මම උපන්නේ 98 ජනවාරියේ. මගේ ඉස්කෝලේ ජිවිතේ ඉවර කරේ 2016 අවුරුද්දේ අගෝස්තු මාසේ. මම කැම්පස් එකෙන් එළියට බැස්සේ 2022 ජුනි වල. මේ කාල සීමාව දිහා බැලුවොත් මම කවදාවත් නොදැක්ක , නොවින්ද , නොඅහපු යුග කීපයක්ම තියනවා . ඒ හැමදේකින්ම මට අතපසූ උනා නේද කියලා හිත කීරී ගැහෙන තරමේ වේදනාවක් දැනෙන යුග තියෙන්නේ එකයි. ඒ තමා බ්ලොග් අඩවි ලියන්නන්ගේ යුගය.
ලංකාවේ බ්ලොග් සම්ප්‍රදායක් තිබුනයි , එයින් අංකූර ලේඛකයින් ප්‍රබෝධමත් උනයි , ඒයින් නවතාවෙන් යුත් පාඨක පිරිසක් බිහිවුනයි යන කාරණා අතීතය විසින් මුද්‍රා තබා ඇත්තේ ය.
කොර්‍රෝනා හා ලෝකයක් සිර කඳවුරුගතව සිටිනා සමයක පෙර කී අතපසූ වූ ව්‍යායාමයේ නිරත වීමේ අභිලාසය පෙරදැරි කොට මා බ්ලොග් පඩංගුවක් ලිවීම ඇරඹුවෙමි . වෛරසයෙන් බැට කමින් ලෝකයක් උදාසීන වන්නා වූ සමයක මා නොසිඳෙන ජීවයකින් යුතුව අත්දැකීම් අකුරු කරන්නට විය.
මාගේ ඩිජිටල්ගත ලේඛනයේ ඇරඹුම එයයි එයින් අනතුරුව පසුකලක How I see නම් තවත් බ්ලොග් අඩවියක් ඇරඹූ අතර ඔබ මේ කියවනා පයිංඩයද ජාලගතවන්නේ How I see හරහාය.
දැන් මා මෙහි සැතපුමක් පසුකර වගත් මින් ඉදිරියට යමක් ඇරඹිය යුතු යැයි කල්පනාවෙන් යුතුව මෙසේ ලියමි.බ්ලොග් අඩවියෙන් අරඹා කලක් විජය පුවත්පතේ විශේෂාංග ලේඛකයකු ලෙසත් , Roar හි පරිභාහිර ලේඛකයක් ලෙසත් කලක් ක්‍රියා කර ඇති බැවින් ඒ සඳහා මා සතුව විභවයක් ඇත්තේ ය. එබැවින් How I see වෙනස් මුහුණුවරක් හරහා පැමිණිමේ උවමනාව මෙයින් ඉටු කරගනිමි.
ඩිජිටල් වේදිකාවේ තාක්ෂණික වෙනස් කම සිදුවන තෙක් සතිපතා තීරු ලිපි පන්නයේ ලිපියක්ද , කලාව සාහිත්‍යය හෝ ක්‍රීඩාවේ ප්‍රාමාණිකයකු සමඟ සිදුකරන්නා වූ සරල පිළිසඳරක්ද වෙනුවෙන් ඉදිරියට මෙහි ඉඩ තබමි.
පාඨකයන්ගෙන් සහ අනුශාසනාවෙන් තොර ලේඛක භුමිකාවක් නොමැත්තේ ය. එබැවින් ඔබේ අදහස් අන් කිසිවකටත් වඩා මා අගය කරන්නෙමි.
මීට හිතැති ...
මනුජය තෙන්නකෝන්
All the best
ReplyDeleteAll the best
ReplyDelete