Posts

අප මලාලා දැනගත යුතුද ?

Image
   අනුව දශකයේ මැද භාගයේ ඇෆ්ගනිස්තානයට අභියෝග කිරිමෙන් පසුව තලෙයිබාන්වරු නැවත වරක් විසිඑක්වන  සියවසේ දෙවන දශකයේ ආරම්භයේදි මධ්‍යම රජයට සිය වෙඩි උණ්ඩ යොදවා අභියෝග කරන ලදි. ට්‍රම්ප් පාලනයෙන් පසුව ඇමෙරිකානූ ධවල මන්දිරය  භාරගත් ජෝ බයිඩන් තලෙයිබාන් ප්‍රහාරයට මසකට පමණ පෙර ඇමෙරිකානූ භටයින් ඇෆ්ගන් දේශ සීමාවෙන් ඉවත් කල නිසා පෙර මෙන් අවහිරතාවයකින් තොරව තලෙයිබාන්වරු රටට ඇතුළු වි පාලන බලය තහවුරු කරන ලදි. අද මෙකී සටහන තලෙයිබාන් ආක්‍රමණය හෝ  ඒ හා සමගාමී කරුණු කාරණා පිළිබඳව නොව..ඒ හා බැඳුනු සමාජ ක්‍රියාන්විතය පිළිබඳවයි. තලෙයිබාන්වරුන් විසින් රාජ්‍ය බලය තහවුරු කිරිමෙන් පසුව ගත් මුල් නීතීමය ක්‍රියාමාර්ග කිහිපය තුළ මුලිකත්වය ගත් එක් කරුණක් වූවේ කාන්තා අධ්‍යාපනය තහනම් කිරිමයි. ඔවුන් සිය ආගමික අන්තවාදී න්‍යායට අනුව කාන්තාවන්ට බුර්කාව ඇදිමට බලපෑම් කිරිම සහ පාසල් අධ්‍යාපනය තහනම් කිරිම ක්‍රියාත්මක කෙරිනි. BBC වාර්තාවට අනුව මෙම නියමයෙන් මුල් සතිය තුළ පමණක් ඔවුන් ඇෆ්ගන් කාන්තාවන් දස දෙනෙකු පමණ ඝාතනය කොට තිබිනි. ඒ සියලු දෙනාම අන්තවාදී තලෙයිබාන්වරුන්ට එරෙහිව සිය හඬ අවදි කළ කාන්තාවන් පිරිස...

අවාසනාවන්ත අවසානයක්

Image
 2007 වසරේ අප්‍රේල් 28 වන දින  ශ්‍රි ලාංකිකයන්ට  වඩාත්ම මතක සැමරුමක් වීමට හේතු වූ සුවිශේෂී කරුණු දෙකකි. ඉන් පළමුවැන්න  2007 දි බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සත්කාරකත්වයෙන් පැවති පන්දුවාර පනහ  ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයයි.  දෙවැන්න LTTE ත්‍රස්තවාදීන් විසින් කොළොන්නාව තෙල් සංචිත සඳහා පහර දිමයි.  මෙකී සටහන ඉන් පළමු සිදුවීම වෙනුවෙනි. අපරාජිත ඕස්ට්‍රේලියානුවන්  අවසන් තරගයට පැමිණෙන විට තරගාවලිය පුරාවටම ඉතාමත්ම හොඳින් දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානුවන් 2007 ලෝක කුසලානය දිනාගැනිමට අවශ්‍යය සියලූ පිඹුරුපත් සකසා තිබිනි. තරගාවලියට පෙර ඕස්ට්‍රේලියානූ ප්‍රවිණයන් කිහිපදෙනෙකු සිය සමුගැන්ම ප්‍රකාශයට පත්කළ සිටි නිසාවෙන්  ඔවුනට අමතක නොවන සමුගැන්මක් ලබාදීමට පොන්ටින් ඇතුළු නවකයන්ට අවශ්‍යයව තිබිනි.  රිකී පොන්ටි ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවාන් අප්‍රේල් 25 වන දින අවසන් පූර්ව තරගයේදි දකුණු අප්‍රිකානුවන් පහසුවෙන් පරාජය කරමින්    පිටියට පිවිසි අතර මහේල ප්‍රමුඛ ශ්‍රි ලංකා කණ්ඩායම අප්‍රේල් 24 වන දින ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදි  නවසීලන්තය ලකුණු 81 න් ප...

ලෙයින් උපන් බල පෙරළිය

Image
 ලාංකීය ඉතිහාසයේ කේන්ද්‍රයම බල පෙරළිය ලෙස සැලකෙන්නේ වසර 1521 සිදුවු "විජයබා කොල්ලය" නම් වූ  දේශපාලනික කුමන්ත්‍රණයයි. මෙරට ඉතිහාසගත වංශකතාවේ බොහෝමයක් වූ අනාගත සිදුවීම් හි මූලාංකුරය ලෙස සැලකෙන්නේ ඉහත කී විජයබා කොල්ලයයි.  කෙදිනකහෝ මෙරට විජයබා කොල්ලයක් සිදුනොවුනේ නම් පෘතුගීසින්ට එරෙහිව වන්නට කිසිවකු බිහිනොවිමටද , මායාදුන්නේ වැන්නකු  බිහිනොවිමටද  , සීතාවක රාජසිංහ රජ නොවිමටද ඒ ආකාරයෙන්ම  පළමුවන විමලධර්මසූරිය රජ වීම හෝ ඒ අනුකාරයෙන් උපත ලැබූ උඩරට රාජධානිය බිහිනොවිමටද බොහෝ ඉඩකඩ තිබිනි. මෙකී සටහන  එලෙසින් මෙරට ඉතිහාසයේ වැදගත්ම දේශපාලනික  බලපෙරළිය වූ "විජයබා කොල්ලය" හා අනුබද්ධිත  සංසිද්ධීන් කිහිපයක් ඇසුරෙනි.    සිංහල සේනාව සහ පෘතුගීසින් අතර ගැටුමක සිතුවමක්  පුතුන්ගේ කුමන්ත්‍රණය  වර්ෂ 1505 දි පෘතුගීසින් මෙරටට පැමිණෙන විට කෝට්ටේ  පාලකයා වූ අටවන වීර පරාක්‍රමබාහු රජුගෙන් සහ නවවන ධර්ම පරාක්‍රමබාහු රජුගේ  ඇවෑමෙන් වර්ෂ 1510 දි රාජ්‍යයත්වයට පත් වූ  සත්වන විජයබාහු රජුට පුතුන් තිදෙනෙකි.  බුවනෙකබාහු , රයිගම බණ්ඩාර සහ මායාදුන...