Skip to main content

යුක්තිය පමා වී හෝ පැමිණේ.

 මහරාජා ආයතනය ගිනි තැබු දිනයේදි එවකට ලීඩර් කතෲ ධූරය දැරු ලසන්ත වික්‍රමතුංගයන් මාධ්‍යයට පැවසුවේ

ලසන්ත වික්‍රමතුංග සිය දියණිය සමඟ
 


"we as a media personal will have to face this challenge and this is not the first time media organization come on to the attack.Certainly this one won't be a last one"

එයින් දින දෙකකට පසුව එනම් 2009 වසරේ ජනවාරි මස 8 වන දින උදෑසන 10:25 පමණ ගල්කිස්ස ටෙම්පල්ස් මාවතේ පිහිටි ලීඩර් කාර්‍යාලයට ගමන් කරමින් සිටින විට අත්තිඩිය ආසන්නයේදි  ඝාතනයට ලක් විය . මුහුණ ආවරණය කෙරු යතුරුපැදි දෙකකින් වික්‍රමතුංග මහතා පසුපස හඹා ආ ඝාතකයෝ ඔහුගේ මුහුණට වෙඩි තැබු අතර ප්‍රහාරයෙන් පසුව සැනෙකින් කළුබෝවල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඒ මහතා එහි ප්‍රතිකාර ලබන අතරතුර ප.ව 02:25 පමණ  මරණයට පත්විය.එවකට ජාතික රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා වූ ආචාර්ය මොහාන් සිල්වා මහතා සහ රෝහල් කාර්‍යමණ්ඩලය යුහුසුළුව ක්‍රියාත්මක වුවද , ඝාතකයන් ඉතා ආසන්නයේ සිට එල්ල කල වෙඩි පහර හේතුවෙන් හිසට සහ ගෙල පෙදෙසට ඇතිවූ මරණීය තුවාල හේතුවෙන් ඔහු මියගිය බව වෛද්‍ය අනිල් ජයසිංහ මාධ්‍යයට ප්‍රකාශ කොට සිටියේ ය.

ඩේලී මීරර් වාර්තාකරණයට අනුව ලසන්ත ඝාතනය සිදුවු අයුරු



ඝාතනය සඳහා කළු පැහැති යතුරු පැදි හතරක් සහභාගි වී සිටි ඇති අතර ලසන්ත වික්‍රමතුංග සිය නුගේගොඩ නිවසේ සිට පැමිණන තුරු උක්ත ඝාතකයින් අත්තිඩිය ආදර්ශ විදුහල අසල රැඳිසිට ඇත. පසුකලක වික්‍රමතුංගයන්ගේ දියණිය වූ අහිම්සා වික්‍රමතුංග මෙනවිය පැනවූ නඩු විභාගයෙදි හෙළි වූවේ ලසන්ත ඝාතනයය යොදාගෙන තිබි ඇත්තේ සූකරයින් ඝාතනය කිරිමට වධකාගාරයන්හි යොදාගන්නා ස්වකීය අවියක් බවයි. එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන්නා වූ වේගවත් මාරාන්තික ආයුධයක් බව නීතිවේදින් හමුවේ පිළිගන්නා ලදි.

මෙම සාහසික ඝාතනය සැලකෙන්නේ නූතන ශ්‍රි ලංකාව දැඩි වශයෙන් කැළඹිමකට ලක්වූ ඝාතනය ලෙසයි. මේ ආකාරයෙන් ලසන්ත
වික්‍රමතුංග ඝාතනයට බලපෑ ප්‍රධානතම හේතුව වූවේ 2007 වසරේදි යුක්‍රේනියානු අතරමැදියකු සමඟ ගුවන් හමුදාව මිලදි ගත් මිග්යානා 6 පිළිබඳ ගනුදෙනුවයි. එකල කිසිදු මාධ්‍යකරුවකු ගෝඨාභය රාජපක්ෂ විවේචන නොකරන පසුබිමක ලසන්ත සිය ලීඩර් පුවත්පත හරහා මිග් යානා ගනුදෙනුව පිළිබඳ හෙළිකිරිම ආරම්භ කළේ ය. මුල් සමයේ සිය කතුවැකිය හරහා ගෝඨාභය පතුරු ගැසිම ආරම්භ කළ ලසන්ත ඉන්පසුව සිය දේශපාලන පිටුව හරහා ගෝඨාභය විවේචන කිරිම ඇරඹිනි. මෙලෙසින් අන් මාධ්‍යකරුවන්ට නොමැති වලා පටලයකින් මැදිවූ අදිසි බලයක්ද ලසන්ත සතුවිය. එනම් එවකට මෙරට බලගතුම පුද්ගලයා වූ මහින්ද රාජපක්ෂ ඔහුගේ පසමිතුරකු විමයි. මෙම මිත්‍රත්වය වසර ගණනාවක් ඈතට දිව යන අතර ලසන්ත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වශයෙන් වසර කිහිපයක්ද සේවය කොට තිබිනි. එමෙන්ම ඔහු අනුව අග සමයේ උතුරු කොළඹ ආසනයෙන් නිදහස් පක්ෂය නියෝජනය කොට ඡන්දයටව සහභාගි විය. එතරම් මිත්‍රත්වයක් තිබූ රාජපක්ෂ විසින් තමා ඝාතනය කරනු ඇතැයි ඔහුද නොසිතන්නට ඇති ,නමුත්  ලසන්ත වික්‍රමතුංග මිග් යානා ගනුදෙනුව පිළිබඳව විවේචනය කිරිම ආරම්භ කළ මොහොතේ සිට ගෝඨාභයගේ දඩබල්ලන් බඳු නිතී මඬුල්ල ලීඩර් ආයතනය වෙනුවෙන් වාරණ නියෝගයක් ඉල්ලා අධිකරණගත විය . ඒ ගෝඨාභය විසින් ලසන්ත වෙත ලබාදුන් මුල්ම කොළ එළියයි. ඉන්පසු රුපියල් බිලියනයක අපහාස නඩුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගොනුකළ අතර එහිදි ජනාධිපති පාර්ශවයෙන් පෙනී සිටි නිතීවේදියා වූවේ අල් සබ්රී මහතායි . එයින් දින තුනකට පසුව දෙනෝදහසක් ඉදිරිපිට දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියකු වූ  ලසන්ත ඝාතනයට ලක්විය.
ඝාතනයෙන් අනතුරුව ලේ වැකුණු ලසන්තගේ මෝටර් රථය



මෙරටට යුධ ආම්පන්න මිලදි ගැනිම බොහෝකලක සිට සිදුවූවේ විවෘත් ටෙන්ඩර් කැඳවිමකට අනුවයි. විශේෂයෙන්ම කුමාරතුංග පාලන සමයේ විශාල වශයෙන් මෙරටට යුධ රථ සහ ගුවන් යානා මිලදි ගත් අතර ඒ සියල්ලක් සඳහාම විවෘත සහ විනිවිවභාවයෙන් යුත් ක්‍රියාපටිපාටියක් පැවතිනි. නමුත් 2006 වසරේ මැද සමයේ අවසාන ඊළාම් සටන උග්‍ර වූ පසුබිමක එකල ගුවන් හමුදාපති ඩොනල් පෙරේරාගේ ඉල්ලිමකට අනුව මිග් යානා හයක් මිලදි ගැනිමට අවශ්‍යය පිඹුරුපත් සකස් විය. සාමාන්‍යය පටිපාටිය නම් ටෙන්ඩර් කැඳවිමක් හරහා පැමිණෙන්නා වූ තවත් රජයක් සමඟ ( බොහෝ විට එම රට එක්සත් ජනපදය , ඊශ්‍රායලය හෝ රුසියාව වේ ) ගිවිසුම්ගතව ආයුධ භාරගැනිම සිදුවේ. නමුත් මෙහිදි උදයංග වීරතුංග නම් චරිතයක් කරළියට පැමිණි අතර කැබිනට් මණ්ඩලයේ ඉහත කී ගනුදෙනුව සඳහා ඔහු යුක්න්‍රේනයේ යුක්‍රින්මාෂ් නම් පෞ සමාගමක් ගෙන එන ලදි. මුලින්ම ගුවන් හමුදාපති මෙයට විරුද්ධ වුවද පසුව ඔහුද රාජපක්ෂ ගනුදෙනුවට අනුමැතිය ලබාදෙන ලදි. මෙම ගනුදෙනුව අවසන් වන විට උදයංග වීරතුංග  නම් මැදමුලන අපද්‍රව්‍ය බැහැර කරන්නා යුක්‍රේනියේ සහ රුසියාවේ තානාපති ධූරයට පත්වූ අතර ගෝඨාභය විසින් මිග් යානා හයක් මෙරට ගුවන් හමුදාවට ලබා ගන්නා ලදි. නමුත් ගැටලුව ඇරඹුනේ පසුවයි. මුලින්ම එකල සන්ඩේ ටයිම්ස් හි වාර්තාකරුවකු වූ ඉක්බාල් අතාස් වාර්තා කොට තිබුනේ.එකම නිෂ්පාදිත දිනය දරන මෙම මිග්‍ යානා සඳහා කුමාරතුංග රජය ඩොලර් මිලියන 1.231 ගෙවා තිබුනි. නමුත් කැබිනට් පත්‍රිකාවට අනුව ගෝඨාභය සහ උදයංග ඒ මුදල මෙන් දෙගුණයක් පමණ එක් මිග් යානකයකට ගෙවා තිබිනි. සැබවින්ම එයින් වූ පාඩුව ඩොලර් මිලියන් 7.486 කි. එය අද මුදල අනුව ආසන්න වශයෙන් ඩොලර් මිලියන 2254 කි. එය ආසන්න වශයෙන් ඩොලර් බිලියන් දෙකක් පමණ වේ. එදා අත්තිඩියේදි ඝාතනයට ලක්වූ ලසන්ත සිය මරණයෙන් වන්දි ගෙව්වේ මේවනි දුෂණ චෝදනා සිය පුවත්පත හරහා ජනගත කිරිම නිසාවෙනි. මෙම ගනුදෙනුව සඳහා සිංගප්පූරුවේ අතරමැදි පවුලක් සම්බන්ධ වූ අතර ඔවුන්ගේ අනුදැනුම මත මෙම මුදල් ප්‍රමාණය මහා බ්‍රිතාන්‍යයේ ආයතනයක් හරහා සංක්‍රමණය වූ බවට තොරතුරු වාර්තා වුවද , සැබැවින්ම එවන් ආයතනයක් මහා බ්‍රිතාන්‍යයේ නොමැත. ආසන්න වශයෙන් මෙරට රජය විසින් 87%  පමණ කොමිස් මුදලක් උක්ත කී සිංගප්පූරු පවුලට ලබාදුන් අතර එම මුදල යුක්‍රින්මාෂ් සහ උදයංග අතර බෙදී ගොස් ඇති අතර උදයංග මෙම ගනුදෙනුවෙන් පසුව ඩුබායි හි අතිසූඛෝපභෝගි නිවාස සංකීර්ණයක පදිංචියට ගිය බව ප්‍රකට රහසකි. මේ සඳහා සහ තවත් චෝදනා දෙකකට උදයංග වෙනුවෙන් රතු නිවේදන (Interpol Red notice) නිකුත් කොට තිබු අතර යහපාලනය ආණ්ඩුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් අතර ඔහු දැන් පවතින රජයේ බලගතුම හස්තයක් මෙන් කල්ගෙවනු ලැබේ.



ඔවුන්ගේ බල ලෝභිත්වය , මුල්‍යමය අපරික්ෂාරී බව සහ දුෂණය හෙළි කළ ලසන්තගේ ඝාතනයට දින 4841 ගෙවන අද වනවිටත් ඔහුගේ මරණයට මේ යැයි  කියා සාධාරණීකරණයක් සිදු වී නොමැත. එදා ලසන්තගේ දේහය අසල නිසලව බලා සිටි ඔහුගේ දියණිය වෙනුවෙන් කිසිදු සාධාරණයක් කිරිමට මෙරට උත්තරීතර අධිකරණය නොහැකි විය. දරුවන්ට පියෙක් ,මවකට පුතෙක් , බිරිඳකට සැමියෙක් රටට පුරවැසියෙන් අහිමි කරලීම සඳහා මරණ වරෙන්තුව ලබාදුන් හැත්තෑ දෙහැවිරිදි ඝාතකයා අද මිරිහානේ සිට කිසිවක් නොවු අයුරකින් දිවිගෙවනු ලැබේ.මෙවන් රටක පවත්නා සාපලත් බව මෙයයි. ඔබගේ මරණයට  පවා මෙවන් රටක සාධාරණයක් හිමිනොවනු ඇත. යුක්තිය පසිඳලීමක් නොඇසෙනු ඇත. තුන්වන ලෝකයක ඉපිද මියයන්නා වූ මිනිස්සූන්ගේ යාථාර්ථය මෙයයි.

ලසන්ත අහිමිව දශකයක් ඉක්මවා ඇත. නැවත කිසියම් දිනක මෙරට පුරවැසියන් අමු අමුවේ ඝාතනය කිරිමට දේශපාලන අධිකාරිය නිර්භීත නොවනතාක් මෙම අරගලය ගෙනයා යුතුය.
බමුණු කුලය සිහසුනෙන් ඇද දමන්නා වු සටනේ අවසන් නැවතුම විය යුත්තේ ලසන්ත , එක්නැලිගොඩ වැන්නවුන් ඝාතනය කළ , පෝද්දල ජයන්ත , උපාලි තෙන්නකෝන් , කීත් නොයාර් වැන්නවුන්ට මෙරටින් යන්නට වැඩ සිදුකාල පාදඩ දේශපාලන ස්තරයේ වැජඹෙන්නන්ට සහ ඔවුනගේ සට්ටම්බිරාළලා සියලු දෙනාටත්
නීතීයේ දෙවඟන තවදුරටත් අකර්මණ්‍ය නොවන බව පෙන්විමයි.
මීට දශකයට පමණ  පෙර ගෝඨාභය ප්‍රකට බටහිර මාධ්‍යයකින් ඇසුවේ who's lasantha යනුවෙනි, පිළිතුර දැන් ඔහු ඉදිරියේ පෙනෙන්නට තිබේ..
පිළිතුර ඉදි. 

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...