නිර්වාණ

 මම මිනිස්සූ දූක් විදලා, පණ ඇඳලා , කාලයක් ඇඳට කොටූවෙලා මැරෙනවා වගේම , මේ ඉදලා මේ මැරෙනවත් දැකලා තියනවා. මරණය කියන්නෙම ඒ තරම් අවිනිශ්චිත ,සම්භාවිතා තියන්න බැරි තරමේ ආශ්වාදජනක සිද්ධාන්තයක් කියලා මගේ හදවතෙන් මොළයට ගියේ යාන්තම් අවුරුදු විස්සෙදි.  මැරෙනකන් ජිවත් නොවී ,ජීවත් වෙලයි මැරෙන්න ඕන කියලා මම අදහන්න ගත්තේ ඒ එක්ක. 

සන්නස්ගල උපන්නේ 1964 , ඒ කියන්නේ දැන් හැට දෙකක්. ඒ උනත් හැට පැනලා හොට බිම ඇනගන්නවා වෙනුවට එයා එන පෙබරවාරි 14 වෙනිදට කොළඹ සුගතදාසේ මහා උත්සවයක් සැලසුම් කරනවා. ඒකට එයාගේ නීල වර්ණිත නිර්වාණ නම යොදනවා. හතර වටේ ගිහින් කැම්පේන් කරනවා . මුහුණුපොතේ ලියනවා , සම්මූඛ සාකාච්චා කරනවා ,  Gen Z උං එක්ක හරි හරියට වැඩ කරනවා. හැට දෙකයි කියලා නොහිතෙන තරමට සන්නස්ගල සටන් කරනවා.





ආශ්වාදජනකයි කියන මරණයට කලින්,  ඉවර කරන්න ඕන වැඩ ඉවර කරන්න දඟලන තදියම මම දැක්කේ සන්නස්ගලගෙන්. මැරෙනකන් ජීවත් නොවී , ජීවත් වෙලා මැරෙන විදිය මම අත්වින්දේ සන්නස්ගලගෙන්.  එයාගෙම වචන වලින් කියනව නම් සන්නස්ගල කියන්නේ Update වෙන මහල්ලෙක් , වැඩ කරන මිනිහෙක් , මුං ඇටයි පොල් සම්බෝලයි කාලා , ප්ලේන්ටීයක් බීලා , රූපවාහිනියේ ප්‍රවෘත්තියි , දිවයින පත්තරෙයි හවසට කියවලා , රෑ හතට බඩ එළියේ දාගෙන නිදානොගන්න මිනිහෙක්. හැමදාම හීන දකින , දකින හීන වලට සැලසුම් හදන මිනිහෙක්. 14 වෙනිදා නිර්වාණ වේදිකාවේ දකින්නේ අන්න එහෙම සන්නස්ගල කෙනෙක්. 

අප්ඩේට් වෙන මහල්ලෙක් , රත්තරං වැස්සෙන්  නිර්වාණයට . 14 වෙනිදා සුගතදාසයට. 

Comments

  1. Pavithra Hansani8 February 2026 at 05:39

    අප්‍රකාශිත ආදරය ගැන මේ ලෝකේ සුන්දරම ආදර ගීතය 'මා නුවන් පුරා' . ඒ සින්දුවෙ වචන වගේම සන්නස්ගල කියන්නෙත් කවදාවත් පරණ නොවෙන මනුස්සයෙක්

    ReplyDelete
  2. ඇත්තටම උන්නැහේට සුභ පතන්න ඕනේ . මට වැඩිය වුරුද්දක් වැඩිමල් . හොඳ ආදර්ශයක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මෝඩම මෝඩ තරිඳු