Skip to main content

Posts

Showing posts from February, 2024

ෆේස්බූක් ඔස්තාර්ලා

 නාට්‍යයක ළමයෙක් මහණ වෙලා , එහෙම උනාම හොඳ නෑලූ , හොඳලූ , අපලලු , කොල්ලා නියම ඇණේ ගැහුවලූ , උගේ අම්මලා ගොං ලූ , චරිතේ ඇගේ පැළවෙලාලූ නා නා ප්‍රකාර කතාන්දර , වෛද්‍ය පිළිසඳර , මනෝ විශ්ලේෂණාත්මක ලිපි , විචාර ලිපි, එකී මෙකී නොකී හැමදෙයක්ම ෆේස්බූක් එකේ. මේ ඔක්කොම නොදකින්න ඒ කොල්ලා නොහිටිය එකමයි හොඳ. නැත්නම් එකපාරට දෙපාරක් මහණ වෙලා , ළඟින් නෙවෙයි ෆේස්බූක් නැති තරම් දූරින්.  ෆේස්බූක් තියන හෑන්ඩ්ෆෝන් එකක් ගමේ කුඹුරු කොටන ගමන් විටක් හපපූ සිරිදාසට හම්බඋන එකෙන් සිද්ද උනේ සිරිදාස රනිල් ට වඩා රනිල් ගේ සැලසූම් දැන ගත්ත එක , මහින්ද ට වඩා මහින්ද ගේ ඩීල් දැනගත්ත එක , මහ බැංකූ අධිපතිට වඩා සල්ලී අච්චූ ගැහීමේ ප්‍රතිවිපාක දැනගත්ත එක. ඒ ඔක්කොම දැනගෙන මහතැන් කෙනෙක් වගේ ඉන්නේ නැතුව මේ පළඟැටියා කරේ මේ හැමදේම ඉස්පිලි පාපිලි අඩූව දෙපාරක් නොකීවොත් කුණුහරපයක් කියලා පෙනෙන අකුරුවලින් ෆේස්බූක් එක පූරෝපු එක.  මෙන්න මෙහෙම කාලයක් යනකොට සිරිදාස ගමටම උගතෙක් වෙනවා. ඒ එක්කම මහින්ද රජාට ඇන්දටත් වඩා සිරිදාස ෆේස්බූක් නුවණැත්තෙක් වෙනවා. රටේ ලෝකේ හැමදේකටම මගේ මතය නම් මේකයි කියලා සිරිදාස බේගල් ඇදබානවා. සිරිදාසගේ ෆේස්බ...