Skip to main content

Posts

Showing posts from March, 2025

උතුරු වසන්තය සහ කිලිනොච්චීයේ තාරුණ්‍යය

 2010 වසරේ ක්‍රියාත්මක වූ " උතුරු වසන්තය" සහ "නැගෙනහිර නවෝදය" ව්‍යාපෘති දෙකම ,එවකට පැවති රාජපක්ෂ ආණ්ඩූවේ ප්‍රධානතමයා වූ ආර්ථික සංවර්ධන අමාත්‍යය බැසිල් රාජපක්ෂ යටතේ සිදූවුවකි. එකල පාසල් ශිෂ්‍යයන් වු අපද ටිකට් විකුණමින් ඒ ව්‍යාපෘතියට පාසල් මට්ටමෙන් දායකත්වය ලබාදුනි. යුද්ධයෙන් විපතට පත් වූ උතුරු ,නැගෙනහිර ජනයා ආර්ථික,සමාජීය ලෙස නඟාසිටවිම එහි මුලිකතම අරමුණ විය. එකී ව්‍යාපෘතිය අවසන දශක එක හමාරක් වූ තැන විධායක ජනාධිපතිවරුන් පස්දෙනකු (දිසානායක ජනාධිපතිවරාද ඇතුළුව ) පාලනය කර තිබුනද ,උතුරු නැගෙනහිර වත්මන් ජන ජීවීතය පශ්චාත් යුධ මුහුණුවර වෙනුවට වෙනත් කෝණයකින් දියකරමින් සිටි.  යුද්ධයෙන් පරිපූර්ණ පරම්පරා තුනක් අහිමි වූ උතුරු නැගෙනහිර වැසියන්ගේ සිව්වන පරම්පරාව "මත්ද්‍රව්‍යය " නම් අවිය විසින් ගිල ගනිමින් සිටි. මේ කරුණ පිළිබඳ විධිමත් සංඛ්‍යා දත්ත මත පදනම් වූ ලේඛනයක් පසුව පිළියෙළ කිරිමේ අභිප්‍රායෙන් මම පසුවන බැවින්.මෙහිදි උක්ත මාතෘකාව සහ එහි පසුබිම්ගත කරුණු සහ මූලබීජයට හේතු සැකෙවෙන් දක්වන්නෙමි. 2009 යුද්ධයෙන් අනතුරුව  ආරක්ෂක හමුදාව සතුවූ බිම් කඩන් පසුගිය දශකය පුරාවට ක්‍රමා...