Skip to main content

තොටිල්ල පදවන හස්තය ....

 මෙය  මගේ වැඩිමහල් සහෝදර මිතුරියකගේ ඉල්ලීමකි. පහත් ඇමිණූ අකුරු සියල්ලක්ම ඇත්තේ  ඈට  නොකියූ ,ඈ කෙරෙහි මා සතු ගෞරවය පමණි.



පාසල් සමයේ කාලවර්ණිත කෙසඟ උසැති , මොළයේ අංශු මාත්‍ර යුවතියක් කිසිදිනක දෙවරක් හැරී නොබලනා අඟ පසගින් හෙඹි වූ මාගේ ආදරය යොමූ වූවේ එකල උන් සුන්දරම තරුණියට යි. එකල අප තරුණියක් සුන්දර යැයි අප තක්සේරු කළේ ඇගේ මුහුණේ ,සිනහවේ සහ නිකටේ සුන්දරත්වයෙන් පමණි. තරුණියක් සුන්දර විය යුත්තේ මුහුණෙන් පමණක් නොවන වග මට තේරුම් යෑමට සරසවියේ වසර දෙකක් ගතකිරීමට සිදු විය.

මෙසේ අවුරුදු විසිතුනක් පුරාවට මා හට යුවතියන් දෙදෙනකු පමණ ඉතා ආසන්නයෙන් ආශ්‍රය කිරීමට ලැබිනි.  වාද නොකරන්න. පැහැදිලිව ඔවුන් පෙම්වතියන් ය.  ඔවුන් දෙදෙනාම ඒ ඒ සමාජ ස්තරයන්ගෙන් පැමිණි යහපත් මිනිස්සූන් දෙදෙනෙකි.නමුත් , ඉන් සරසවිය තුළ මට හමුවු කාන්තා පෞරුෂය මා ඉතා ගරු කරන සහ මම ඉන් පෙර නොදුටු අයෙකි.එම  අවසානය කෙසේ වූවත් නැවත ඒ දෙස හැරී බැලු කලක ඒ සෑම මොහොතක්ම සුන්දර මතකයන් පමණක් බව මට තේරුම් ගත හැක .


ඉහතකී  සම්බන්ධතා දෙකෙහිම මා තේරුම් ගත් යම් පොදු තර්කනයක් ඇත. එනම් කාන්තාව යනු සුළුකොට හෝ සුළුවෙන් තක්සේරු කළ යුත්තක් නොවන වග.ඔවුන් සතුව විශාල විභවයක් ඇති අතර එය බාහිරින් ඔවුන් දෙස බැලුකල නොපෙනෙනු ඇත. නමුත් යම්තාක් දුරට ඔබ යුවතියක් හා සම්බන්ධය වූ කලක එය වඩාත් පැහැදිලිව ත්‍රීවුර වේ. මෙය සෑම කාන්තා සහෝදරියකටම  අදාළ ද යන්න මා නොදනි. නමුත් බහුතරය එලෙස යැයි මා උපකල්පනය කරමි. මෙයට මනා ලෙස ගැළපෙන උදාහරණය පහතින් දක්වමි. පසුගිය කාල  සමයේ  සමාජය කැළඹූ විවාදාත්මක  කාන්තා ඝාතනයේදි , එලෙසින් ගෙල අහිමි වූ සහෝදරියගේ කතාව තුළ පවා ඈ යම් ආකාරයකට එවන් පොලිස් ලොක්කකුට පවා පීඩනයක් ලබාදීමට තරම් සවිමත් වන්නට ඇති. එය එසේ නොවී ඈ මුළුගැන්වූ ,බියගුළු කාන්තාවක් නම් ඈ තවමත් ජිවත් විය යුතු නොවේ ද. පරිණාමයෙන් යම් ආකාරයකට කාන්තාවට ආරක්ෂාව සහ සැලකිලිමත් වීම පිළිබඳ හුරුවක් ලැබුන්ද තාක්ෂණික විප්ලවය සමඟ ඔවුන්ගේ ස්වාධීන අදහස් මත දැරීම වඩ වඩා වර්ධනය වුනි.එය බොහෝ විට කාර්මික විප්ලවය සමඟ සිදුවන්නනට ඇත. ඔබ Peaky blinders නැරඹු අයෙකු නම් , එකල බ්‍රිතාන්‍යය සමාජයේ කාන්තාවකට තීරණ ගැනිමට ඇති බලය තවදුරටත් ප්‍රශ්න නොකරනු ඇත. එය දේශපාලනිකව මුලින් වර්ධනය වූ අතර පසුව  එය සමාජීය ව්‍යාප්තියක් ලෙස ස්ථාවර විය.
"තොටිල්ල පදවන හස්තය ලොව ආණ්ඩූ කරවයි " මෙම උද්දෲතය බොහෝ තැනි හි භාවිතා වන්නේ ...
කාන්තාව සතු එම ස්වාධීනත්වය නිසාවෙනි.  ලෝක තත්වය එසේ පවතින කලක ලංකාව තුළද එහි සිඝ්‍ර වර්ධනයක් පෙනෙන්නට තිබිනි. සිරිමාවො බණ්ඩාරනායකගේ සිට ඔටාරා දක්වා පැමිණි කාන්තා පෞරුෂයන් එකී කතාවේ සාක්ෂිකරුවන් වනු ඇත. නමුත් මෙහි මා සඳහන් කළ යුතුම  නවමු චරිතය Asha de vos. සුන්දර ,ඍජු ඈ පසුගිය වසරේ ලොවට වඩාත්ම බලපෑමක් සිදුකළ හැකි කාන්තාවන් සියය අතර අයෙකි.ඈට සවන්දෙන්න . කාන්තාවකට යා හැකි දුර කොපමණ දැයි කාන්තා පිරිමි දෙපාර්ශවයටම  තේරුම් ගැනිමට හැකිවනු ඇත.  
ඔබ මෙන්ම මාද පය ගසා සිටිනා වර්ග අඩි හැටපන්දහසක කුඩා දිවයිනෙන් පිටත එවන් විස්කම් කරනා කාන්තාවක් දහසකි. ඔවුන් බොහෝමයක් ඔබ ඔය කියන්නාවූ විවේචනය කරන්නා වු  යල්පැන ගිය, පිළුනූ  වූ, යාවත්කාලීන නොවූ ගතානුගතික සිංහල සංස්කෘතියෙන් බිහිවූ මිනිස්සූන් ය. දැන් ලාංකීය   සහෝදරියන්  කල්පනා කළ යුත්තේ ( මගේ සහෝදරියද ඇතුළුව)  වඩා ගතානුගතික සංස්කෘතිය ද ,නැත්නම් ඔබද යන්නයි. මක්නිසාදයත් යත් සංස්කෘතිය යනු අපගේම සිතුවිලි සෙවණැල්ල බව අප කිසිදින  තේරුම් නොගැනීමයි.





තොලොස්තෝයිගේ The Kreutzer sonata හි කතා වස්තුවට අනුව  ගැහැණිය යනූ භාණ්ඩයකි . දහ නමවන සියවසෙදි පිරිමින් විසින්   උත්කර්ෂයට නැංවූ වෙළඳ භාණ්ඩයක් වන ගැහැණිය ,විසිඑක්වන සියවසෙ ස්වාධීන , සිවිල් බලයක් ඇති සමාජ ජිවියකු වී අවසන් ය. සෑබෑ සමාජ විප්ලවයන් යනු එවැනි ලිංගිකත්වය මත පදනම් නොවූ සමාජ ක්‍රමයක් ඇති කිරිමයි.

පෙර කී පරිද්දෙන් මෙරට හෝ එතෙර ප්‍රකට කාන්තා සිවිල් චරිත සියල්ලක්ම ප්‍රායෝගික බුද්ධියෙන් මුහුකූරා ගියාවු කාන්තාවන්‍ ය. ගැහැණුන්ගේ මොළේ කියනා තරමටම හැඳි මිටේ ප්‍රමාණිත නොවන බව මම පෞද්ගලිකව දනිමි.නමුත් ප්‍රායෝගික බුද්ධිය යනූ අකුරු රූප මත පදනම් වූ අධ්‍යනයක් නොව . එය සමාජ කියවීම මත පදනම් වූ අධ්‍යනයකි.

  " පොතක් පතක් කියවන, සිංදුවක් කවියක් අහන, වේදිකා නාට්‍යයක් ප්‍රවෘත්තියක් බලන ගැහැණියක් සොයාගන්නට "

එකල අපට බලකෙරුනේ එම ප්‍රායෝගික බුද්ධියේ අවශ්‍යයතාව නිසාවෙනි. සිහින ලෝකයෙන් බිමට බැස සැබෑ ලෝකයේ තම හිමිතැන ලබාගැනිමේ ප්‍රයත්නයට නම් කාන්තාව සම්බුද්ධික විය යුත්තේ ඒ නිසාවෙනි.





  සහෝදරියනි, සර්වබලධාරි දෙවියන් වහන්සේ ගේ මැවීමෙන් හෝ මහා බ්‍රාහ්මණයාගේ මැවීමෙන් හෝ මහා පිපිරුම් වාදයෙන් හටගත් පරිණාමවාදයේ පදනමෙන් හෝ ඔබ පිරිමින්ට වඩා ශාරීරකව දුර්වල වී ඇත. එයට ඔබට කල හැක්කක් නොමැත. සැබෑවකි. ශක්තියෙන් ඔබ පියවරක් පසුපසින් වන්නට ඇත.නමුත් අනෙක් සෑම ආකාරයකින්ම ඔබට ලිංගිකත්වය අමතක කොට තරග කළ හැක. එසේ තරග කරන්නා වූ ,අරගල කරන්නා වූ සමාජ ප්‍රගමනයට වෙහෙසෙන්නා වූ  කාන්තා සහෝදරියන් රැසක් තවමත් සටන් බිමේ සටන් කරන්නේ ය .ඔවුන් බහුජාතික සමාගමක  අධ්‍යක්ෂක මණ්ඩලයක මුල් පුටුවේ සිට බියගම කර්මාන්තශාලාවක ජුකී මැෂින් කරකවන තැන දක්වා පැතිරී තිබේ. ඔවුන් සියල්ලක්ම ගතානුගතිකත්වයට අභියෝග කරන්නා වූ නූතනවාදයේ ආලෝකමත් මිනිසුන් ය.

දසමසක් පුරාවට ජිවයක උපතේ හිමිකරුවන් වන සහෝදරියනි. ඔබගේ ගමනාන්තය ටික් ටොක් තිරයක්ද , මුළුතැන්ගෙයි පුටුවක් ද  එසේ නොවේනම් ඔබ දුටු  සිහින හඹා යන ගමනක්ද යන්න ඔබම තීරණය කරන්න.
නවීන ලෝකය යනූ තවදුරටත් බෝක්කූ මත සිට විසිල් වැදුනු යුගයක් නොව...සිහින මත ඇවිද යන්න එවිට ඇසෙනා විසිල්  හඬ පෙර මෙන් කටුක නොවනු ඇත.





  

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...