Posts

තොටිල්ල පදවන හස්තය ....

Image
  මෙය  මගේ වැඩිමහල් සහෝදර මිතුරියකගේ ඉල්ලීමකි. පහත් ඇමිණූ අකුරු සියල්ලක්ම ඇත්තේ  ඈට  නොකියූ ,ඈ කෙරෙහි මා සතු ගෞරවය පමණි. පාසල් සමයේ කාලවර්ණිත කෙසඟ උසැති , මොළයේ අංශු මාත්‍ර යුවතියක් කිසිදිනක දෙවරක් හැරී නොබලනා අඟ පසගින් හෙඹි වූ මාගේ ආදරය යොමූ වූවේ එකල උන් සුන්දරම තරුණියට යි. එකල අප තරුණියක් සුන්දර යැයි අප තක්සේරු කළේ ඇගේ මුහුණේ ,සිනහවේ සහ නිකටේ සුන්දරත්වයෙන් පමණි. තරුණියක් සුන්දර විය යුත්තේ මුහුණෙන් පමණක් නොවන වග මට තේරුම් යෑමට සරසවියේ වසර දෙකක් ගතකිරීමට සිදු විය. මෙසේ අවුරුදු විසිතුනක් පුරාවට මා හට යුවතියන් දෙදෙනකු පමණ ඉතා ආසන්නයෙන් ආශ්‍රය කිරීමට ලැබිනි.  වාද නොකරන්න. පැහැදිලිව ඔවුන් පෙම්වතියන් ය.  ඔවුන් දෙදෙනාම ඒ ඒ සමාජ ස්තරයන්ගෙන් පැමිණි යහපත් මිනිස්සූන් දෙදෙනෙකි.නමුත් , ඉන් සරසවිය තුළ මට හමුවු කාන්තා පෞරුෂය මා ඉතා ගරු කරන සහ මම ඉන් පෙර නොදුටු අයෙකි.එම  අවසානය කෙසේ වූවත් නැවත ඒ දෙස හැරී බැලු කලක ඒ සෑම මොහොතක්ම සුන්දර මතකයන් පමණක් බව මට තේරුම් ගත හැක . ඉහතකී  සම්බන්ධතා දෙකෙහිම මා තේරුම් ගත් යම් පොදු තර්කනයක් ඇත. එනම් කාන්තාව යනු සුළුකොට හෝ ස...

Stevenage Prodigy

Image
 "Get in there Lewis, What way to do it mate. What a way to win your seventh world title. " Hamilton wins his seventh world title and high five his team  If you're an F1 fan on any level, This phrase won't fade from your mind. The above phrase has been mentioned by the CEO of  Petronas Racing Team when Lewis Hamilton won his seventh world title at Abu Dhabi. Following the Last four decades, The Different types of sports personalities will rise in many shapes. Lewis Hamilton is one of them. But This Global Superstar has marched into a different beat every single time. He came with nothing to the game, But He leaves with everything. This is the opening chapter of his epic journey.  Lewis Carl Davidson Hamilton was born on 7 th January 1985 at Stevenage. His father was a race driver but He wasn't in extreme pro level. Even though When Lewis was a little boy  He embraced that exposure. Lewis was grown up like other ordinary children in Stevenage. He Loves schooling ...

අවපාතයක් ඉදිරියෙනි

Image
  2022 අයවැයෙන් මාස කිහිපයක්  ඉක්මවු තැන ලද යම් නිස්කලංක වටපිටාවක් තුළ නැවත මඟහැරුනා වූ ලිවිමේ සහ කියවිමේ  නිදහස ලැබි ඇත. නමුත් සීතලවූත් විචිත්‍රවූත් නත්තල මේ  සති අන්තයෙන් සැනින් හමාර වන බැවින් සහ ඒ සමඟම නව වසර එළඹෙන නියාවෙන් මෙම ලිපිය හැකි ඉක්මනින් අවසන් කිරිමට අදහස් කරමි. නව වසරට පියනගන්නා වූ ඔබ සැම මෙහි කරුණු කාරණා සාවධානව සහ උපේක්ෂා සහගතව ධාරණය කොට විචාරශිලී අදහස් දක්වමි යැයි ලේඛක පාර්ශවය වන මා විශ්වාස කරන්නෙමි. එළැඹෙන වසරේ ජනවාරි අවසන් විමට පෙර අප සංවර්ධිත බැඳුම්කර නිකුතු දෙකක මුදල් නැවත ගෙවිය යුතු අතර ඊට අමතරව ආසියානු සංවර්ධිත බැංකුවට සහ ජපානයේ ජයිකා ආයතනයට තවත් ඩොලර් මිලියන් 240 පමණ මුදලක් ගෙවිය යුතු වේ. සමස්තයක් වශයෙන් අජිත් නිවාඩ් විසින් ජනවාරි මස අවසන් විමට පෙරාතුව භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන් 930 ආසන්න මුදලක් ණය සහ පොලී වශයෙන් ගෙවිය යුතු අතර දැනට ආණ්ඩුව සතසංචිතගත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන් එකකි. සරල ගණිතමය සිද්ධාන්තයන්ට අනුව නිසි ණය කළමණාකාරිත්වයකින් තොරව ජනවාරි මස මුල කිරිබත් කපා කිරි උතුරුවා වසර ආරම්භ කළද  අනිවාර්ය බංකොළොත්බාවයකට රට ඇඳ වැටිම නැවැත...

දැරණියගල නම් වූ මිනිසා

Image
  මෙරට තුළ සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ප්‍රාමාණික අයුරින්  හදාරා ඒ හා සමානව එහි භාවිතය ප්‍රයෝජනයට ගත්  උගත් පරපුරේ ආදිතම  පුරුක මීට මසකට පමාන පෙර දිවංගත විය. එකී පරම්පරාවේ සාමාජිකයන් වූ  සාහිත්‍යයධර මාර්ටින් වික්‍රමසිංහයන් ,මහාචාර්ය  කාලෝ ෆොන්සේකා , සිනමාවේදි ආචාර්ය තිස්ස අබේසේකරයන් ,  මහාචාර්ය සුචරිත ගම්ලත් , මහාචාර්ය එදීරීවීර සරත්චන්ද්‍රයන් , ටයිටස් තොටවත්තයන්  ලෙසින් වූ නාමාවලියේ   අවසානතමයා අන්කවරකු නොව මෙරට කීර්තිමත් ප්‍රාග් ඉතිහාසගත කැණිම් ශිල්පියේ මූලිකත්වය ගත් ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගලයි. "සාහිත්‍යය කන්න දැයි ?? " ඇසූ ජනාධිපතිවරුන් සිටි රටක බොහෝ දෙනෙකු ආචාර්ය දැරණියගල නොදැන සිටිම විස්මයට කරුණක් නොව. පහතින් දිගහැරෙන කරුණු සමුදාය ගොඩනැගෙන්නේ මෙය කියවන බහුතරය ආචාර්ය දැරණියගලයන් පිළිබඳ නොදන්නවා යන උපකල්පනය මතයි. ඉතිහාසය යනු හුදෙක්ම ශාස්ත්‍රීය ලිපියක් නොව අනාගතය සහ වර්තමානය එක්කොට යා කරනා මාර්ගයයි.ඉතිහාසයෙන් තොර වර්තමානයක් සේම අනාගතයක්ද නොමැත. ආචාර්ය ශිරාන් දැරණියගල සිය කුරුවිට වලව්වේදි ශිරාන් උපේන්ද්‍ර දැරණියගල 1942 මාර...

අප මලාලා දැනගත යුතුද ?

Image
   අනුව දශකයේ මැද භාගයේ ඇෆ්ගනිස්තානයට අභියෝග කිරිමෙන් පසුව තලෙයිබාන්වරු නැවත වරක් විසිඑක්වන  සියවසේ දෙවන දශකයේ ආරම්භයේදි මධ්‍යම රජයට සිය වෙඩි උණ්ඩ යොදවා අභියෝග කරන ලදි. ට්‍රම්ප් පාලනයෙන් පසුව ඇමෙරිකානූ ධවල මන්දිරය  භාරගත් ජෝ බයිඩන් තලෙයිබාන් ප්‍රහාරයට මසකට පමණ පෙර ඇමෙරිකානූ භටයින් ඇෆ්ගන් දේශ සීමාවෙන් ඉවත් කල නිසා පෙර මෙන් අවහිරතාවයකින් තොරව තලෙයිබාන්වරු රටට ඇතුළු වි පාලන බලය තහවුරු කරන ලදි. අද මෙකී සටහන තලෙයිබාන් ආක්‍රමණය හෝ  ඒ හා සමගාමී කරුණු කාරණා පිළිබඳව නොව..ඒ හා බැඳුනු සමාජ ක්‍රියාන්විතය පිළිබඳවයි. තලෙයිබාන්වරුන් විසින් රාජ්‍ය බලය තහවුරු කිරිමෙන් පසුව ගත් මුල් නීතීමය ක්‍රියාමාර්ග කිහිපය තුළ මුලිකත්වය ගත් එක් කරුණක් වූවේ කාන්තා අධ්‍යාපනය තහනම් කිරිමයි. ඔවුන් සිය ආගමික අන්තවාදී න්‍යායට අනුව කාන්තාවන්ට බුර්කාව ඇදිමට බලපෑම් කිරිම සහ පාසල් අධ්‍යාපනය තහනම් කිරිම ක්‍රියාත්මක කෙරිනි. BBC වාර්තාවට අනුව මෙම නියමයෙන් මුල් සතිය තුළ පමණක් ඔවුන් ඇෆ්ගන් කාන්තාවන් දස දෙනෙකු පමණ ඝාතනය කොට තිබිනි. ඒ සියලු දෙනාම අන්තවාදී තලෙයිබාන්වරුන්ට එරෙහිව සිය හඬ අවදි කළ කාන්තාවන් පිරිස...

අවාසනාවන්ත අවසානයක්

Image
 2007 වසරේ අප්‍රේල් 28 වන දින  ශ්‍රි ලාංකිකයන්ට  වඩාත්ම මතක සැමරුමක් වීමට හේතු වූ සුවිශේෂී කරුණු දෙකකි. ඉන් පළමුවැන්න  2007 දි බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සත්කාරකත්වයෙන් පැවති පන්දුවාර පනහ  ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයයි.  දෙවැන්න LTTE ත්‍රස්තවාදීන් විසින් කොළොන්නාව තෙල් සංචිත සඳහා පහර දිමයි.  මෙකී සටහන ඉන් පළමු සිදුවීම වෙනුවෙනි. අපරාජිත ඕස්ට්‍රේලියානුවන්  අවසන් තරගයට පැමිණෙන විට තරගාවලිය පුරාවටම ඉතාමත්ම හොඳින් දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානුවන් 2007 ලෝක කුසලානය දිනාගැනිමට අවශ්‍යය සියලූ පිඹුරුපත් සකසා තිබිනි. තරගාවලියට පෙර ඕස්ට්‍රේලියානූ ප්‍රවිණයන් කිහිපදෙනෙකු සිය සමුගැන්ම ප්‍රකාශයට පත්කළ සිටි නිසාවෙන්  ඔවුනට අමතක නොවන සමුගැන්මක් ලබාදීමට පොන්ටින් ඇතුළු නවකයන්ට අවශ්‍යයව තිබිනි.  රිකී පොන්ටි ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවාන් අප්‍රේල් 25 වන දින අවසන් පූර්ව තරගයේදි දකුණු අප්‍රිකානුවන් පහසුවෙන් පරාජය කරමින්    පිටියට පිවිසි අතර මහේල ප්‍රමුඛ ශ්‍රි ලංකා කණ්ඩායම අප්‍රේල් 24 වන දින ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදි  නවසීලන්තය ලකුණු 81 න් ප...

ලෙයින් උපන් බල පෙරළිය

Image
 ලාංකීය ඉතිහාසයේ කේන්ද්‍රයම බල පෙරළිය ලෙස සැලකෙන්නේ වසර 1521 සිදුවු "විජයබා කොල්ලය" නම් වූ  දේශපාලනික කුමන්ත්‍රණයයි. මෙරට ඉතිහාසගත වංශකතාවේ බොහෝමයක් වූ අනාගත සිදුවීම් හි මූලාංකුරය ලෙස සැලකෙන්නේ ඉහත කී විජයබා කොල්ලයයි.  කෙදිනකහෝ මෙරට විජයබා කොල්ලයක් සිදුනොවුනේ නම් පෘතුගීසින්ට එරෙහිව වන්නට කිසිවකු බිහිනොවිමටද , මායාදුන්නේ වැන්නකු  බිහිනොවිමටද  , සීතාවක රාජසිංහ රජ නොවිමටද ඒ ආකාරයෙන්ම  පළමුවන විමලධර්මසූරිය රජ වීම හෝ ඒ අනුකාරයෙන් උපත ලැබූ උඩරට රාජධානිය බිහිනොවිමටද බොහෝ ඉඩකඩ තිබිනි. මෙකී සටහන  එලෙසින් මෙරට ඉතිහාසයේ වැදගත්ම දේශපාලනික  බලපෙරළිය වූ "විජයබා කොල්ලය" හා අනුබද්ධිත  සංසිද්ධීන් කිහිපයක් ඇසුරෙනි.    සිංහල සේනාව සහ පෘතුගීසින් අතර ගැටුමක සිතුවමක්  පුතුන්ගේ කුමන්ත්‍රණය  වර්ෂ 1505 දි පෘතුගීසින් මෙරටට පැමිණෙන විට කෝට්ටේ  පාලකයා වූ අටවන වීර පරාක්‍රමබාහු රජුගෙන් සහ නවවන ධර්ම පරාක්‍රමබාහු රජුගේ  ඇවෑමෙන් වර්ෂ 1510 දි රාජ්‍යයත්වයට පත් වූ  සත්වන විජයබාහු රජුට පුතුන් තිදෙනෙකි.  බුවනෙකබාහු , රයිගම බණ්ඩාර සහ මායාදුන...