Skip to main content

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත. 

 පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )

 ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය එළැඹෙන තෙක් සජිත්ට පාර්ලිමේන්තු දොර වැසී තිබිනි. ඒ දිසානායක බලය සහ වික්‍රමසිංහයන්ගේ පක්ෂය තුළ වූ බල පරාක්‍රමය නිසාවන්නට පිළිවනි. නමුත් පක්ෂය තුළ ඔහුට සිටි හිතවතා වූවේ කරු ජයසූරිය පමණි. වසර 2000 වන විට උක්ත කරු ජයසූරියගේ අභ්‍යන්තර සහයෝගයෙන් හම්බන්තොටෙන් පාර්ලිමේන්තු පැමිණි ඔහූ 2011 දි සෙලවිය නොහැකි එ.ජා.ප නායකත්වයට කුප්‍රකට රනිල් සමඟ ගැටුමක් ඇතිකරගත්තේය. සිරිකොතෙන් ඇරඹි ඒ ගැටූම සමතයකට පත් වූවේ 2019 ජනාධිපතිවරණය නම් දුවන කෝච්චියට වික්‍රමසිංහ විසින් සජිත් නම් ළඳරුවා තල්ලූ කිරිමෙනි. සජිත්ට අනූව නම් 2019 ජනාධිපතිවරණයේදි තමා පරාජය කිරිමට වික්‍රමසිංහ ඩීල් එකක් දමා තිබූ බවත් ඒ නිසා ගෝඨාභය දිනූ බවත් පසු කලක හඬමින් කියා තිබිනි. නමුත් සජිත්ව ආසන්නව වසර 17-18 අසා , දැක , කියවා ඇති අයෙක් ලෙස මගේ හැඟිම නම් සජිත් වැන්නකු පරාජය කිරිමට ඩීල් වැනි බරපතළ උපක්‍රම අනවශ්‍ය බවයි. අවසානයේ ජනාධිපතිධූරය කෙසෙ වෙතත් පක්ෂයද අහිමිවෙමින් දුරකථනයක් අතැතිව සජිත් ඇතුළු නඩයට එළියට බසින්නට විය. 


 කෙසේ හෝ 2019 පරාජයෙන් පසුව වනගත වූ ඔහූ දැන් නැවත පැමිණ වසර පහකට බලයක් ඉල්ලා සිටි. පියාණන් මෙන් මමත් කරන්නෙමි යැයි වගන්ඩාභාරව කෑගසමින් සිටි . මේ නිසාම සජිත් උදෙසා මගේ ඇති උදාසීනත්වයටත් වඩා ඇතිවූ අනුකම්පාව මත පිහිටුවා පසුගිය දින කිහිපයේ ඔහූගේ පක්ෂ ක්‍රියාකාරිත්වය මම ප්‍රවේශමෙන් අධ්‍යනය කළෙමි. වසර දහයකට පෙර වේදිකාවේ කෑ ගැසූ සජිත් තවමත් ඒ ස්වරයෙන් , ඒ භාරයෙන් , ඒ මානසිකත්වයෙන් කතා කරමින් සිටි. ඔහු වෙනස් වී නැත. තවමත් ඔහු පෙර පාසල් වලට ගොස් දරුවන්ට "මගේ මිත්‍රවරුනි යැයි ආමන්ත්‍රණය කරයි ." , තවමත් ආබාධිතයකුගේ රෝද පුටුවක් රැස්විම් ශාලාවට තල්ලුකොට පැමිණ අවධානය ගැනිමට තැතක් දරයි , මෙරට පාසල් 10250 ට කෝටිපතියන් 10250 සම්බන්ධ කරනා බවට වහසි බස් දොඩවයි. අවසානයේ මගේ නිගමනය වූවේ කිසිදාක සජිත් , ඔහුගේ මේ ළදරු මානසිකත්වයෙන් ඉවතට නොඑනු ඇති බවයි. මගෙ අදහස නම් කුඩා කල සිට හුරතලයෙන් දිවිගෙවූ (pampered ) සජිත් වැන්නකූට ඔහූගේ චරිත ලක්ෂණයෙන්ම , ඔහුගේ සහජ විභවයෙන්ම ජනාධිපතිත්වයක් තබා ප්‍රාදේශීය සභාපතිත්වයක් හෝ ලබාදීම තැති ගැන්වෙන සූලූ පියවරක් බවයි. ඔහූ වැන්නකුට සමූපකාරයක් වැනි තැනක නිශ්චිත ක්‍රමවේදයක් සකසා නීතීයෙන් පිට තම අභිමතයට ක්‍රියාකිරීමට නොදී ,සහයට පමණක් අයෙක් ලබාදී ,( ප්‍රේමදාසලාගේ පැළැන්තිගතිත්වය පෙන්වා ගැනිමට) ගබඩා පාලක තනතුරක් පමණ ලබාදීම සෑහේ. එයින් එහා දෙයක් සජිත් වැන්නකුට සුදුසු නොවේ. මොනතරම් ආලවට්ටම් සජබේ කැම්පේන්කරුවන් දැමුවද , සජිත් කට ඇරිය විගසම ඡන්ද 10-15 කැඩෙන බව මටත් වඩා එහි හර්ෂ ද සිල්වා පවා දන්නා කරුණකි. 



සජිත් අද ජනාධිපති වේදිකාවක කෑමොර දෙන්නේ ඔහූ රණසිංහ ප්‍රේමදාසගේ ජීවවිද්‍යාත්මක පුතාවන නිසා පමණක් බව මට කැට තබා කිව හැක. ඒ සුදුසුකම හැරෙන්නට ඔහුට කිසිදු ප්‍රවීණත්වයක් , ප්‍රාමාණික බුද්ධියක් , නිර්මාණශීලිත්වයක් , තාර්කික චින්තනයක් නොමැත. සජිත්ගේ දේශපාලන සටන පිළිබඳ අල්ප අවධානයක් යොමු කළ මට ඔහූගේ සහයට සිටින රාජපුත්තිනම් රාසමාණික්කම්ගේ වීඩීයෝවක් අද උදෑසන ඇස ගැටිනි. 

එහි ඔහූ
 "Why we should vote Sajith "

 යන ප්‍රශ්නයට පිළිතුරු ලබාදේ. මම එකින් එක පහත විස්තර කරන්නේ රාසමාණික්කම්ගේ ඒ පිළිතුරුය.

 Sajith will provide equal political power to all communities in Sri Lanka including sinhala, tamil and muslim.

 මෙහි සජිත් පවසන අන්දමට සමාන දේශපාලනික අයිතියක් සෑම ජන කොට්ඨාසයක් සඳහා ලබාදිය යුතුයි යන්න අපැහැදිලි කරුණකි. මක්නිසාදයත් මෙරට ජන ව්‍යාප්තිය අනූව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඒ ඒ ජන සංයුතියේ නියෝජනයක් පිළිඹිබුවනවා මිස සමාන දේශපාලනික බලයක් ලැබිය යුතුයි යන්න අපබ්‍රංසයකි. . මෙය නිවැරැදි නම් රාසමාණික්කම් තම දේශපාලනික බලය ව්‍යාප්ත ප්‍රදේශය (යාපනය) අතහැර මහනුවර ඔහු පාසල් ගිය ප්‍රදේශයේ ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තු යායුතුය එය එසේ වනු ඇත්ද , ඒ අදහසේ ප්‍රායෝගිකත්වයක් තිබේද යන්න ඔබ ඔබේ විචාර බුද්ධියෙන් සිතා බැලිය යුත්තකි. මෙහි සජිත් විසින් ප්‍රගතිශීලී අන්දමෙන් සංශෝධනය කළ යුතු පිළිතුර මෙය විය යුතුය.

 Sajith must provide equal political power to all communities in Sri Lanka excluding their cast and ethnicity . 

 සජිත් කියනවානම් කිවයුත්තේ මෙයයි. වාර්ගික හෝ කුල බෙදිමකින් තොරව දේශපාලනික බලය බෙදී යා යුතුයි. නමුත් යාපනේ වෙල්ලාල කුලයෙන් පැමිණි රාසමාණික්කම් වැන්නකුට එවැන්නක් කීමට හැකි දැයි ප්‍රශ්නයකි. මෙය රාසමාණික්කම්ගේ කොන්ද පිළිබඳව ප්‍රශ්නයක් නිසා මෙයින් ඉදිරියට මෙය සාකච්ඡා නොකරමි.මම දිගටම සජිත්ගේ කොන්ද සහ බුද්ධිය ප්‍රශ්න කරමි. 


 සජිත්ට ඡන්දය දිය යුත්තේ ඇයි යන්නට රාසමාණික්කම් ගෙනෙන දෙවන පිළිතුරු අතිශයින්ම විහිළුසහගත ප්‍රසංගයකි. එය මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය වන් ප්‍රසංගයකි. මේ රාසමාණික්කම්ගේ දෙවන පිළිතුර

 Don't vote for an individual , look at what happened in 2019. Vote for a team. Because I believe that Sajith has the best team that can deliver the best results for the country . 

 පුද්ගලවාදි නොවී කණ්ඩායම ගැන සිතා ඡන්දය දෙන්න. ඔවුන් එයට උදාහරණය සපයන්නේ 2019 ගෝඨාභය ආගමනයයි. සජබේ සෝදාපාලූව සහ සජිත්ගේ අවිනිශ්චිත , අසාමාන්‍ය අදහස් දැක්වීම රාසමාණික්කම්ගේ මේ පිළිතුරෙන් හොඳින්ම විද්‍යාමාන වේ. මුලින්ම සජබේ දැනගත යුත්තේ මෙය ජනාධිපතිවරණයක් බවත් එහි කේන්ද්‍රය බලය ඔවුන් කැමැති වුවත් නැතත් සජිත් වී ඇති බවය. ඒ නිසා Don't vote for an individual යන්න දේශපාලනික අඳ බාල තීරණයකි. මෙය පාර්ලිමේන්තු මැතිවරණයකට කදිමව ගැළපුනද ජනාධිපතිවරණයකට නොගැළපෙන පන්නයේ අවර අදහසකි. මෙම සටන් පාඨයේ ප්‍රතිවිරුද්ධ දේශපාලනික භාවිතය (Reverse psychology ) රනිල් පාවිච්චි කරමින් සිටින අතර ඔහූ ඒ හරහා සිඝ්‍රයෙන් සජිත්ගේ ඡන්ද අහිමිකරමින් සිටි. සජිත්ට නෙවෙයි කණ්ඩායමට ඡන්දය දෙන්න යැයි කියන රාසමාණික්කම් දැනගත යුතු කාරණය වන්නේ සැප්තැම්බර් 21 දින සජිත් හදිසියේ හෝ ජනාධිපති වුවහොත් , ඔබම නොසලකා හරින්නැයි කියනා පුද්ගලයා අති විශාල විධායක බලතල සමඟ රාජ්‍යත්වයට පත්විමයි. 
ඔබම අවතක්සේරුවට ලක්කරන පුද්ගලයකුට එවන් බලයක් ලැබිම (සජිත් ජනාධිපති වීම මා අවදියෙන් සිටිනා විටද භීතියට පත්වන අන්දමේ සිදුවිමකි. ) කුමනාකාරයෙන් කළමනාකරණය කිරිමට හැකිදැයි මැනබැලිම අපහසු කරුණකි. 

 G.R.R Martin ගේ සුප්‍රකට House of Dragons ග්‍රන්ථයට  අනුව  යමින් Otto hightower වරක් පවසන අන්දමට

 Damon would be a second Megor or worse. 

 මටද කීමට ඇත්තේ එලෙසින්ම , බලය සහිත සජිත් ,ඔහුගේ පියාටත් වඩා බිහිසුණු , වඩා අපරිණත , එම තනතුරට පත්විය හැකි නුසුදුසුම ජනාධිපතිවරයා වනු ඇති බවයි. එවැනි Bottleneck එකක් ආර්ථිකමය වශයෙන් අසීරු කාලයක පැමිණියහොත් උදාවන්නා වූ අනාගතය වඩ වඩා අඳුරු වනු ඇත. 

 2005 වසරේ සිට පැවති ජනාධිපතිවරණ සෑම එකක් පාසාම මා යම් අවබෝධයකින් කියවාගෙන ඇත. ඒ සෑම ජනාධිපතිවරණයකම ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට ඡන්දය ලබාදීමට ඡන්දදායකයන්හට සාධාරණ , ශක්තිමත් , තාර්කික හේතුවක් තිබිනි. අපි එකින් එක සලකා බලමු

 2005
 මහින්ද : ශාපලත් යුද්ධය නිමා කිරිම 

 රනිල් : චන්ද්‍රිකාගේ විවෘත ආර්ථිකයට සංස්කෘතික මුහුණුවරක් යන සටන් පාඨය වෙනුවට ජේ.ආර් ගේ ආර්ථික මොඩලය නැවත ඉදිරියට ගෙන යාමට. 

 2010 
 මහින්ද : 2009 දි තිස් වසරක යුද්ධය අවසන් කිරිම 

 ෆොන්සේකා : යුද්ධය දිනු වීරයා , ඒ විනයෙන්ම රට සමෘද්ධිමත් කරනු ඇතැයි යන විශ්වාසය. 

 2015 
 මහින්ද : ආසියාවේ ආශ්චර්‍ය ඉදිරියට ගෙනයාමට. නිදහස් රටක ආර්ථික දියුණුවක් ඇති කිරිම. 

 මෛත්‍රී : දූෂිත රාජපක්ෂ රෙජීමය පාලනයෙන් අතුගා දැමිමට.


 2019 
 ගෝඨාභය : එක රටක් , එක නීතීයක් 

 සජිත් : නැවත රාජපක්ෂ හොරරැළට පාලන බලය උරුමකර නොදිමට. 


 2024 
 රනිල් : බංකොලොත් වූ රට නඟා සිටවූ නායකයා ලෙස තවත් වසර පහක් ක්‍රියාකිරීමට . 

 අනුර : නව දේශපාලනික සංස්කෘතියක් , පොහොසත් රටක්. 

 සජිත් : ????? 


 මෙවර ඡන්දයට දින නියම වූ දා සිට මෙහි තතු විත්ති පිළිබඳව පැහැදිලි ඉවකින් මා සිටියද තවමත් සජිත්ට ඡන්දයක් දිය යුත්තේ ඇයිද යන්න මට ගැටලුවකි. නමුත් පසුගිය සතියෙන් පසුව මට කරුණු අවබෝධ විය. සජිත්ට ඡන්දය දෙන්නකු නම් බොහෝ විට සජිත්ගේ පැරණි අමාත්‍යාංශයක පිං රස්සාවක් ලබාගෙන තිබිය හැකි , නැත්නම් රජයේ ඉඩමක වගා අයිතිය ලබාගෙන තිබිය හැකි , අනෙක් අතට වැසිකිළි පෝච්චියක් , තහඩුවක් , වියළි ආහාර මල්ලක් , පොහොර මිටියක් හෝ සජිත්ගෙන් ලබාගෙන තිබිය හැකි. එහෙමත් නැත්නම් , සජිත් තමන්ගේ ප්‍රදේශයට පැමිණියේ නම් දවල්ට කෑම කන්නේ , තේ එකක් බොන්නේ ඔවුන්ගේ ගෙදරෙන් වන්නට පුලුවනි. ඒ හැරත් සජිත්ට ඡන්දයක් දෙන්නේ නම් ඒ ඇයි යන්න මගේ මොළ ධාරිතාවට ග්‍රහණය නොවේ. බොහෝවිට එය මගේ සිතුවිලි ධාරාවෙන් එහායින් වූ තර්කයක් විය හැක. 

 කෙසේ හෝ ජනාධිපතිවරණයට තව දින පහකි. මගේ විශ්වවිද්‍යාල ජේෂ්ඨයා අනුරාධ බණ්ඩාර පෙරලුනු පසක නැවුම් බව පිළිබඳව උදෑසන මුහුණුපොතට ලියා තිබිනි. ඒ පෙරළෙන නැවුම් පසට සජිත් වැනි හිස් ප්‍රාණීන්ද යටවී ඔවුන් දේශපාලන භූමියෙන්ම වියැකී යා යුතුය. 
එතෙක් රටට හෝ මිනිස්සූන්ට හෙටක් නම් උදානොවනු ඇත. හෙට මෙයැයි කියා රවටමින් , ඔබ සතු ඡන්දය නම්  සජිත්   වැන්නවුන් මංකොල්ල  කනු  ඇත. 



ප.සු : ඡන්ද දැමිමට යෑමට පෙර , සජිත් ඈත ගමක මිනිස්සූන්ට රැකියා බෙදා දෙන වීඩියෝව නරඹන්න , එහි ඇති හාස්‍ය වෙනුවට ඔහූගේ මනෝභාවය සහ චින්තනය තේරුම් ගැනිමට වෙරදරන්න. මෙවැන්නකුට රට ගිය කල උදාවන තත්වය මනසින් සිහිගන්වාගන්න. 




Comments

  1. සජිත් පරාද වෙන විදියට දෙවෙනි තුන් වෙනි මනාප හරියට දෙන්න ඕනි විදියත් post එකක් දැම්මා නම් මරු හැබැයි.. මේ සැරේ අනිවාර්යයෙන් 2,3 මනාප වලට යන නිසා සජිත්ට අඩු වෙලා 2nd place ඉන්න කෙනාට මනාප ටික යන්න ඕනිනේ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...