2025 කියන්නේ සිනමාත්මක අවුරුද්දක්. හරියට 1994 දී හොලිවුඩ් වගේ. ඒ සිනමාත්මක අවුරුද්දේ අන්තිම චිත්‍රපටි තුනෙන් එකක් උනු "මෝඩ තරිඳු" බලන්න මම සැහෙන උනන්දුවකින් හිටියේ.
නිනෝ ලයිව් කරලා ඇණගෙන ,කටු කාලා උන්නූ ලොකු තිසරයි ,පොඩි තිසරයි මෝඩ තරිඳුගෙන් ඇරියර්ස් ඔක්කොම ඇල්ලූව ගතියක් මට නම් අද දැනූනේ.
අද නුවර KCC , 10:45 show එකේ එක හිස් පුටුවක් වත් තිබුනේ නෑ. මේ ජයග්‍රහණය තිසරලාගේ අනාගත කලා ජිවීතයට හොඳ ආයෝජනයක් වේවායි හිතන ගමන් මම මේ ටික ලියන්නම්.
Comedy ශානරයේ පරිණාමය හොඳටම බලන්න පුලුවන් චිත්‍රපටියක් තමා "මෝඩ තරිඳු". කොටින්ම අපි හිනා උනේ සූර්‍යාගේ මෝඩකමටවත් , කෞශල්‍යාගේ රංගන ප්‍රතිභාවටවත් නෙවෙයි , පොඩි තිසර ලියපූ නාට්‍යෝචිත අවස්ථා අනූන දෙබස් වලට. පිටපතෙන් ප්‍රේක්ෂකයාව සිනහ සාගරයට අරන් යන නූතනවාදි ප්‍රහසන සිනමාව කියන කැබිනෙට්ටූවේ උඩම තට්ටූව මෝඩ තරිඳුට හිමිවෙන්නේ අන්න ඒහෙමයි.
මම කොහොමත් වචන වලින් දාන සෙල්ලම් වලට ආසයි. පොඩි තිසරගේ ඒ සෙල්ලම අවසන් නිශ්පාදනයක් විදියට වර්ණවත් කරලා විචිත්‍රපටියක් කළේ ලොකු තිසර. බයිස්කෝප් හදන්න තමන්ගේ මූලූ තරුණකාලෙම දියකරගෙන යාන්තම් මැදිවියට ඔලුව උස්සගෙන එන ඉඹුලානට මගේ ප්‍රණාමය. ලස්සනයි මචන් වැඩේ !! කතාවට කියන විදියටම මෝඩ තරිඳු Visually දැනෙන වැඩක්. මේ ඔක්කොමලා වෙළඳ දැන්වීම් හදන ඈයෝ නේ. උන් දන්නවා තැනේ හැටියට ඇණේ ගහන්න.ඔය ලක්මාල් පේනවනෙ.
ඊළඟට ඩිස්ටි ඩිඩින් වෙලාවට මවපූ වයිබ් එක. මම කිසිම චිත්‍රපටියක එහෙම කතාදරයක් දැකලම නෑ ආයිබෝවන්ඩ. වෙලාවක හිතුනා , දෙයිහාමුදුරුවන් පල්ලා ඇත්තම ජිවිතෙත් මෙහෙමද මන්දා මේ දේවල් වෙන්නේ කියලා.දිනේෂ් ගමගේ තමන්ගේ පළවෙනි සංගීත අධ්‍යක්ෂණය විදියට අත්හදා බැලීම් කීපයක් කරලා තිබුනා. ශානර කීහීපයකම ගීත තිබුනා.සොමි ඉතින් !!!
දැන් කාස්ටින්.
සූර්‍යා, කෞශල්‍යා, ෂනූද්‍රී, කණිෂ්ක, ධනුක ,සුලෝචනා ගැන ඔයාලා ඇති තරම් විචාර ලියන්න.ඒත් මගේ සත දෙක සොපියා ගැන. මෙහෙම සොපියලා ඒ කාලේ ගම්වල උන්න නම් යකෝ ඉපදෙන්න තිබ්බේ 1947 අවුරුද්දේ මිසක් 1998 අවුරුද්දේ නෙවෙයි.කහඳවලගේ තෝරා ගැනීමම ම ටිකාක් මතභේදයක් වෙන්න පුලුවන් උනත් , එයා මදිනොකියන්න සොපියට ඇන්දා.
ඉතින් මිතුරනි ,2025 වසරේ සිනමා වසන්තයේ අලුත්ම මල් පොකුර මඟහැරනොගන්න. ටිකාක් මෝඩයි වගේ නමින් දැනුනට , අපේ ජිවිතෙත් මෙහෙම මෝඩ තරිඳුලා අරක්ගෙන උන්නා නේද කියලා විටින් විට මතක් වෙයි. ඒ එක්කම ළාවට මූත්‍රා බරකුත් දැනෙයි.
මනුජය තෙන්නකෝන්
Now I'm waiting for a good science fiction movie.
ReplyDeleteමරු . ලන්ඩන් වලට එනවා . බලන්න යන්න ඕනේ
ReplyDelete