Thursday, 13 October 2022

ටයි මහත්මයා....

ඔබ අසුව දශකයේ හෝ අනූව දශකයේ යම් දිනයක උපත ලැබූවකු නම් රූපවාහිනී දෙබස් හඬ මුසු කල කාටුන් කලාව සමඟ ඇති ලබැඳියාවට පැහැදිලි කිරිම් අනවශ්‍ය වේ. එය එතරම්ම මෙරට ළමා සංස්කෘතිය හා බැඳි පැවතුනකි. මුල්ම වරට රාජ්‍ය මාධ්‍යය ඔස්සේ ළමා කාටුන් විකාශනය ආරම්භවූ අතර අනූව දශකයේ අවසන් කාර්තුවේදි පෞද්ගලික රූපවාහිනී නාලිකාද ඒ සඳහා සිය දායකත්වය සැපයූහ. මිත්‍රත්වය, යහපත් ආදර්ශය සහ විනෝදය කැටිකොට දෙබස් මුසු කළ කාටුන් කලාවේ පූරෝගාමී මෙහෙවරක් කළ ඔහූ මේ සියල්ලෙහිම නිහඬ මැදිහත්කරු විය. නමින් එතුමන් තොටවත්තගේ දොන් එමැනුවෙල් ටයිටස්ද සිල්වා නොහොත් අපගේ ආදරණීය "ටයි මාමා " විය.
මෙරටින් බිහිවූ විශිෂ්ඨතම සිනමා සංස්කාරකවරයකු සහ පිටපත් රචකයකු ලෙස සැලකෙන ටයිටස් තොටවත්ත මහතා 1929 වසරේ අප්‍රේල් මස 17 දින කොළඹදි උපත ලබන්නේ පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වන දරුවා ලෙසයි. මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබන එතුමන් , සිය විසිහත්වන වියෙහිදි එනම් 1956 වසරේදි ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතා අධ්‍යක්ෂණය කල විලියම් බ්ලේක් විසින් සිනමා රූප ගැන්වූ "රේඛාව " සිනමා නිර්මාණයට සිය සංස්කාරක දායකත්වය ලබාදීමේ අවස්ථාවක් හිමිකරගන්නවා. ටයිටස් තොටවත්ත නම් නාමය මුල්ම වරට රීදී තිරයේ නාමාවලියට එක්වන්නේ එහිදිය. විස්මිත සංස්කාරකවරයකු වූ ටයිටස් තොටවත්තයන් අවම තාක්ෂණික පහසුකම් මධ්‍යයේ රේඛාව සංස්කරණ කරන විට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් ඔහුව හැඳින්වුවේ.

" මේ රැවුල්කාරයා විජ්ජාකරුවකු " ලෙසිනි. ඔහුගේ ප්‍රතිභාව එතරම් පුලුල් විය.පසුකලක රූපවාහිනී දෙබස් හඬ කැවීම් අධ්‍යක්ෂක භූමිකාවට පමණක් පසුකලක ලඝු කළද මෙරට කතාබහට ලක්වූ අතිවිශාල සිනමා නිර්මාණ ප්‍රමාණයක සංස්කාරකවරයා වන්නේ ඔහුයි. පසුකලක කාටුන් හඬ මුසුවෙහිද එතුමන් සමර්ථයක් දැක්වූවේ ඔහු සතු සියුම් සංස්කරණ හැකියාව නිසාවෙනි.

1960 වසරෙ තිරගත වූ "සන්දේශය " සිනමා නිර්මාණයෙන් සිය දෙවන සංස්කාරක ගමන ඇරඹු තොටවත්තයන් පිළිවෙළින් 1962 වසරේ " දස්කොන්" එම වසරේදිම මෙරට ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව " සහ ඉන් වසර දෙකක ඇවෑමෙන් එනම් 1964 වසරේ පෙබරවාරි මස 24 දින තිරගත වූ " ගැටවරයෝ " සමඟ සිය සංස්කාරක වෘත්තීය වඩාත් පුළුල් කරන්නට විය.

පිටපත් රචනයේ නිසඟ හැකියාව සහ ක්ෂේත්‍රයේ තමන් ලැබූ පළපුරුද්ද උපයෝගීකොට 1965 වසරේදි ටයිටස් තොටවත්තයන් සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය පරික්ෂාවට නතු කරන්නේ "

චණ්ඩියා " සිනමා නිර්මාණය තුළිනි. එහි ලද සාර්ථකත්වය හේතුකොට ඉන් ඉදිරි දශකය පුරාවට තොටවත්ත මහතා චිත්‍රපට නමයක් අධ්‍යක්ෂණය කළ අතර අවාසනාවකට මෙන් 1979 වසරේ තිරගතවූ "හඳයා " සිනමා නිර්මාණයෙන් පසුව නැවත එතුමන් සිනමා පටයක් අධ්‍යක්ෂණයට යොමූවූවේ නැත. එතුමන්ගේ සිනමා අධ්‍යක්ෂ ධාරාවේ නොමැකෙන සලකුණ ලෙස 1971 වසරේ දෙසැම්බර් 17 වන දින සිට තිරගතවීම ඇරඹුනු " හාරලක්ෂය" චිත්‍රපටය හැඳින්විය හැක. නිදහස් ශ්‍රි ලාංකාවේ කොළඹ තුරඟ තරග පිටිය අසල සිදුවූ ටර්ෆ් ක්ලබ් මංකොල්ලය පාදක කොට නිර්මාණය වූ එම සිනමා නිර්මාණය ත්‍රාසය මෙන්ම භීතීය කැටිකෙරු දර්ශන රාශියකින් සමන්විත සිනමා පටයකි.එය හැඳින්වෙන්නේ මෙරට ප්‍රථම ක්‍රියාදාම චිත්‍රපටය ලෙසයි. "කව්රුද ??? කව්රුද ?? දැන් ලොක්කෝ... අපිමයි.. අපිමයි.. දැන් ලොක්කෝ ..."

ඉහත පදපෙළ 1979 වසරේදි ටයිටස් තොටවත්තයන් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ "හඳයා " සිනමා නිර්මාණයෙන් උපුටා ගත්තකි. තොටවත්ත මහතාගේ පද රචනයෙන් සහ සෝමපාල රත්නායක මහතාගේ සංගීතයෙන් හැඩවූ ඉහත ගීතය , පුරා දශක ගණනාවක් ලාංකීය ළමා පරපුරේ තේමා ගීතයවන තරමටම ජනප්‍රිය විය.

බොහෝ සිනමා විචාරක මතයට අනුව හඳයා යනු මෙරට ළමා චිත්‍රපට කලාවේ හැරවුම් ලක්ෂයයි. අතිශය සියුම් පරිකල්පන හැකියාවකින් හෙබි ටයිටස් තොටවත්තයන් විසින් හඳයා චිත්‍රපටයට පාදක වූ සරල සිද්ධි දාමය ළමා මනසට දැනෙන හැඟෙන අයුරින් නිර්මාණය කිරිම වෙනුවෙන් 1980 වසරේ සරසවි සම්මාන රාශියක් ඔහු හා ඔහුගේ කණ්ඩායමට හිමිවුනි.

අන්තර්ජාතික මට්ටමෙන්ද "හඳයා " සඳහා ගෞරවාන්විත පිළිගැනිමක් ලැබුනු අතර 1980 වසරේ ඉතාලියේ Giffoni චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ටයිටස් තොටවත්තයන්ගේ හඳයා සතු විය. එවැනි ඉතාලි සිනමා උළෙලක් ජයග්‍රහණය කළ මුල්ම ලාංකීය සිනමා නිර්මාණයවන්නේ ද " හඳයා " යි.

අසූව දශකයේ මුල් යුගයේ රූපවාහිනී සංස්ථාවට ටයිටස් තොටවත්ත මහතා පැමිණෙන විටත් එහි හඬ කැවිම් මැදිරියක් නොතිබිනි. රූපවාහිනී සංස්ථාවට මුල්ම හඬ කැවිම් මැදිරිය ලබාදීමේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළේද එතුමන් විසිනි. එතුමා එම මැදිරියට හැඳින්වූවේ "හඬදෙකැවි මැදිරිය " නමිනි. එතැන් සිට තොටවත්තයන් විශ්‍රාම යනතෙක්ම නිර්මාණය කළ සියලූම නිර්මාණයන්හි තිඹිරිගෙය මෙම හඬ දෙකැවි මැදිරියයි.

විදේශිය රටකින් ගෙන්වූ කාටුන් කතාමාලාවක් හුදෙක්ම පරිවර්තනය කිරිමකින් තොරව අනුවර්තනය කිරිමකට නතුකොට මෙරට ළමා ප්‍රේක්ෂකාගාරයට මුදාහැරිමට ටයිටස් තොටවත්ත මහතා නිරන්තරයෙන්ම උත්සාහ කළේය. එමනිසාම ඒ සියලූම කතාමාලා දශක ගණනාවක් ගෙවුනද මෙරට සංස්කෘතිය හා බද්ධවන තරමටම සමීප විය. එතුමන්ගේ පරිකල්පනය අනුව Bugs Bunny කාටුනය හා හා හරි හාවා වූ අතර 1971 වසරෙ එක්සත් ජනපදයෙ විකාශන වූ Dr Dolittle කතාමාලාව දොස්තර හොඳ හිත නමින් විකාශනය කෙරිනි. හැටේ දශකයේ ඇමෙරිකාවේ විකාශනය වූ Top Cat කාටූන් කතාමාලාව මෙරටට පැමිණෙන විට පිස්සූ පූසා නමින් වෙනස්ම හැඩයක් ගැන්විමට තරම් එතුමන් සූක්ෂම විය. ඉන්දීය සරල ගැමි සංස්කෘතිය පාදකකොට R.K නාරායන් විසින් 1943 වසරේ රචිත මල්ගුඩි දවස කෙටිකතා ග්‍රන්ථය පාදකකොට නිර්මාණය වු Mulgudi days ටෙලි කතාමාලාවට හඬ මුසුකළ තොටවත්තයන් එය "මල්ගුඩි දවස " නමින් විකාශනය කරන්නට විය. එය එකල මෙරට ප්‍රේක්ෂකාගාරය ඉතා ආදරයෙන් වැළඳගත්තේ ය.

එතුමන්ගේ විචිත්‍රවත් හඬකැවිම් දිවියේ වඩාත්ම කැපීපෙනෙනම කඩයිම " ඔෂින් " කතාමාලාවයි. එම ජපන් කතාමාලාව මෙරට සුවහසක් ප්‍රේක්ෂකයන් අසීමිතව ආදරයෙ කල නිර්මාණයකි. 1983 වසරේ සිට 1984 වසර දක්වා වූ කාල පරාසය තුළ ජපානයේ කොටස් 297 පුරා විකාශනය වූ එය , පසුව රටවල් 68 ක් විසින් පරිවර්තනයකොට විකාශනය කෙරිනි.

දිරිමත් ජපන් කාන්තාවකගේ දිවියේ හරස්කඩක් විදහා දැක්වූ එම නිර්මාණය මෙතරම් ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනිමට හේතුව වූවේ ටයිටස් තොටවත්තයන්ගේ නිර්මාණශීලී පරිවර්තිත පිටපත සහ එහි හඬමුසු කළ හඬකැවිම් ශිල්පීන්ගේ දක්ෂතාවයයි. මෙයට අමතරව රොබින්සන් කෲසො , මනුතාපය , යවෙස් ලූ මිනිසා ,ගලිවරයන්ගේ සුවිසැරිය , සුරංගනා කතා කරළිය , පිනෝකියෝ , සිටුවර මොන්ත ක්‍රිස්තෝ සහ වලස් මාමා එතුමන්ගේ අධ්‍යක්ෂණය යටතේ හඬ කැවූ තවත් නිර්මාණ කිහිපයකි. හඬ කැවිමට අමතරව උපසිරස ගැන්විම මඟින්ද ටයි මහතා මෙරටට නවමු අත්දැකීමක් ලබාදුනි.1984-1986 කාල පරාසය තුළ එංගලන්තයේ විකාශය වූ ෂර්වුඩයේ රොබින් හූඩ් ටෙලි කතාව උපසිරස ගන්වා විකාශනය කිරිමට එතුමන් මුල්විය.

විදේශීය කාටූන් කතාමාලාවක් සිංහලට හඬකැවිමේදි මෙරටට ගැළපෙන අන්දමින් නිර්මාණය කළ නිසාවෙන්ම එතුමා මෙරට ළමා පරපුර අතර "ටයි මාමා " නමින් ආදර ගෞරවයට පාත්‍ර විය. එතුමන්ට ඒ කාර්‍ය වෙනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් මහා ලේඛකයාගේ පෑන් තුඩේ සහය සහ සෝමපාල රත්නායකයන්ගේ සංගීත භාවිතයද මනා ලෙස උපකාරී විය.

ස්භාවයෙන්ම ටයි මහතා තරමක් දැඩි පුද්ගලයකු විය. එකල රූපවාහිනී සංස්ථාවේ ප්‍රකටම කියමන වූවේ " ටයි මහත්තයා එක්ක නම් වැඩ කරන්න බෑ .." යන්නයි.නමුත් එතුමා විසින් ගුරුහරුකම් ලබාදී පෝෂණය කළ අතුල රන්සිරිලාල් වැනි නිර්මාණවේදින් තොටවත්තයන්ගේ යුගයෙන් පසුව මෙරට හඬ කැවීම් ක්ෂේත්‍රයේ සුවිශාල වෙනසකට මඟ කීමටද සමත්විය.

ටයිටස් තොටවත්තයන් වෙනුවෙන් නම්කළ හඬකැවිම් මැදිරිය ටයිටස් තොටවත්ත මහතාට ගෞරව පිණිස රූපවාහිනී සංස්ථාව විසින් නම් කළ ඔවුන්ගේ සංස්කරණ මැදිරිය

2011 වසරේ ඔක්තෝබර් මස 15 දින කොළඹ පෞද්ගලික රෝහලකදි එතුමන් තම වසර 84 ක දිවිගමන හමාර කළ අතර පුරා දශක දෙකක් පුරාවට මෙරට ළමා පරපුරේ ආදරණීය කතාමවන්නා වූ ටයිටස් තොටවත්තයන්ට ගෞරව කිරිමක් වශයෙන් රූපවාහිනී සංස්ථාවේ හඬකැවිම් මැදිරිය ටයිටස් තොටවත්ත හඬ දෙකැවි මැදිරිය

නමින් නම් කළේ ය. අදටත් එම මැදිරිය හැඳින්වෙන්නේ ඒ නමිනි. මෙරට කලාවේ උන්නතිය වෙනුවෙන් මෙන්ම ළමා මනසේ රසවින්දනය වෙනුවෙන් නිහඬ සේවයක් කළ ආදරණීය ටයිටස් තොටවත්තයන් ගේ දොස්තර හොඳ හිත කතාමාලාවේ එක් ගීත ඛණ්ඩයකින් ඉහත ලිපිය හමාර කරන්නෙමි.

"අපි හැදුනේ රට රකින්න බැහැයි කියලා බෑ.. රට වෙනුවෙන් වැඩ කරන්න බැහැයි කියලා බෑ.. යුතුකම් ඇත ඉටුකරන්න බැහැයි කියලා බෑ.. නගේ.. මලේ.. කිසිම දෙයක් බැහැයි කියලා බෑ.."

මෙම කියමන දශක තුනක් ඉක්මවන අද දිනටත් වලංගු නොවේ ද ? -- - --

Thursday, 6 October 2022

රැජිනගේ භාෂාව ...

ටවුමේ ඉස්කෝලෙන් අයින් කරගෙන හරංගල කියන ගමේ ඉස්කෝලෙට මාව දාන්න ඕන කියලා අම්මයි අප්පච්චි තීරණය කරන කොට මට යාන්තම් අවුරුදු නමය හමාරක් ඇති.මම අනූඅටේ ජනවාරි නිසා මම වාසි අවුරුද්දෙලූ. ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් එකෙදි උනත් වාසිලු.පොඩි මල්ලීලා එක්කලු දුවන්න පනින්න තියෙන්නෙත්.ගුරුවරුයි , මගේ නෑදෑයොයි. මාගේ පොඩි ඔලුව පුරවපු එකදෙයක් තමා ඔන්න ඔය කතාව. සමාව අවසර !! පොඩ්ඩක් කැළේ පනින්නමයි අදහස. ඔව් ඔව් ඉතින් !! සිංහයෙකුගෙන් පැවත ආවම වැඩි මනාපය කැළේට තාමා. හෝ....හෝ...මම ආපහූ මගේ කතාවට ගොඩවෙන්නම්කෝ.

2008 මාර්තු මාසේ 3 වෙනිදා අලුත් ඉස්කෝලෙට යන්න හරියටම දවස් දෙකකට කලින් රෑක මම දිනපොතක ලීවා මගේ පරණ ඉස්කෝලේ ගැනයි , මගේ යාළුවෝ ගැනයි(එච්චර පොඩි කාලේ දේවල් තමා උඹට මතකද කියලා මට අපවාද කරන්නට දත කන මහත්වරුනි.මගේ සමීපතම මිත්‍රයින්ගෙන් අහලා බලන්න ගණන් සාස්තරේ බැරි උනාට ආයූබෝවන්ඩ !! මට දින වකවානු යසට මතක හිටින බව උන්දෑලා නොසඟවා කියයි) .

දුඹුරු පාට රබර් වගේ අතට සිනිඳුවක් දැනෙන බර දිනපොතේ මාර්තු කියලා මහා උජාරුවට ඉංග්‍රීසි අකුරු පහකින් තිබුන තීරුවට හරියටම පහතින් ඇද වෙච්ච උස් වෙච්ච අකුරු වලින් මම මගේ දුක ලීවා. ඇද විට්ටමට හේත්තු වෙලා මහගමසේකර කවි පටබඳින්නා වාගේ මම දිනපොතේ මගේ වේදනාව පටබැන්ඳා.

හරංගල ඉස්කෝලේ මට සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් වුනා. කොන්තමලේ වේල්ලට උඩ පැත්තට වෙන්න තිබුන හරංගල හරි ලස්සන ගමක්. ගමේ මිනිසුන් පවා සරල අහිංසක උදවිය. පාසලේ මාදාවියෝ නැතිවෙන්න හරංගල ගමයි , ගම කෙළවරෙන් ගලන ඇළයි හැමදාම නිසලව පවතින්න තිබුනා. ඒත් 1934 වගේ කාලෙක උපරතන කියලා ස්වාමීන් වහන්සේ නමක් මුල්වෙලා ගමට පාසලක් තේමාවෙන් මේ පාසල ඉදිකරලා තිබුනා.

කෝප වෙන්න දෙයක් නෑ මේ බලවතුන් , ඔන්න ආපහූ මම කතාවට එන්නම්කෝ.

ළමයින් 16 ඉඳපු පන්තියේ ඉඳන්ම මට හැමදේම අමුතුවට පේන්න පටන් ගත්තා. අනුරුද්ධේ මම දැකපූ ලී පඩිපෙළ , සූදූ පාටින් දිලිසෙන උස ගොඩනැගිලි , හිටපූ විදුහල්පති මහත්වරුන්ගේ උජාරු පින්තූර කිසිම දෙයක් මට හරංගල පෙනුනේ නැහැ.අව්වට වේළුනු හරිම අජිවි බවක් පොඩි මට දැනෙන්න ගත්තා.

අම්මගේ ඇඟිල්ලේ එල්ලීලා හරංගල හන්දියෙන් බැහැලා පහළ බෑවුමට බැහැගෙන බැහැගෙන යනකොට මුලින්ම කටු කම්බි කැඩුනූ වැටක් ඇතුළෙන් බොල් තාලම්පටක් වදින සද්දයක් ඇහෙන්න ගත්තා. ටිකෙන් ටික ඉස්කෝලෙට ළං වෙනකොට තාලම්පටයි අඩි සද්දයි හරියටම එකට මුහුවෙන්න ගත්තා. හොඳටම ළං උනාමයි මම දැක්කේ, අඳුරු නොඋස් දැරිවියෝ ගොන්නක් සිහින් නැටුම් ගුරුවරියකගේ බොල් තාලම්පට තාලෙට නැටුමක් නටන විත්තිය. එතනින් ටිකක් පහලට එනකොට , යාන්තමින් මගේ වයසට සමාන කොලු ගැටයෝ කීපදෙනෙක් හොඳින් මාව විපරම් කරන්න ගත්තා. එතනින් එක් නිර්භීත ගැටයෙක් තමන්ගේ හඬ බුරුල් කරා.

" ස්...ස්...මාමා. මල්ලී කීය පන්තියටද ???"

අප්පච්චි මටත් කලින් ඉස්සර උනා..

"හයේ පන්තියට පුතා."

කොලූ ගැටයන්ගේ මුහුණේ සිනාවක් මතු උනා.

" ආ..එහෙනම් අපට බාලයි. "

ලද පිළිතුරෙන් සෑහිමකට පත් වූ ඔවුන් අප හා සමාන්තරව විසිර ගියා .ඒ පොළවේ ඇදමින් ගමන් කළ බොහෝ දෙපා ඉන් වසර පහක් පුරා නිරුවත්ව තිබූ අයුරු මා දුටුවා.

හරංගල සිදුවීම් එකින් එක පෙළගැස්වීමේ අරමුණක් මාහට මෙහි නැත. එය පාඨක ඔබට කෙසේ වුවද , ලේඛක මා හට මහත් වූ පීඩාවකි. එබැවින් හරංගල සහ බැඳුනූ මගේ ඉංග්‍රීසී උගැන්ම පිළිබඳ යමක් මෙහි ලියා තබන්නෙමි.

හයේ වසර පටන්ගත්ත ගමන් අපට ලැබුනු ඉංග්‍රීසී ගුරුවරිය ගැන මට ඇත්තේ අපහැදිලි මතකයකි . ඒත් ටිකාක් ආයාසයෙන් මතක් කෙරුවොත් ශ්වේත වර්ණැති නොඋස් ඒහා සමානව නොසිහින් ගුරුවරියක් මා මනසට නැඟිම නොවැළැක්විය හැකි කරුණකි. ඈ සතු සුවිශේෂ ලක්ෂණයක් ඒකල මා අධ්‍යනය කළේ ය. පන්තියේ ඈට අවනත ඈ ප්‍රිය කරන දරුවන් එහෙමත් නැත්නම් ඇයට හිතෛෂී ගෝලයන් කිහිපදෙනකු විය. ඔවුන් ඇයගේ ප්‍රාථමික කල සිට සිප්සතර හැදෑරුවෝය. ඔවුනගෙන් පිට වෙන සිසුවෙකු හට ආලය හෝ අවධානය පෑම ඈ සැලකූවේ ආනන්තරීය පාපකර්මයක් ආකාරයටය.

මේ හේතු කොට ඇයගෙන් මා සහ එකල මාගේ ඉතා හොඳ මිතුරකූ වූ අතපත්තු සහ ඉසුරු නොසෑහෙන්නට පහර කෑවේ ය.පැන්සල් පෙට්ටියෙන් උර පතුලට පත බෑ ඇගේ ප්‍රධාන දඬුවමයි. දඬුවම් කරු ඈට වඩා උස නම් කනෙන් අල්ලා පහත් කොට සමඋසේ සිට පහර දීම ඇගේ මනාපයයි. මාගේ මතකය නිවැරදි නම් නදුන් සහ ලක්මුතු ඈගේ ප්‍රියතම සිසුවන්ගෙන් කිහිපදෙනෙකු විය . .

ඈගේ මේ ක්‍රියාකලාපය හේතුකොට ඉතා ඉක්මනින්ම ඉංග්‍රීසී උගැන්ම මට නයාට අඳුකොළ වන්නට විය.

එතැනින් වසර තුනක් හෝ දෙකක් ඇවෑමෙන් මෙකී පෙරකී ගුරුවරිය ඉවත් වී නව තරුණ ගුරුවරියක් ඉංග්‍රීසී භාෂාව උගැන්විම සඳහා පැමිණියේ ය. ඈ සිටි කල අප මහත් වූ ආනන්දයෙන් ගත කළද ඉගෙනගත් ඉංග්‍රීසීයක් නම් නොමැත. එකී සුන්දර ගුරුවරිය අප පාසල අතහැර වෙනතක ගිය කල අප හඬා වැටුනේ අපගේ ආනන්දය අහිමි වීමේ ශෝකයට මිසක් ඉංග්‍රීසී ගුරුවරියක් අහිමි විමේ ඛේදවාචකයට නොව.

දෙවන වරටත් මාගේ ඉංග්‍රීසී කෙරෙහි වූ ආසක්ත බව පිරිහෙන්නට විය. මෙය එතරම් හොඳ දසුනක් නොවන වග හැඟුනු මගේ මව වහාම මා අමතර පන්තියකට ඇතුළත් කළේය . නමුත් මාගේ පාසල් ඉංග්‍රීසී දැනුම දිනෙන් දින ආගාධයට ගමන් කරන්නට විය.මාගේ මිතුරු හවුලේ තත්වය මීටත් වඩා භයානක විය.

මේ සමඟම අප පාසලේ පරිපාලන ප්‍රධානීන් , අපගේ ඉංග්‍රීසී දැනුම නන්වාලීමට නෙක නෙක ගුරුවරුන් අනියුක්ත කරමින් ලිට්මස් පරීක්ෂණයක් බඳූ අත්හදා බැලීම් කරන්නට විය. වරක පිරිමි ගුරුවරයකු යෙදූ කල අපගේ මදාවිකම් දුටු විට ඔහූ මාරාවේස වී පහර පිට පහර දෙන්නට විය. මෙයින් නුදුරේ මිනීමැරුමක් විය හැකැයි අනුමාන කළ බලවතුන් එම විසඳුමෙන් විතැන් විය.

ඔවුනගේ දෙවන බර අවිය, සොඳුරු තරුණ ගුරුවරියක් විය. නමුත් එයින් එකී තරුණ ගුරුවරියට රැකියාවත් එපා වී අනාගත දරුවකු හදාවඩා ගැනිමේ ප්‍රියතාවද මැකී යාවියැයි අනූමාන කල විදුහල් බලවතුන් නැවත එම උපක්‍රමයද සීරු මාරු කළේ ය.

මෙවර ඔවුනගේ තෝරාගැනිම මැදි වයස ඉක්මවූ අත්දැකීම් බහුල පෘතුල ගුරුවරියකි. මුල් සතිය තුළ දැහැනට සමවැදුනූ බමුණන් සේ ඉංග්‍රීසී උගත අප සතියක ඇවෑමෙන් නැවත රස ඵල බුදිමින් පිනුම් ගසමින් කෑකොස්සන් ගසන කුඩා රිළා රංචුවක් බවට පත්විය. මුලින්ම රැජිනගේ ඉංග්‍රීසීයෙන් ඈ බැණ වදින්නට විය .

අයියෝ ස්ටූඩන්ස් , බී ක්වයිට්.වෙයාර්ස් යූවර් ගුඩ් ඇටිටුඩ්ස්..වට අ ශේම් !!!

ඈ කඩුවෙන් පහර දෙන කල අප සිංහලෙන් දමා ගසන්නට විය.කිසිවිටක අප සන්සුන් කොට ඇයට පාඩම කරන්නට නොහැකි විය. පන්තිය මිශ්‍ර වූ බැවින් (ගැහැනු සහ පිරිමි දෙපාර්ශවයම ) ඉගැනුමට හිතැති දැරිවියන්ද ඇස් කොනෙන් අප දෙස බලා මුමුණමින් බැණ වදින්නට විය. ඔවුන බැණ වැදුනේ ඉංග්‍රීසීයෙන් දැයි අදටත් මා නොදනි.

පසුව ඉංග්‍රීසීයෙන් බැණ වැදිම අතහැර ඈද අපහා එක්ව සුද්ද සිංහලයෙන් බැණිම ආරම්භ කළේ ය. මෙම සටහන මා ප්‍රසිද්ධ මාධ්‍යයේ පළකරන්නට අදහස් කොට ඇති බැවින් , එවන් වදන් මෙහෙ නොලියා සිටිමට තරම් ම සංවර වනු කැමැත්තෙම් .

තවත් කරුණක් කීමට මා අවසර යදමි , එකල මාගේ ඉංග්‍රීසී අකුරු ඉතා කැත බවත් එය බල්ලෙකුට කටේ තැබිමට නොහැකි බවත් පැවසු උක්ත සඳහන් කල නොඋස් ඉංග්‍රීසී ගුරුවරිය ඩබල් රූල් පොතක් ගෙන නැවත මුල සිට අකුරු ලිවිය යුතුබව මට තරයේ අවවාද කොට සිටියේ ය.

එකල පැවති නීතී රාමූ අනූපූරකව , ඩබල් රූල් පොතෙන් සමත් වන්නා තනි රූල් පොතට මාරු වන අතර එයිනුත් හොඳින් අකුරු පටබඳින්නා හට "වැල් අකුරු " ඉගෙන ගැනිමේ ඉඩ ප්‍රස්තාවක් ලැබිනි. නමුත් තෙන්නකෝන් මුදියන්සේලාගේ වක්කුඹුරේ ගෙදර තීක්ෂණ මනුජය බණ්ඩාර තෙන්නකෝන් වන මා එම වසර තුනටම කිසිදිනක ඩබල් රූල් පොත් ඉක්මවා ගොස් නැත.එබැවින් අදටත් මා වැල් අකුරු නොහඳුනන්නෙමි.

මේ ආකාරයෙන් ඉංග්‍රීසී පන්තිය හිතාමතා මඟහරිමින් කැන්ටිමේ බනිස් කමින් කිරිතේ බිව් මම උසස් පෙළ ඉංග්‍රීසී විෂයේ සිතාමතා නිදා ගත්තෙමි. එයින් වසර දෙකක් ඇවෑමෙන් මා කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යා පිඨයට තේරී පත්වුන ලදි. අර්බුදය මුහුණ පුරා විසිරෙන්නට වූවේ එතැන් සිටය.

දිනක් විශ්වවිද්‍යාලයේ භුමියේදි සොඳුරු ලියක් රැජිනගේ භාෂාවේන් මාහට පැනයක් තබන ලදි. දශකයක් පමණ පැරණි මාගේ හරංගල පාසලේ ඉංග්‍රීසී පරිච්ඡේදය රීදී සේයා පටයක් මෙන් මාහට පෙනෙන්නට විය. මා තද හුස්මක් ගෙන ඇයට බායි කීවෙමි. එතැන් සිට පුරා සිව්වසරක් ඇගේ සොඳුරු මුහුණ මා නැවත කිසිදින එහිදි නොදුටුවෙමි. මාහට දකින්නය අවශ්‍ය වුවද , ඇයට එය අවශ්‍ය නොවන බව මා ගලේ කෙටූ අකුරක් මෙන් මා දනිමි.

මා තවමත් එංගලන්තවාසී භාෂාව අසමත් බැවින් , මෙයද මගේ මව්බාසාවෙන් ලියාතබමි.

දැනූමේ අන්තය භාෂාව නොවුනද , භාෂාවෙන් තොර අනන්ත දැනුමක් නොමැත.

හරංගල සිටි කල ඉංග්‍රීසී පන්තියේ හොරගල් ඇහිලු මා ඉන් දශකයකට පමණ පසුව අදත් උගත් පාඩම මෙයයි.

Monday, 3 October 2022

How we built 10k Facebook page within a three months.

First, please don’t consider this one as boasting. This was one true story that happened to two young boys, nearly two and half years ago.

In 2020 march, we faced Covid's first wave and all of us were getting frustrated. As a country or even as a youngster, we have been going through many difficulties during our life circle. But this pandemic situation had been completely stranger to the entire world. Universities were closed, some jobs were cut and people suffered with hideous disgust. Meanwhile, my friend and I were in a similar mood at this time.

One night , my roommate and as well as my friend Charuka Gunawardana phoned me and offered me some innovative things. He asked me to start Facebook page. We had discussed this idea on many occasions, but we had not been able to start it practically. Therefore we both thought that this time was the best time to start this.

When we were both destitute of dreams and completely aimless.

So we got down to the business. Because we had nothing to lose.

We had a rough notion about what would be our page and content published under the brand name. We disused and analyzed parallel trends that are ongoing on social media platforms. Then after we took two or three decisions about our contents.

1.Content should be knowledge-based and it must help someone in any way.

2.Mainly we focused on motivational stories.(But not a conventional motivational post)Our agreement was one post should consist of two components. Strong quotes and story line were those two .

3.A decision was made to use the same color code, same font, and the same template for each post.

4.When writing the Post description, I always try to write something like a story and came up with an attractive topic.

5.In post editing, Charuka maintained that simplicity and uniqueness.

We made this set of conditions to keep our page’s identity. Although some of these points were later changed based on the behavior of the audience. As an example, we reduced the length of the storyline based on the feedback. Apart from that, most of the points remained the same.

First, we’ve chosen a name and it came from Charuka’s side. He proposed “Legends diary” . That name perfectly matched our expectations. Then we selected the theme colour for our profile picture and cover image. This time we went with light yellow as our theme color and Charuka created a representative cover image for the page.

Our post publishing mechanism simple as that, we had an agreement for posting two content per day. We were always careful to retain this tempo. Because especially when you’re working on social media things, this frequency and tempo so much of crucial for engaging with your loyal audience. Also, Charuka kept two scheduled times for releasing the contents. Again this habit will give us much of good reach, rather than abrupt posting. p>

When discussing the number of post reaching. We had realistic goals. Because both of us believed in organic virality. Therefore we planned 500-page likes within one month(At that time we thought that this is too much). From here we went deeper and planned this in detail until we reached about 250-page likes within two weeks.

But suddenly, one of our posts started to be shared surprisingly. Because of this, the page reach started to increase gradually. But with time again that peak was decreasing . by that time, we have passed our targets and gone long away.

But the most important thing is that we don’t expect this kind of reach again and again. The reason was that we both had a certain conscious about social trends. Therefore what we both did was continue our work continuously.

If I’m explaining, how we attended to post sharing. As an initiative, we’ve shared some posts using our own Facebook profiles. But then we moved on to the alternatives. The method we used the most was to share the post in Facebook groups. It was tough and challenging but we had good engagement with that as well. Here we need to mention one important thing. When we were doing this page, both of us were in University. So easily, we could get some support from the university level. But we didn’t.

When we started this, only one of our closest friends Tithira ,knew that we were doing this. Later, even after we reached 10000, we were not interested in publicizing this as our work.

Again in the next two months, we created the most sharable content without forcing. We hit 10000 milestones within three months. Completely it was unexpected. Especially in here Sri Lanka, with a joke page or with a Cricket page definitely, you’ll be able to reach 20000 within a month. But this one had a different story.

The main thing to get this 10000 in three months was to identify the audience and stay connected with social behaviors. Because of that, we need to understand that Facebook is another layer of the existing society

ඉංග්‍රීසී කොඩිය පෑගීමේ ප්‍රෝඩාව

 උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේ එවකට අස්ගිරී පාර්ශවයේ භික්ෂූවක් වූ වාරියපොල සුමංගල හිමි ඉංග්‍රීසී ධජය බිම හෙළා සිංහයා සහිත ධජය එසවූ බවට මතිම...