මං විශ්වාස කරන්‍නේ මගේ සිතුවිලි, ලිවිම සහ පරිකල්පනය සම්පූර්ණයෙන්ම හැඩගැහිලා තියෙන්නේ ළමා කාලයේ මම කියවපු දේවල් වලින් කියන එක. ඒකට අන්කිසිවකුට වඩා මගේ මියගිය පියාට විශාල ගෞරවයක් ලැබෙන්න ඕන. පස්සේ කාලෙක මම කෙටි කතා ලියන්න , නාට්‍ය පිටපත් ලියන්න , කාටූන් අදින්න , නාට්‍ය කරන්න , පොත් ගැන කතා කරන්න අරකට මේකට ඔලුව දැම්මත් ඒ හැමතැනම මගේ පාදම උනේ මුල් යුගයේ කියවීම. ඒක එක්තරා විදියක ආශිර්වාදයක්. මං ඇත්තටම දන්නේ නෑ දැන් පාසල් පෙළ පොත්වල තියෙන පාඩම්, අමතර කියවීම් පොත් හෝ කවි පන්ති. අනෙක් අතට දැන් ඉන්න දරුවන්ට ඒ ගැන ආකර්ෂණයක් ( facination ) තියනවාද කියලාවත් මම දන්නේ නෑ . ඒත් මං පෙළ පොතේ කොටසක් විතර තියෙන පාඩම කියවලා ඉතිරි කොටස කියවන්න ඒ මුල් කෘතිය හොයාගන්නකන් හිටපූ කාලයක් තිබුනා. ඒ නිසා ඒ කියවීමේ රහ මම දැනගෙන හිටියා. ඒ යුගයේ පෙළ පොත් ගැන මට එහෙම හිතුනට දැන් පෙළ පොත් ගැන මට දැනෙන්නේ දේශපාලන කෝණයකින්. මගේ පෞද්ගලික අදහස නම් ලංකාව ඇතුළේ දරුවන්ගේ කියවීම හෝ නිර්මාණශීලී චින්තනය ඔප් නංවන්න ලැබෙන මුල්ම සහ උචිතම උපාංගය මේ පොළ පොත. ඒකට...