ආචාර්ය බන්දුල ගුණවර්ධන ,
සුමිත්‍ර නිවස, රජමල්වත්ත පාර ,
කඩුවෙල.
ආචාර්යතුමනි සුවෙන් සිටි යැයි අනුමාන කරමි. පහත ඇමිණුම වෙලාව ඇති සැටියෙන් කියවා අඩුපාඩූ ,ලුහුඬු හෝ නිරවද්‍යතා තිබේ නම් මුලින්ම උසාවි නොයා පහත ලිපිනයට මා හට ඇමුණුමක් එවන මෙන් ඉල්ල සිටිමි.
උපුටා ගැන්ම :
ඇමුණුම 1.1,
ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් පිළිබඳ මගේ මුල්ම පැහැදිම ස්ථාපනය වූවේ මින් වසර තුනකට හෝ හතරකට ඉහතින් ගැමුණු වන්නිනායක ඉදිරිපත් කළාවූ මතකපද ගුවන්විදුලි වැඩසටහනේ "බන්දුල ගුණවර්ධන " පරිච්ඡේදයෙනි.
එකල මාගේ ඥාති සහෝදරයකු මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රාමාණ සමීක්ෂණ උපාධිය හදාරන සමයේ ඔහුගේ පහනෙන් මාද විශ්ව විද්‍යාලය තුළට රිංගා සරසවි සිසුවෙකු ලෙස දිනක් දෙකක් ගත කොට තිබිනි.
මා කොළඹ හා සසඳන කළ ඉතා ලිබරල් පරිසරයක් එකල මොරටුව තුළ පැවති අතර ඔවුන්ගේ අන්තර්ජාල පහසුකමට ස්තුති වන්නට වළේ කැන්ටිමේ රුපියල් 5 ප්ලේන්ටී එකක් රස විඳමින් මම බන්දුල ගුණවර්ධන ප්‍රත්‍යාවලෝකනය නැරඹුවෙමි.
ගුණවර්ධනයන්ගේ කියවිම නැවත අලුත් වූවේ උපුල් ශාන්ත සන්නස්ගලගේ යූ ටියුබ් වැඩසටහනක බන්දුල ගුණවර්ධනයන්ගේ කලා ,සංස්කෘතික සහ සමාජීය ජීවන පැතිකඩ විපරම් කිරිමත් සමඟයි.
ආචාර්ය ගුණවර්ධනයන් වැනි යුගයක අධ්‍යාපනික පෙරළියක දායකත්වය දක්වමින් , ග්‍රන්ථ රචනා කරමින් නව දැනුමක් උත්පාදනයට උත්සුක වූවෝ දේශපාලනිකව දිරාපත් වීමේ පෙරළිය ඒ තුළ මා දුටුවෙමි.
ගෞරවාන්විත ගුරුවරයකුගේ සිට එහෙයි කියාගන්නා පාදඩ දේශපාලන සංස්කෘතියේ ඉත්තකු වීම දක්වා පරිවර්තනය උක්ත වැඩසටහනේ ඔහූ නොදැනුවත්වම පැහැදිලි කළේ ය. නමුත් ආචාර්ය ගුණවර්ධනයන්ගේ සංස්කෘතික ජිව්තයේ ඛණ්ඩනය ඔහුගේ සුඛවිහරණයය අලාභයක් නොවන්නට ඇත. එමනිසායි ඔහු පවසන්නේ "නැවත වරක් චිත්‍රපට නිෂ්පාදකයකු නොවුනත් මම දේශපාලනිකව බොහෝ වැඩකටයුතු කළේ ය. යනුවෙන්. එහෙත් වඩා සංස්කෘතික , ආචාරශිලි මනුෂ්‍යයෙක් ආකාරයෙන් ඔහුගේ නිෂ්පාදන ක්‍රියාවලිය මැද නිර්මාණය වූ චිත්‍රපට කිහිපයක් මෙහි උපුටා දක්වන්නෙමු.
- සුද්දිලාගේ කතාව (සයිමන් නවගත්තේගමගේ නවකතාවක් ඇසුරෙන් ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණයක්.)
- සිරිමැදුර ( පරාක්‍රම නිරිඇල්ලයන්ගේ කුළුදුල් නිර්මාණය )
- අයෝමා (නැවත වරක් නිරිඇල්ලයන් එකතු කොට 1995 නිර්මාණය කරන ලදි.)
- නිව්ස්පේපර් ( සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම තිර රචනය , සම අධ්‍යක්ෂණයක් )
මින් පරිභාහිරව මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය පිළිබඳ සිනමා සිත්තමකට පිඹුරුපත් සැකසුනද , දේශපාලනික හස්තයක් හරහා එය අතරමඟ නැවතිනි. ඒ නිර්මාණය සඳහා ආචාර්ය ගුණවර්ධනයන් විසින් නිලේන්ද්‍ර දේශප්‍රිය එකතු පහදු කොට තිබිනි. රිචඩ් ද සොයිසාගේ චරිතයට කමල් අද්දරආරච්චි ද වෛද්‍ය මනෝරානි සරවණමුත්තු නොහොත් රිචඩ් ගේ මවගේ චරිතයට ස්වර්ණා මල්ලවාආරච්චි තෝරා තිබිනි.
ග්‍රන්ථ 40 ඉක්මවා රචනා කල බන්දුල ගුණවර්ධනයන් ගීත රචනාවේද යම් හපන්කමක් දක්වා තිබිනේ ය.
මේ සා කලාකෘත මිනිසකු සනත් නිශාන්ත මට්ටමේ නිහීන දේසපාලකයකු වන්නේ යම්සේද එයට එකම හේතු සාධකය "බලයට ඇති ලැදි බව පමණි. "
සුමිත්‍රාආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන ආමන්ත්‍රණීය රාජකාරි ලිපිය හමාර කිරිමට ප්‍රථම , මින් දශකයකට හමාරකට ඉහත මැතිවරණ වේදිකාවක ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් විසින්ම ගෙන හැර දැක්වු කවියක් මෙලෙස උපුටමි.
නිදහස් ශ්‍රි ලංකාවේ බන්දුල ගුණවර්ධන වැනි දේසපාලකයින් හා අප වැනි මහජනයා බෙදා වෙන් කිරිමේ බෙදුම් රේඛාව මෙකී පද පේළියෙන් මතු කරගන්නා මෙන් පාඨක ඔබෙන් අයැදිමි.
උමතු සංවරුසාව එනවා...
උමතු සංවරුසාව එනවා..
තෙමෙන අය එම මහා වැස්සට
සිහිවිකල් වී පරල වෙනවා..
පිස්සෝ රජුන් උනත් එකයි
රජුන් පිස්සෝ උනත් එකයි
කාගේ ගැණු කාට ගියත්...
අපේ නමට ලැබෙයි ළමයි.
මීට ඔබට හිතැති
මනුජය තෙන්නකෝන්,
කොළඹ විශ්වවිද්‍යාලය,
කොළඹ 07.
No comments:
Post a Comment