Skip to main content

දැන් කොයිබටද ???

ලාංකීය දේශපාලන , සමාජීය ඉතිහාසයේ මුල්ම වරට ජන බලවේගයක් විසින් ආණ්ඩුවක් මට්ටුකොට ඇති මොහොතක මෙම සටහන තබමි. මෙකී විප්ලවීය ජන නැඟුම් මෙරටට ආගන්තුක වුවද , පසුගිය දශක එක හමාර පුරාවටම මෙවැනි පොදු ජනයාගේ සටන් රාශියක් පෙරළන්නට නොහැකියැයි කියූ ආණ්ඩූ හොඳහැටි මට්ටු කොට ඇත. දුම්රිය නවත්වා , දුරකතන සම්බන්ධතා වළකා , අනීතීක ඇඳිරි නිතීයක් පනවා තවදුරටත් ජනයා පාගා ගෙල සිඳිය හැකැයි කල්පනා කළ නන්දසේන ගෝඨාභය ඉල්ලා අස්විමේ ලිපිය මේ වනවිටත් කෙටුම්පත් කරනවා විය හැක.

 අරගලකරුවන් විසින් ගාලු මුවදොර අග්‍රාමාත්‍ය ලේඛම් කාර්‍යාලයේ සිට අරලියගහ මැදුර දක්වා සිය ග්‍රහනය තද කොට ඇති අතර මෙම සටහන ලියවෙන මොහොත වන විටත් පක්ෂ නායකවරුන් සිය සාකච්ඡා ආරම්භ කොට ඇති අතර ජනාධිපති සහ අගමැති දෙදෙනාම බොහෝ විට අද මධ්‍යම රාත්‍රියට පෙර ඉල්ලා අස්වනු ඇත. එයින් ඇතිවන්නා වූ පුරප්පාඩුව කෙටි කලකට කතානායක හරහා සැපිරී , අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩු ක්‍රමයක් හරහා කඩිනම් මැතිවරණයකට යනු ඇත. පිටින් බැලූ කල ඉදිරි දේශපාලනික බලතුලනය වීම එය විය හැක. පොදු ජනතාව ආරම්භක පියවර අද උදෑසන සාර්ථක අන්දමින් ආරම්භ කොට මේ වන විට එහි උච්චතම අවස්ථාව පසුකරමින් සිටින අතර මින් ඉදිරි පියවර මීටත් වඩා අතිසුපරික්ෂාකාරීව ගත යුතුය. මුල්ම කරුණ නම් , පෙර පැවසූ අන්දමට මේ ආකාරයෙන් ජන විප්ලව හරහා ගමන් කෙරු බොහෝ රාජ්‍යයන් සිය ඉරණම විසඳාගත්තේ බොහෝ විට හමුදා පාලන තන්ත්‍රයක් තුළයි .

මෙයට හේතූවූ ප්‍රධානතම කරුණ වූවේ. ප්‍රධාන සටනෙන් පසුව ඉන් ඉදිරියට සිදුවිය යුතු දේශපාලනික ප්‍රතිසංස්කරණ කෙරෙහි නිසි භාරයක් කිසිදූ සටන්කාමී කණ්ඩායමක් තුළ නොතිබිමයි. සටන්කාමී ලේ සහිත අරගලකරුවනි. නියම සටන දිනාගැනිමට නම් නිශ්චිත දේශපාලනික සහ කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ කරා රට යොමු කළ යුතුය. ඒ සඳහා නිවැරදි මනසින් සිටිය යුතුය. කුප්‍රකට රාජපක්ෂවරුන් සිය අවසාන නිද්දිත තුරුම්පූ නොසඟවා මේ මොහොතේ භාවිතා කරනු ඇත. දෑස් දල්වා සිටින්න. මක්නිසාදයත් සැබෑ සටන තවම අවසන් නැත. දෙවන ප්‍රධාන කරුණ නම් විශාල ණය බරකින් යුත් රාජ්‍යයක් වශයෙන් ඉදිරි මුල්‍යමය තීන්දූ තීරණ සඳහා පත්වන්නා වූ කවර මට්ටමේ ආණ්ඩුවක්ද ඒ සඳහා ඔවුන්ව යොමු කිරිමට ඔබ සතු බලය ප්‍රමාණවත්ද යන වගයි. අප ඩොලර් බිලියන් 52 ක සම්පූර්ණ ණය ධාරිතාවකින් යුත් දූපතක් බව අමතක නොකරන්න.

 පාලකයන් වෙනස් වීම IMF සාකච්ඡා සඳහා ප්‍රේරණයක් සැපයුවද , කඩිනම් සාමකාමීත්වය රට තුළ නිර්මාණය කළ යුතු වේ. ඉන්ධන නෞකාව ඉදිරි සතිය තුළ පැමිණිමට හැකියාවක් ඇති අතර පෙර තරම් නොවුනද යම් ආකාරයකට ජන ජිවිතය සාමාන්‍යකරණය වනු ඇත. එබැවින් වඩා ප්‍රඥාගෝචර මනසකින් ඉදිරිය කරා පිවිසීම අතිශය තීර්ණාත්මක වේ. මේබිම වසර තිහක් පුරාවට ඇති පදමින් ලේ හලා ඇති රටකි. මරණ ඝාතන හුරු රටකි , දමිළ , මුස්ලිම් ,සිංහල භේදයකින් තොරව ප්‍රාණයන් වා තලය උණුසුම් කළ බිමකි. .එබැවින් මිතුරනි නිවෙන්න. ඉදිරිය කරා තනි පුද්ගලයක් වශයෙන් සූදානම් වන්න. තෙවැන්න. මෙම සටනෙ ඉදිරිපෙළ සටන්කාමීන් බඳු තරුණ පරපුර වෙතයි. ඔබ මෙම භූමියේ අතිශය වැදගත්ම දේශපාලනික බල පෙරළිය සඳහා ඔබගේ ලේ කඳුළු දහඩිය කාලය මුදල් වැය කොට ඇත. නන්දසේන ගෝඨාභය වැනි බාල දේශපාලනික රූකඩ හට මැදි වයසේ හීන බිඳිගිය මිනිසුන් බිලී බාගත හැකි වුවද , අසූව සහ අනූව දශකයේ උපත ලැබූ ජිවිතය කුමක්දැයි කිය අතපත ගෑමට උත්සහා දැරුවන් හට දේශපාලන හස්තය දිගුකිරිමට නොහැකි විය.

 අරගලයට කිසියම් අයුරකින් අදහසක් දැක්වූ , දායකත්වයක් දැක්වූ තරුණයිනි , තරුණියනි. ඔබ මේ සටන් කළෙ අන්කවරකුගේ සිහින දිනා ගැනිමට නොව ඔබගේ සිහින දිනා ගැනිමටයි. දියුණු මානවවාදි සමාජයක් වෙනුවෙන් පුරා තෙමසක් මෙම තරුණයන් සිය දාහය පුදකොට ඇත. ආදරය සහ මනුෂ්‍යත්වය කැටිකොට ඇරඹි ගාලූමුවදොර අරගලයේ ආරම්භයේ සිට පැවති උද්‍යෝගය ජවය බොහෝ දිනවල ගාලූමුවදොර හරහා කොළඹ කොටුව කරා ගිය මම දුටුවෙමි . බුද්ධිය , දැනුම සහ සටන්කාමීත්වය සහිත මිනිසුනි. රටේ ඉදිරි දශකයෙ වගවීම සහ වගකීම ඔබ සතුවට ගැනිම ඔබ සියල්ල සතු උරුමයකි. වචනයේපරිසමාර්ථ අර්ථයෙන් ඔබ එයට අතිශයින්ම සුදුස්සෙකි. 


 සිව්වැන්න සහ අවසානය අන්තරය ඇතුළු කිසිදූ දිනක ජනාධිපති ලේඛම් කාර්‍යාලයේ ප්‍රධාන ද්වාරය තනි නොකළ මිනිසුනි. ගිනි කාෂ්ටක දහවලේ , සීත රළු වර්ෂාවේ. කුසට නිසි අහරක් , නෙතට සුව දසුනක් ,ගතට නිසි ඇඳුමක් නොඇඳ සටන් කළ නුඹ හටයි. උපන් දා සිට දේශපාලනයට කැඹූරූ , අහරට ගන්නා හාල් ඇටයේ සිට අනේකවිධ බදු කඳු මත දිවිගෙවූ නුඹ පුරා තෙමසක් කළ සටනේ මුල් අඩිතාලම ජයගෙන අවසන් ය. නුඹේ මව පියා දශක තුනක් පුරාවට කරන්නට අසමත් වූ කාර්‍ය නුඹ සිදුකර අවසන්ය. මින් මතු කිසිදූ ප්‍රභූත්වය ආරූඪ කරගත්තාවූ පවුල් පාලනයෙන් රිසිසේ මත් වූ ගූඨ මිනිසුන් හට මෙබිම ජන පාලනයට ඇතුළු නොවිමට කටයුතු සිදුකොට ඇත . මගේ මේ ආදරය , මගේ මේ ගෞරවය , මගේ මේ ප්‍රේමය ඉහත කී ජනාධිපති ලේඛම් කාර්‍යාලයේ ප්‍රාධාන ද්වාරය ඉදිරිපිට සිටගෙන සිටි මට පමණක් දේශනයක් පැවැත්වූ ඒ නාඳුනන මිනිසාහටයි. මාගේ මේ ගරුත්වය ඈත දුර රටක සිට සිය සොඳුරු සති අන්තය කැප කොට සිය මව්බිම වෙනුවෙන් හඬ අවදි කළ විදෙස්ගත ලාංකීකයන් හටයි. අතනොහැරීම මට ඉගැන්වූවේ ඔබලායි. 

මෙය ප්‍රංශ විප්ලවය තරම්ම වැදගත් දිනයකි. නමුත් සියවස් ගණනාවකින් පසුත් මෙම විප්ලවය ඉතිහාසගත කිරිම ශ්‍රි ලාංකීක අප සැම සතු කාර්‍යකි.. ජය !!!!

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...