පහත ඡායාරූපය නිතිඥ් Nisal Dulmith අයියගෙන් ඉල්ල ගත්ත මොහොතේ එක නිමේෂයකින් 2013 ජනවාරියේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව නිල නිවසෙන් පිටකිරිම සිනමාපටයක් වගේ මට මැවෙන්න පටන් ගත්තා. මාධ්‍ය වටකරගෙන තමන්ගේ පුතා පදවන මෝටර් රථයෙන් ඈ නිල නිවසෙන් පිටවෙන විට අවසානයටම කීවේ
"ඔයාලා( රටේ ජනතාව) මාව බලාගන්න . "
එකල පැවති බල උන්නතීකාමීත්වයේ මත්වී සිටී රාජපක්ෂ විසින් අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසුවේ එලෙසිනි. ඉන් කලකට පසුව ආචාර්ය බණ්ඩාරනායක ලීව් "උත්තරීතර - දෝෂාභියෝගයේ ඇතුළාන්තය කෘතිය අකූරක් නෑර කියවූ විට මෙරට නොම්බර එකේ දේශපාලන ජඩයා ලෙස ජයවර්ධන ජනාධිපති හඳුන්වන්නේ යම්ලෙසද රාජපක්ෂත් ඒ සමාන මට්ටමින් පුරා වසර 10 ක්‍රියා කළ බව කැට තබා කිව හැකිවනු ඇත.
ශිරාණි බණ්ඩාරනායකව දෝෂාභියෝගයට නතුකොට සේවයෙන් නෙරපා දැමුවේ අනීතිකවය.නමුත් දින දෙකකට පෙර රාජපක්ෂව විජේරාමෙන් මැදමුලනට යැව්වේ නෛතීකවය. වසර දොළහකට පෙර අගවිනිසුරු ආචාර්ය බණ්ඩාරනායක තමාගේ ආරක්ෂාව ඇත්තේ ජනතාව අතබව පැවසුවේය. ඒ ජනතාවගේම ඡන්දයෙන් පත්වූ දිසානායක ජනාධිපති ප්රමුඛ ආන්ඩූව "හිටපූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරිමේ පනත" නීතීයක් බවට පත්කර රාජපක්ෂව නිලනිවසෙන් ඉවතට දැමුවේය. ශ්‍රී ලංකාවේ වසර දොළහක කාල පරාසය තුළ ජනතා ප්රජාතන්ත්රවාදයේ හැසිරිම තේරුම් ගැනිමට මීට වඩා තවත් උදාහරණ නොමැත.
කාල් මාක්ස් වරක් පැවසූ අන්දමට "ඉතිහාසය නැවත නැවත ක්‍රියාත්මක වේ . මුලින්ම එය ඛේදනීය අන්දමින් ක්‍රියාත්මක වන අතර පසූව එය විහිළුසහගත අන්දමින් ක්‍රියාත්මක වේ. "
History repeats itself ,first as tragedy , second as farce.
ඉහත ඡායරූපය අනුව රාජපක්ෂගේ ඉරණම ඛේදවාචකයක්ද , විහිළුවක්ද යන්න තීරණය කිරිම ඔබ සතු කාර්‍ය්ක

ඇත්තටම හරි
ReplyDeleteThank you !!
Deleteඔයාලා (රටේ ජනතාව) මාව බලාගන්න' යනුවෙන් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එදා නිල නිවසින් පිටත්ව ගියේ, බලයේ මත්වීම විසින් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ ඛේදනීය ප්‍රහාරයේ සංකේතයක් ලෙසයි.
ReplyDeleteවසර දොළහකට පසු, ජනතා ප්රජාතන්ත්රවාදය නැවත ක්‍රියාත්මක වී ඇත. රාජපක්ෂ පවුලට අහිමි වූ නිල නිවාස වරප්‍රසාදය, නීතිමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ මිස අත්තනෝමතික ලෙස නොවීම, අධිකරණයේ ආත්මය තවමත් නොමැරී ඉතිරි වී ඇති බව පෙන්වයි.
කාල් මාක්ස්ගේ ප්‍රකාශය මෙයට හොඳින්ම ගැලපේ: ශිරාණි බණ්ඩාරනායකගේ දෝෂාභියෝගය ඛේදනීය නාටකයක් වූ නමුත්, රාජපක්ෂගේ වරප්‍රසාද අහිමි වීම, එම බලයට ජනතාව විසින් දුන් විහිළු සහගත පිළිතුරක් බඳු ය. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ප්‍රතිවිපාක පිළිබඳ පාඩම සනිටුහන් කරයි
අපේ රටේ දේශපාලනයේ හැටි තමයි ඔය. බලයේ හිටපු අයට අධිකරණයේ ස්වාධීනත්වය බල්ලට දාලා, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියව දෝෂාභියෝගයෙන් අයින් කරද්දී, එතුමිය එළියට ඇවිත් කිව්වේ "ඔයාලා (ජනතාව) මාව බලාගන්න" කියලා. ඒක අහපු වෙලාවේ කාට වුණත් ඇඟේ මස් පිඬු හිරි වැටෙන්න ඇති. ඒක තමයි බලයේ උද්ධච්චකම පෙන්නපු ඛේදවාචකය.
ReplyDeleteරාජපක්ෂගේ 2005-2015 කියන්නේ නීතීය බල්ලටම ගිය කාලයක්
Delete