කතා කරන පින්තූර
1985-86 කාලය වෙනකොට ජයවර්ධන ජනාධිපති නොහිතපූ විදියට LTTE එක බලවත් වෙන්න ගත්තා. PLOT, TELO ,EPLRF වගේ උතුරේ විප්ලවවාදි කණ්ඩායම් මැදින් තම්බි (මල්ලී) නොහොත් ප්‍රභාකරන්ගේ LTTE එක ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩූවේ පවා අවධානය දිනා ගත්තා. ප්‍රභාකරන් කියන්නේ මිලිටරි මෑන්..ඒ නිසා මිනිහා තමා මේකට ගැළපෙන්නේ. ඉන්දියාව ගණන් හැදූවේ ඒ විදියට. මේ කාලේ වෙනකොට ඉන්දියාවටත් , ජයවර්ධනට රිදෙන්න දෙන්න ලොකු උවමනාවක් තිබුනා. ඒකට හේතුව ජයවර්ධන ආණ්ඩූවේ තිබූනූ එක්සත් ජනපද ගැතිබව.මොකද අසූවේ දශකයේ අග ඉන්දියාවේ මාස්ටර් උනේ සොවියට් රුසියාව. තමන්ගේ දෙපාමූළ ඉදන් තමන්ට කොකා පෙන්වන ජයවර්ධනව මෙල්ල කරගන්න රජීව් ගාන්ධිගේ Political wing එක LTTE භාවිතා කරා. දැන් මේ වැඩේ කරගන්න නම් ලංකාව ඇතුළේ දේශපාලනික අස්ථාවරත්වයක් ඕන. ඒ වෙනුවෙන් ඉන්දියානූ රෝ ඔත්තු සේවය ලංකාවේ රජයට දැනෙන තැනකට ලොකූ ප්‍රහාරයක් දෙන්න කියලා TELO සංවිධානයට කීවා. TELO ප්‍රහාරක බලඇණී මේකට බෑ කීවා. "අපි ඉන්නේ ආමි එක එක්ක ගහගන්න , අපිට බෑ ගෝල්ෆේස් එකට ඇවිත් සාමාන්‍ය මිනිස්සු මරලා යන්න ".TELO එක බෑ කීව කොන්ත්‍රාත්තුව ප්‍රභාකරන් භාර ගත...