Skip to main content

අප මලාලා දැනගත යුතුද ?

  අනුව දශකයේ මැද භාගයේ ඇෆ්ගනිස්තානයට අභියෝග කිරිමෙන් පසුව තලෙයිබාන්වරු නැවත වරක් විසිඑක්වන  සියවසේ දෙවන දශකයේ ආරම්භයේදි මධ්‍යම රජයට සිය වෙඩි උණ්ඩ යොදවා අභියෝග කරන ලදි.

ට්‍රම්ප් පාලනයෙන් පසුව ඇමෙරිකානූ ධවල මන්දිරය  භාරගත් ජෝ බයිඩන් තලෙයිබාන් ප්‍රහාරයට මසකට පමණ පෙර ඇමෙරිකානූ භටයින් ඇෆ්ගන් දේශ සීමාවෙන් ඉවත් කල නිසා පෙර මෙන් අවහිරතාවයකින් තොරව තලෙයිබාන්වරු රටට ඇතුළු වි පාලන බලය තහවුරු කරන ලදි.
අද මෙකී සටහන තලෙයිබාන් ආක්‍රමණය හෝ  ඒ හා සමගාමී කරුණු කාරණා පිළිබඳව නොව..ඒ හා බැඳුනු සමාජ ක්‍රියාන්විතය පිළිබඳවයි. තලෙයිබාන්වරුන් විසින් රාජ්‍ය බලය තහවුරු කිරිමෙන් පසුව ගත් මුල් නීතීමය ක්‍රියාමාර්ග කිහිපය තුළ මුලිකත්වය ගත් එක් කරුණක් වූවේ කාන්තා අධ්‍යාපනය තහනම් කිරිමයි. ඔවුන් සිය ආගමික අන්තවාදී න්‍යායට අනුව කාන්තාවන්ට බුර්කාව ඇදිමට බලපෑම් කිරිම සහ පාසල් අධ්‍යාපනය තහනම් කිරිම ක්‍රියාත්මක කෙරිනි. BBC වාර්තාවට අනුව මෙම නියමයෙන් මුල් සතිය තුළ පමණක් ඔවුන් ඇෆ්ගන් කාන්තාවන් දස දෙනෙකු පමණ ඝාතනය කොට තිබිනි. ඒ සියලු දෙනාම අන්තවාදී තලෙයිබාන්වරුන්ට එරෙහිව සිය හඬ අවදි කළ කාන්තාවන් පිරිසකි. ෂරියා නීතියට අනුව මුල් සතිය අවසන් වන විට එකී කාන්තාවන් සියලු දෙනාම ඝාතනයට ලක් කොට තිබිනි.


උක්ත හෙඩිමේ සඳහන් ලෝ ප්‍රකට නාමය සාකච්ඡාවට බඳුන් වන්නේ මෙතැන් සිටයි. ඈ නමින් මලාලා යූසුෆ් ( Malala Yousafzai ) .
නූතන පාකිස්තානයේ නිර්මාතෘ ලෙස සැලකෙන මොහොමඩ් අලි ජින්නාගේ දැඩි අනුගාමිකයකු වූ Ziauddin Yousafzai දාව 1997 ජුලි මස උපත ලද මලාලා තම දොළොස්වන විය පසුකරන විට බ්ලොග් අඩවියක් හරහා කාන්තා නිදහස සහ සමානාත්මතාව පිළිබඳ තම ස්වාධීන මත ඉදිරිපත් කිරිම ආරම්භ කරන ලදි. පාකිස්තානය වැනි අන්තවාදී රටක තරුණයකු පවා නොගන්නා අන්දමේ නිර්භය තීරණයක් ගත් දොලොස් වියැති මලාලා සිය ස්වාධීන මතය බ්ලොග් අඩවියේ අකුරු කරවන ලදි. එවකට පාකිස්තානූ දේශ සීමා අසල තලෙයිබාන්වරු සිය බලය තහවුරු කරමින් සිටි යුගයකි.
දුවිලි පිරුණු නිතර දෙවෙලේ කාර් බෝම්බ පුපුරමින් මිනිස් සිරුරු දෙකට වෙන්වන, මනුෂ්‍යය ඝාතනයක් යනු ඉතාම සාමාන්‍යය දෙයක් ලෙස සලකනු ලැබූ රටක..කුඩා දැරියක් සිය පියා විසින් ලබාදුන් පරිඝණකය උපයෝගී කොට සිය ස්වායත්ත අදහස් පළකරන අන්තර්ජාලය තුළ පලකරන ලදි. (ලිපියේ අවසන මලාලා සිය මුල්ම පරිඝණකය සමඟ ගත් ඡායාරූපයක් අමුණා ඇත. )
මෙකල යනු  පාකිස්තානූ සමාජ ක්‍රියාකාරීන් රැසකගේ දිවි අහිමි වූ කාලා සීමාවකි.මේ නිසාවෙන් ත්‍රස්තවාදීන්ට එරෙහි වූ බොහෝදෙනා අන්වර්ථ නාමයන් ඔස්සේ පුවත්පත් සහ බ්ලොග් අඩවි මඟින් පවතින රජය සහ අන්තවාදීන් විවේචනය කරමින් සිටියේ ය. නමුත් ඔවුන් කිසිවකු සිය සැබෑ නාමය යොදවා ඉහත කී විවේචන සිදුකිරිමට තරම් නිර්භය නොවිනි.
නමුත් දොළොස් වියැති මලාලා ,සිය සැබෑ නාමයෙන් බ්ලොග් අඩවියේ ලිපි පළකිරීමට මැළි නොවිනි . මේ හේතුව නිසාවෙන්ම  තලෙයිබාන්වරුන්ගේ අවධානයට මෙම දැරිය ඉතා  ඉක්මනින් නතු විය.


2011  වසරේ දෙසැම්බරයේ ඇයට තලෙයිබාන්වරුන්ගෙන් මුල්ම අනතුරුව ඇඟවිම ලැබිනි.බ්ලොග් සටහන් තැබිමෙන් ඉවත්වන ලෙසට ඇයට මුල්ම අනතුරු ඇඟවිම මෙලෙස නිකුත් කොට තිබිනි.2012 වසරේ ජනවාරි වන විට ඇයට නාඳුනන මරණ තර්ජන පැමිණි අතර එනමුත් ඇය බ්ලොග් සටහන් තැබිම නතර නොකළේ ය. ඇයට පාසලේදි පවා  විවෘත මරණ තර්ජන එල්ල වූ අතර එහි උච්චතම අවස්ථාව ලෙස  2012 ඔක්තෝබර් මස 09 වන දින  පාසල් බස් රථය තුළදි ඇය ඇතුළු තවත් පාසල් දැරියන් දෙදෙනකුට තලෙයිබාන්වරු වෙඩි තැබූහ.  එහිදි  මලාලා ගේ වම් ඇසට මඳක් පහතින් ඇතුළු වු වෙඩි උණ්ඩයෙන් ඇගේ හකු ඇටය බිඳි ගිය අතර ඇගේ ස්නායු පද්ධතියටද දැඩි හානියක් සිදු වී තිබිනි. වෙඩි උණ්ඩයෙන් ඇගේ මොළයට ඎජුවම හානියක් නොවුනද ඇයගේ තත්වය බරපතළ එකක් විය. මලාලාට එල්ල කළ ප්‍රහාරය තම සංවිධානය විසින් සිදුකළ එකක් බවට එදින සවස් වන විට තලෙයිබාන් සංවිධානය විසින් භාරගත්තේ ය.
ඇයව රෝහලට රැගෙන ගිය විගස ඇගේ වම් කම්බුලට සම්බන්ධිත අස්ථිය ඉවත් කළ අතර වෙඩි උණ්ඩය නිසා එම අස්ථිය බිඳිගොස් තිබිනි . ඒ සමඟම ඇගේ මොළයට රුධිරය ගලා යෑම නතර විය. ඉස්ලාමාබාද් හි ශල්‍ය වෛද්‍යවරයාගේ එම පියවර සමඟ මලාලා අනතුරුදායක තත්වයෙන් තරමක් ඉවත් විය. ඇගේ ඝාතන තැත මුලු ලොවටම නිරාවරණය වීමත් සමඟ මහා බ්‍රිතාන්‍යය විසින් හැකි ඉක්මනින් ඇයව එරටට ගෙන්වා ගැනිමට කටයුතු කරන ලදි. ඔක්තෝබර් මස සිට ඈ නිසි අයුරින් සුවවන තෙක් Queen Elisabeth රෝහලේ ඈ නේවාසිකව ප්‍රතිකාර සඳහා බඳුන් විය. මාස ගණනාවකට පසුව නිසි අයුරින් සුව වූ මලාලා එතැන් සිට මුලු ලොවක් හඳුනන  සමාජ ක්‍රියාකාරිනියක් බවට පත්විය. ප්‍රහාරයට පෙර ඈ අතිශය සොඳුරු දැරියක් විය.නමුත් වෙඩි උණ්ඩයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇගේ වම් කම්බුල ආශ්‍රිත ප්‍රදේශයේ ස්නායූ ක්‍රියාවලිය පෙරමෙන් ක්‍රියාත්මක නොවිනි. ශල්‍යකර්මයෙන් මුල් වසර පමණ ඇගේ මුහුණේ වම්පස සහ දකුණු පස අසමාන වුවද පසුව සිදුකල සැත්කම් මඟින් එම තත්වය මඟහැරිනි.  .
ඇගේ ස්වයං චරිතාපදානය වූ I Am Malala ග්‍රන්ථය 2013 වසරේදි ප්‍රකාශයට පත්විය. එම ග්‍රන්ථය විශාල පාඨක පිරිසකගේ නොමඳ ආදර ගෞරවයය පත්විය.




අන්තවාදී  තලෙයිබාන්වරුන්ට අවශ්‍යයව තිබුනේ ඇගේ හිස පුපුරවා හැරිමටයි. නමුත් ඔවුන්ගේ වැරදුනු ඉලක්කයෙන් මෙම කුඩා දැරිය මුලු ලොවකට බලපෑමක් සිදුකළ හැකි නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ දැරියක් බවට පත්විය. ( 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගය ලබාගත්තේ ඇයයි. ඒ ඇගේ ප්‍රහාරයෙන් වසර දෙකකට පසුව) මලාලා සැලකෙන්නේ නොබෙල් ත්‍යාගයකින් පිදුම් ලැබූ ළාබාලතම පුද්ගලයා ලෙසයි. ඇය එම ත්‍යාගය ලබන විට දාහත්වන වියේ පසුවූ යෞවනියකි. තලෙයිබාන්වරු ඇයට වෙඩි තබන විට සිදුවු කිසිවක් ඇගේ මතකයේ පැහැදිලිව සටහන්ව නොතිබිනි. ඇය මහා බ්‍රිතාන්‍යයේ Queen Elizabeth රෝහලේ සිට සුවය ලැබූ මුල් දිනයේම ප්‍රහාරය සිදුවන විට ඈ අසල සිටි ඇගේ පාසල් මිතුරියගෙන් අසා සිටියේ.

" ඔවුන් මාව හොයනකොට මම හැංගෙන්න උත්සාහ කළාද, දුවන්න උත්සාහ කළාද ??"  යනුවෙනි.

පිළිතුර ලෙස ඇගේ මිතුරිය ලබාදී තිබුනේ.

" නැහැ !!! ඔයා කිසිම කලබලයක් නැතිව මගේ අත තදින් අල්ලගෙන සන්සුන්ව හිටියා." 

සැබැවින්ම එදින ඈ කිසිදු කලබලයක් සිදුකොට නොතිබිනි. වෙඩි ප්‍රහාරයෙන් පසුවද දෑතින් ලේ වැගිරෙන මුහුණ වසාගත් ඇය. රෝහලට රැගෙන යනතුරු නිසලව සිටියේ ය. ඈ ලෝ ප්‍රකට මාධ්‍යය ආයතනයන්හි පැසසුමට ලක්වූවේ මෙම සිදුවිමත් සමඟයි. සෑම කාන්තාවකටම අධ්‍යාපනය අයිතිය  ලබාදිය යුතුයැයි දැඩි සටනක් සිදුකරන දැන් 24 වියැති ඇය  MALALA FUND (මලාලා අරමුදල) හරහා පාකිස්තානූ දරුවන්ට අවශ්‍යය බොහෝ අධ්‍යාපනික ආධාර සපයමින් සිටි. ඈ සමඟ බොහෝ  ප්‍රකට ක්‍රීඩකයන්, ගායකයින් සහ ව්‍යාපාරිකයින් එකතු වී සිටි.
ඇය මේවන විට මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන  අතර මින් වසර හතරකට පමණ පෙරාතුව ජස්ටින් ටෲඩෝ විසින් ඇයට කැනේඩියානු ගෞරව පුරවැසිභාවයද ලබාදෙන ලදි. එවැනි අවස්ථාවක් ලද සයවන පුද්ගලයා ඇයයි. ඒ ... ඇය මුලුමහත් ලෝකයේ  කාන්තා අධ්‍යාපනයට සහ කාන්තා නියෝජනය වෙනුවෙන් සිදුකෙරූ සේවය වෙනුවෙනි.
කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිය ශාස්ත්‍රපති උපාධිය 2020 වසරේදි සම්පූර්ණ කළ ඈ..වර්තමානයේ පුර්ණ කාලීන සමාජ ක්‍රියාකාරිනියක් ලෙස සිය සේවය සිදුකරමින් සිටි.
" අප මලාලා දැනගත යුතුද " යන ප්‍රශ්නය මාහට මතුවුවේ..මම එක්තරා මිතුරියකගෙන් මලාලා දන්නවාදැයි ?? ඇසු විට ඈ දුන් පිළිතුරත් සමඟයි. එය ඉතා සරල සංවාදයක් වුවද මෙරට බොහෝ තාරුණ්‍යය හඬ සහ දැනුම එය බව වටහා ගැනිම අපහසු නොවේ. මෙරට ගතානුගතිකත්වයට ආගමෙන් සහ සංස්කෘතියෙන් බලපෑමක් එල්ල වුවද එය පාකිස්තානය තරම් නොවේ.නමුත් අදත් කොළඹින් මඳක් ඔබ්බට ගිය කළ කාන්තා චින්තනය අතිශය සාම්ප්‍රදායික රාමුවකි.

ඔවුනට ඇත්තේ  සංසාරගත ප්‍රේමයක් සොයාගැනිම, විවාහා විම , මාල හතක් පැළඳිම ,පෝරුවේ චාරිත්‍ර නිසි අයුරින් ඉටු කිරිම,  කමින් බොමින් ජයට මඟුලක් ගැනිම, දරුවකු මල්ලකු  හදාගැනිම , රැකියාවෙන් ඉවත් වී දරුවන් බලාගැනිම , සැමියා නිවසට එනකල කෑම උයා දීම, දරුවන් පාසල් යැවිම , පාසල් නිවාඩුවට විනෝද චාරිකා යෑම වැනි අච්චුගත වූ සිහිනයන් පමණි. උක්ත කාර්‍යන් කිසිවක වරදක් නැත.නමුත් ඔබේ කොටු වීම ඔබ විසින්ම උරුම කරගැනිම අවාසනාවට කරුණකි. ඔබට සමාජයට සිදුකළ හැකි බලපෑම ඉහත කී කාර්‍යන්ට වඩා සුවිශාල එකක් බවට විවාදයක් නොමැත.



ඔබ වැන්නවුන් මලාලා දැනගත යුත්තේ ඒ නිසාවෙනි. මක්නිසාදයත් ඈ 2012 තලෙයිබාන් වෙඩි උණ්ඩයට මුහුණ දෙන විට ඇයට තිබු ආත්ම විශ්වාසය ..බහුතරයක් ලාංකීය තරුණයන්ට සහ  තරුණියන්ට අසූ වැනි විය ඉක්මවා මරණයට පත්වන තුරුත් නොතිබිමයි.  

Comments

  1. Thank you for the content manujaya, loved it as always. 🧡
    නිදහස් චින්තනය නැති තැන මිනිසුන් සිරකර තැබීමට හිරගෙවල් අවශ්‍ය නැත. නිදහසේ හිතන අය හැමවිටම නිදහස් ය.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Love your writing style 😊 Keep it up 👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...