නිර්වාණ
මම මිනිස්සූ දූක් විදලා, පණ ඇඳලා , කාලයක් ඇඳට කොටූවෙලා මැරෙනවා වගේම , මේ ඉදලා මේ මැරෙනවත් දැකලා තියනවා. මරණය කියන්නෙම ඒ තරම් අවිනිශ්චිත ,සම්භාවිතා තියන්න බැරි තරමේ ආශ්වාදජනක සිද්ධාන්තයක් කියලා මගේ හදවතෙන් මොළයට ගියේ යාන්තම් අවුරුදු විස්සෙදි. මැරෙනකන් ජිවත් නොවී ,ජීවත් වෙලයි මැරෙන්න ඕන කියලා මම අදහන්න ගත්තේ ඒ එක්ක. සන්නස්ගල උපන්නේ 1964 , ඒ කියන්නේ දැන් හැට දෙකක්. ඒ උනත් හැට පැනලා හොට බිම ඇනගන්නවා වෙනුවට එයා එන පෙබරවාරි 14 වෙනිදට කොළඹ සුගතදාසේ මහා උත්සවයක් සැලසුම් කරනවා. ඒකට එයාගේ නීල වර්ණිත නිර්වාණ නම යොදනවා. හතර වටේ ගිහින් කැම්පේන් කරනවා . මුහුණුපොතේ ලියනවා , සම්මූඛ සාකාච්චා කරනවා , Gen Z උං එක්ක හරි හරියට වැඩ කරනවා. හැට දෙකයි කියලා නොහිතෙන තරමට සන්නස්ගල සටන් කරනවා. ආශ්වාදජනකයි කියන මරණයට කලින්, ඉවර කරන්න ඕන වැඩ ඉවර කරන්න දඟලන තදියම මම දැක්කේ සන්නස්ගලගෙන්. මැරෙනකන් ජීවත් නොවී , ජීවත් වෙලා මැරෙන විදිය මම අත්වින්දේ සන්නස්ගලගෙන්. එයාගෙම වචන වලින් කියනව නම් සන්නස්ගල කියන්නේ Update වෙන මහල්ලෙක් , වැඩ කරන මිනිහෙක් , මුං ඇටයි පොල් සම්බෝලයි කාලා , ප්ලේන්ටීයක් ...