වූ පුද්ගලයා ඔහු බවත් මාහට කල් යනකොට අවබෝධ කරගැනිමට හැකිවිනි. ඒත් ඔහුගේ දියණිය පහු කාලෙක රචනා කළ "The cake that was baked at home " කෘතිය කියවිමෙන්  කදිරගාමර්ගේ නික්මයාමේ දිග පළළ හරිආකාරව මට තේරුම් ගැනිමට පිළිවන් විය.  විශේෂයෙන් පශ්චාත් යුධ සමයේදි ඉතා කඩිනමින් ගතයුතුව තිබූ එහෙත් නොගත් දේශපාලන විසඳුම් කදිරගාමර් වැන්නකු සිටියානම් මොනාආකාරයෙන් විසඳනු ඇතිද කියා මම කල්පනා කරලා තිබුනා. ඔහූගේ ඇවෑමෙන් ඒ හිස්තැන පිරවූ බොහෝදෙනා හුදු දේශපාලන පඹයන් පම...

පැණි වළලූ

Image
  මගේ අප්පච්චි ජිවත් වෙලා ඉන්නකන් කියෙව්වේ ලංකාදීප පත්තරේ. එයා සෙනසුරාදා වැඩ ඇරිලා එනකොට දෙකට නමාගෙන එන පත්තරේ මුල්ම සුවඳ බැලූවේ මම. ඒ සුවඳ පත්තරේ ඇතුළෙ කොලමක ජිවත් උන මනුස්සයෙක්ට මම ඒ වගේම ආදරේ කරා. කොලමේ නම "පැණි වළලු" . ඒ පැණි පිරුණූ කොලම ලීව ආදරණීය මනුස්සයා ධම්මික ගංගානාත් දිසානායක. හරියටම කිවොත් මහාචාර්‍ය ගංගානාත් දිසානායක.  පොකුටූ කොණ්ඩෙයි , සුදු පාට දම්වැල් මාලෙයයි , උඩ බොත්තම ඇරපූ කමිසයයි  එක්ක ගංගානාත් දිසානායක මහාචාර්‍ය කෙනෙක් කියලා මට කවදාවත් දැනූනේ නෑ. එයාගෙ කොලමෙන් මට හැමදාම දැනූනේ නුවර ඉපදිලා,කන්ද උඩ ධර්මරාජෙට ගිහින් එතනින් ජපුරට ආව , මිනිස්සූ ,ජිවිතේ ,ලෝකේ ගැන දැනෙන කතා ලීව මනුස්සයෙක් විදියට විතරයි. එයා කොච්චර ලොකූ මනුස්සයෙක්ද කියලා මට තේරුනේ පස්සේ කාලෙක ජපානේ  තානාපති උනා කියලා දැක්කම.  පොළේ කූර විකුණන අම්මගේ ඉදන් තමන්ගේ නුවර ගෙදර උන්නූ පූසා , ආච්චි අම්මා , පොඩි කාලෙම නැති උනූ තමන්ගේ අම්මා , ජපානේ ජිවිතේ , මුලින් කන්න නොහිතෙන ඒත් පස්සේ රසකර කර කන සූෂි මේ හැමදේම ගැන පැණි වළලු කොලමේ ලිව්වා ගංගානාත් , ඒ ඔක්කොම එකතු කරලා පොත් තුනකුත් කරේ ගංගානාත්මයි ...

කතාකරන පින්තූර

Image
 මාතර කෝට්ටේගොඩ , රත්නපුරේ මහවලතැන්න , ගම්පහ අත්තනගල්ල , හම්බන්තොට මැදමුලන , අනුරාධපුරේ තඹුත්තේගම වගේම ලංකාවේ දේශපාලනේට දරුණූ සෙලවිමක් කරපූ තැනක් තමා යාපනේ අර්ධද්වීපයේ වැල්වැටිතුරේ කියන්නේ.  ලංකාව අවුරුදු තිහක යුද්ධයක හිර කරලා , අවුරුදු පනහකින් රට සම්පූර්ණයෙන්ම ආපස්සට හරවපූ ප්‍රභාකරන්ගේ උපන් ගම වැල්වැටිතුරේ. විජේවිරට කෝට්ටේගොඩ , මහවලතැන්නට සිරිමාවෝ , අත්තනගල්ලට බණ්ඩාරනායක,මැදමුලනට රාජපක්ෂ , තඹුත්තේගමට අනුර දිසානායක වගේම වැල්වැටිතුරේට ප්‍රභාකරන් වෙන්නේ අන්න ඒ විදියට.  යාපනේ ඉදන් යාපනේ තුඩුවේ පාරේ විනාඩි 40 ගිය තැන වැල්වැටිතුරේට යන්න පුලුවන් . ඊටත් වඩා කන්කසන්තුරේ නමි ඉන්නේ , පලාලි හරහා කිලෝමීටර් 15 දුරින් තියෙන වල්වැටිතුරේට යන්න විනාඩි 25 යයි.  තාමත් අව් කාෂ්ටේ ගිනිගන්න වැල්වැටිතුරේ ,ප්‍රභාකරන්ගේ කියන්න කිසිම දෙයක් නෑ. ඔහුගේ උපන් නිවස ආරක්ෂක අංශවලින් බූල්ඩෝසර් කරාත් එක්කම ඉතිරි වෙලා තිබුනේ ඔහුගේ නිවසේ  තාප්පයක එක කොටසක් විතරයි.  ඒත් තාමත් වැල්වැටිතුරේ වැඩිහිටියෙක්ගෙන්  "Thalaivar (ලොක්කාගේ) ගෙදර කොහෙද ඇහුවොත්. "  ඔහූට ඔබව සැක නැත්නම් ,ප්‍රභාකරන්ගේ ...

කතා කරන පින්තූර

Image
  "පෝර්ට් ඔෆ් ස්පේන් සිට පැමිණි කුමාරයා" බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලින් මතුවුනූ දර්ශනීය වමත් පිතිකරුවාව ක්‍රිකට් ලෝකය හැඳින්වූවේ එහෙමයී.  බ්‍රයන් චාල්ස් ලාරා ගැන බොහෝ දෙනෙක්ට මතක තියෙන්නේ සර් ගාෆිල්ඩ් සෝබර්ස් ගේ ලකුණු 364  ඉක්මවපූ ඉනිම ගැන එහෙම නැත්නම් එංගලන්තයට දුවන්න ගහපූ ලකුණු 400 ගැන. ඒත් ලාරා ඕස්ට්‍රේලියාවට 92-93 තරග වාරේ ගහපූ ලකුණු 277 ගැන කතා නොකෙරෙන තරම්.  මේ තරගාවලියේ පළවෙනි තරගේ බටහිර ඉන්දිය කොදෙව්වන් බොහෝම අමාරුවෙන් බේරගත්තත් ,  දෙවෙනි මෙල්බර්න් තරගය ෂේන් වෝන් ඇවිත් ගත්ත කඩූලූ හතත් එක්ක සුනුවිසුණු උනා.  තුන්වෙනි සිඩ්නි තරගෙත් මුලින් පන්දුවට පහර දුන්න ඕස්ට්‍රේලියානූවෝ ලකුණු 503 දාලයි කොදෙව්වෝ බැට් කරන්න දැම්මේ. එදා නොම්බර හතරෙන් පිටියට ආපූ අවුරුදු 23 තරුණ ලාරා  රිදෙන පාරවල් කීපයකින් තමන්ගේ මංගල ශතකේ රැස් කලා. නායකයකා උනූ රීචී රිචර්ඩ්සන් දුන්න සහයෝගය එක්ක , එතනින් 150,200,250 යනකනුත් ඕස්ට්‍රේලියානූවෝට ලාරව නවත්තගන්න බැරි උනා. හතරේ පහරවල්ම 38 ක්. පන්දූ 362, පහර දිමේ වේගේ 78.6. ඉබිගමනින්ම නෙවෙයි මේ ඉනිම ගැහූවේ. ඕස්ට්‍රේලියානූ වේග පන්දූ යවන්නන්ට...

කතා කරන පින්තූර

 අද ඕවල් ක්‍රීඩාංගණයේ එංගලන්ත ඉන්දියා පස්වෙනි ටෙස්ට් තරගේ එංගලන්ත දෙවෙනි ඉනිමේ අවසන් කඩුල්ලට ක්‍රීස් වෝක්ස් කියන කඩවසම් තරුණයා ආවේ එක අතක් එල්ලගෙන. දෙවෙනි දවසේ පන්දූ රකිනකොට උරහිස පැන්න වෝක්ස් , එතන ඉදන් එංගලන්ත ඉනිමේ එක පන්දුවක්වත් නොයවා ක්‍රීඩාගාරයේ හිටියේ. ඒත් ඉන්දියානුවෝ තමන්ට පේන්න තිබුන දිනුම උදුරගන්නවා දැක්ක වෝක්ස් වේදනාවට බම්බූ ගහගන්න කියලා බැට් එක අරගෙන ආවා. ලකුණු හයකින් ඉන්දියාව තරගේ දින්නත් ක්‍රිස් වෝක්ස් අපේ හදවත දිනාගත්තා. https://youtu.be/YDopqjqIhlA?si=Jvjz2mpM6oZaajHb ඒ වගේම හදවත හොරා ගැනිමක් උනා 1963 ජූනි 25 වෙනිදා එංගලන්ත ,බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ දෙවෙනි තරගේ. තරගේ තිබ්බේ ලෝඩ්ස් වල. එංගලන්තේ ලකුණු 234 ඉලක්කයක් එලවනවා කඩූලූ දෙකක් අතේ තියාගෙන. ජයග්‍රහණයට ලකුණු 6 තියෙන වෙලාවේ Shackleton දුවද්දි දැවෙනවා. දැන් එංගලන්ත අවසන් පිතිකරුවා ලෝඩ්ස් වල දහස් ගණනක ප්‍රේක්ෂකයෝ මැදින් ඇවිදගෙන එනවා.  ඒ තමා ජිවත්වෙන දැවැන්තයා Colin Cowdrey.සංගක්කාර දේශනය පවත්වපූ Colin Cowdrey ම තමා . මිනිහගේ වම් අත වැහෙන්න ප්ලාස්ටෝ පැරිස් බදාමයක් . දකුණු අතේ පිත්ත. David Allen එක්ක බේර ගන්න...