2010 වසරේ ක්‍රියාත්මක වූ " උතුරු වසන්තය" සහ "නැගෙනහිර නවෝදය" ව්‍යාපෘති දෙකම ,එවකට පැවති රාජපක්ෂ ආණ්ඩූවේ ප්‍රධානතමයා වූ ආර්ථික සංවර්ධන අමාත්‍යය බැසිල් රාජපක්ෂ යටතේ සිදූවුවකි. එකල පාසල් ශිෂ්‍යයන් වු අපද ටිකට් විකුණමින් ඒ ව්‍යාපෘතියට පාසල් මට්ටමෙන් දායකත්වය ලබාදුනි. යුද්ධයෙන් විපතට පත් වූ උතුරු ,නැගෙනහිර ජනයා ආර්ථික,සමාජීය ලෙස නඟාසිටවිම එහි මුලිකතම අරමුණ විය. එකී ව්‍යාපෘතිය අවසන දශක එක හමාරක් වූ තැන විධායක ජනාධිපතිවරුන් පස්දෙනකු (දිසානායක ජනාධිපතිවරාද ඇතුළුව ) පාලනය කර තිබුනද ,උතුරු නැගෙනහිර වත්මන් ජන ජීවීතය පශ්චාත් යුධ මුහුණුවර වෙනුවට වෙනත් කෝණයකින් දියකරමින් සිටි.
යුද්ධයෙන් පරිපූර්ණ පරම්පරා තුනක් අහිමි වූ උතුරු නැගෙනහිර වැසියන්ගේ සිව්වන පරම්පරාව "මත්ද්‍රව්‍යය " නම් අවිය විසින් ගිල ගනිමින් සිටි. මේ කරුණ පිළිබඳ විධිමත් සංඛ්‍යා දත්ත මත පදනම් වූ ලේඛනයක් පසුව පිළියෙළ කිරිමේ අභිප්‍රායෙන් මම පසුවන බැවින්.මෙහිදි උක්ත මාතෘකාව සහ එහි පසුබිම්ගත කරුණු සහ මූලබීජයට හේතු සැකෙවෙන් දක්වන්නෙමි.
2009 යුද්ධයෙන් අනතුරුව ආරක්ෂක හමුදාව සතුවූ බිම් කඩන් පසුගිය දශකය පුරාවට ක්‍රමානූකූලව එහි මුල් අයිතිකරුවන්ට පවරාදිම සිදුකෙරිනි. එහිදි කිලිනොච්චිය අවට ගම්මාන සහ කුඩා නගර 2011 වසරෙන් පසුව නැවත ජනාකීර්ණ වීමත් බහුතරයක් වූ දමිළ ජනතාව සිය දෛනික දිවිපෙවතට අනුගත වීමත් සිදුවිනි. මා මුලින් සඳහන් කළ "උතුරු වසන්තය " වැනි ව්‍යාපෘති අනූව යමින් ව්‍යාජ නාගරීකරණයක් , වෙළඳපොළ භාවිතයක් සහ ඉල්ලූමේ වර්ධනයක් මේ ප්‍රදේශය තුළ ක්‍රියාත්මකවිය. නමුත් ආර්ථිකයේ දැවැන්තම උවමනාව වන ක්‍රය ශක්තිය(Purchasing power ) නොහොත් භාණ්ඩ මිලදිගැනිමේ හැකියාව බාහිර ආර්ථික විවෘත කිරිමේ වේගයට සිදුනොවිනි. එහි ප්‍රතිඵලය වූවේ යුද්ධය නිසා අධ්‍යාපනය ඇණහිට අනාථ කඳවුරු සිට පැමිණි කිලිනොච්චියේ තරුණයන් A9 හරහා නිම්වළලූ පුළුල් වූ ආර්ථිකයේ ප්‍රතිලාභ නෙළා ගැනිමට තරගකාරී වීමයි. ඔවුන් දක්ෂ , තර්කානූකූල වුවද පශ්චාත් යුධ සමයක සාක්ෂිකරුවන් වූ නිසාවෙන් සිංහල ජනයා සමඟ සහසම්බන්ධයක් පවත්වාගැනිම ප්‍රතික්ෂේප කළේය. එයින් වව්නියාවෙන් පහළ කොටසේ ආර්ථිකය සමඟ සහසම්බන්ධයක් ගොඩනගා ගැනීම අසාර්ථක විය.
මේ කරුණු හේතු කොට මුදල් අවශ්‍යතාවත් අනෙකුත් කරුණුත් හේතුකොට මහා පරිමාණයේ කසිප්පූ නිෂ්පාදනාගාර කිලිනොච්චියේ ලඳු කැළෑ තුළ ඇරඹිනි. වර්තමානයේ එහි පවුල් සංස්ථාවේ බිඳ වැටිම , සදාචාර , ආචාර්‍ය ධර්ම , අධ්‍යාපනය මේ සියල්ල බිඳවැටිමේ ආරම්භය මෙයයි. මෙකී කසිප්පූ ව්‍යාපාරයන් දකුණටත් වඩා විශාලව සහ සංවිධානාත්මක සිදුවන බවත් පොලීසීයෙන් ඒ සඳහා ඇඟිලි ගැසිමක් නොවන බවත් මා මේ පර්‍යේෂණය වෙනුවෙන් කරුණු විමසූ විට එහි වසර අටකට ආසන්නව ජිවත් වූ මගේ ඥ්දාති සහෝදරයකු පැවසුවේය.
"කසිප්පූ බූලීය බයික් එකේ තියාගෙන හංදියෙන් යන්නේ. පොලීසීයට මොකුත් කරන්න බෑ."
ඒ ඔහුගේ අදහස. කසිප්පූ කාලක් රුපියල් 100 විකිණිමේ කටයුතු සිදුවන අතර යාපනේ තරුණයන් (රැකියාවක නිරත නොවෙන්නන් ) උදෑසන සිට නින්දට යනතෙක් කසිප්පූ වාඩිය අසල හිඳින බවත් එවන්නන්ගෙන් 80% දියවැඩියා රෝගයෙන් පීඩාවිදින බවත් පැවසේ . ඔවුන් සියල්ලම තම ජීවිතයේ තුන්වන කාර්තුවේ මැද හෝ අග සිටින්නන්ය. මෙරට ප්‍රකට ඇඟලූම් කර්මාන්තශාලාවක් මීට වසර කිහිපයකට පෙර කිලිනොච්චියේ කර්මාන්තශාලාවක් ඉදිකළද එහි වැඩ කිරිමට තරම් හෝ යොමූවීමක් මේ තරුණයන් අතර නොමැත.
කිලිනොච්චියේ සිටින තරුණයන්ගේ කසිප්පූ භාවිතා කරන ප්‍රධාන කොටස් දෙකකි.
1. කුලී වැඩ කරමින් , එදිනෙදා උපයන මුදලෙන් සුලු යමක් ආහාරයට ගෙන ඉතිරිය කසිප්පු සහ බීඩී බීමට වියදම් කරන්නෝය. ඔවුන් කසිප්පූ බීවද නිතර කය වෙහෙසවා (කිලිනොච්චියේ හිරු රශ්මිය සමඟ එළිමහනේ වැඩ කිරිම සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැක්කකි.ඔවුන්ගේ කසිප්පූ භාවිතයට එයද සමාජීය හේතුවකි.) වැඩ කරන බැවින් ඔවුන් දුටු පමණින් ඔවුන් මතට ලොල් වූවන් බව නොපෙනේ. මේ ගම්මාන තුළ සවස පහෙන් පසුව ගමන් කරන්නේ නම් හොඳින් කසිප්පූ සප්පායම් වී කඩූවක් ,කිණිස්සක් හෝ පොරවක් රැගෙන ඔබේ නම ,ගම අසන්න පැමිණෙන්නේ මේ කාණ්ඩයයි. වයස අවුරුදු තිස් දෙකක් වූ ජීවන් එවැන්නෙකි. මගේ ඟ්දාති සහෝදරයා වරක් සිංහලෙන් කතා කරායැයි කියමින් බැණ වැදී තිබුනේ ඔහුයි. ( මොවුන් පිළිබඳ දිර්ඝ විස්තරයක් කිරිමට අදහස් කරන බැවින් මෙහි යමක් නොලියමි. )
2.කසිප්පූ වාඩියේ ජිවත් වෙමින් වෙනත් රැකියාවක් නොකරමින් , වාඩියට පැමිණෙන්නන්ගෙන් කොටසක් පානය කරමින් සිටින මේ තරුණයක් මෙබිම බහුතරයකි.කුලී වැඩ කිරිමට හැකියාවක් , ශක්තියක් හෝ උවමනාවක් නැති මොවුන් උදෑසන සිට කසිප්පූ බූලීය ළඟ සිටින්නෝය. වාඩියෙන්ම කෑමත් ඔවුන්ට ලැබෙන අතර ඔවුන්ගේ රාජකාරියේ එක් අංගයක් නම් කසිප්පූ වාඩිය පොලීසීය වැටලු කලක ඒ නඩූව පොලීසීයට ගොස් භාරගෙන සිරගත වීමයි. කසිප්පූ මුදලාලි ඇප ගෙවා එළියට ගන්නා තුරු සිරගතව සිටීම මේ කාණ්ඩයේ වගකීමයි. අවුරුදු 42 වයැසති තම්බන් පුහුණු ව්‍යාපාර අධ්‍යන ගුරුවරයෙකි. St.පැට්‍රික් විද්‍යාලයෙන් ඉංග්‍රීසී භාෂාවද හදාරා ඇති ඔහු අද කිලිනොච්චියේ වැලි පිරුණු කටු පඳුරු මැද පැහෙනා ගෝඩා බැරල් රකිමින් සිටි. ඔහූගේ ඡායාරූපය මා දුටුවිට හැඟුනේ අර්ධයකුත් ඉක්මවූ උතුරේ තරුණයන්ගේ ඉරණම මෙය බවයි.
මෙලෙස මත්පැනට ගිජුවීම සහ ආවේගශීලී හැසිරිමේ මූලයට යුද්ධය හා සම්බන්ධ මානසික උත්තේජනයක් ඇති බව මහේ හැඟිමයි. එහි මනෝ විද්‍යාත්මක පසුබිම උදාහරණද ගෙන හැර දක්වමින් ඉදිරිපත් කළ හැක. මේ විනාශවන බොහෝ තරුණයන් අවුරුදු තිස්පහට අඩූ පුරවැසියන්ය. ඔවූන් යුද්ධයේ දැක ඇත්තේ පරාජිත ,පීඩීත මුහුණුවර පමණි. ඔවුන් අනූව දශකයේ මැද භාගයේ තරුණයන්ව සිටියානම් දකින්නට තිබුනේ විජයග්‍රාහී LTTE සංවිධානයකි . ඒ නිසා ඔවුන් ඔවුන්ට අහිමි වූ ආර්ථිකමය සමෘද්ධිය ,සමාජ පිළිගැනීම , වීරත්වය සහ ගෘහ මූලිකත්වය රු.100 සිලිමල්ලකට උගස් කරමින් සිටි. මේ පර්‍යේෂණයට බඳූන් වූ සීමාවෙ විශාල විවාහ සංඛ්‍යාවක් දෙදරා ගොස් ඇති අතර ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පවා විශ්වාස කළ නොහැකි අන්දමෙන් විකෘති වී ඇත.මට ලැබුනු තොරතුරු අනුව මේ බොහෝ තරුණයන් තම ජිවිතයේ කිසිම දිනක වවිනියාවෙන් මෙපිටට පැමිණ නැත. මේ නිසාම ඔවුන්ගේ කුඩා ලෝකයේ ඔවුන්ට ඔවුන්ම වීරයන්ව වන මනෝභාවයකට ඇතුළුව ඇති බව වැටහේ.
ජාතික සංහිඳියාවට පෙර අනන්‍ය ජාතියක අභ්‍යන්තර සමාජීය ගැටලූවක් විසඳිම අත්‍යවශ්‍ය බව දිසානායක පරිපාලනය හෝ දැනගත යුතු සත්‍යයකි.
ප.ලි : මෙහි කසිප්පු භාවිතය හා ගැටගැසුනූ සමාජ ගැටලූ , වාර්තාවන් , සංඛ්‍යා දත්ත නියමිත ලියවිල්ලක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමි.
මනුජය තෙන්නකෝන්
2024-03-31
Comments
Post a Comment