Posts

Showing posts from October, 2023

ආදරණීය කුමුදු !!!

Image
 මම ඉරිදා BMICH එකෙන් බම්බලපිටිය බෝඩිමට ආපු ගමන් කුමුදු කුමාරසිංහගේ "කොළඹ මතක" පොත ගැන දාලා තිබුන පෝස්ට් එකාට කමෙන්ට් එකක් දැම්මා. ඒ වෙනකොට මම විදර්ශන එකෙන් පොත අරගෙන තිබුනේ එකම එක හේතුවකට ,මම කුමුදුගේ පොත විදර්ශන ස්ටෝල් එකේදි එහෙන් මෙහෙන් පෙරළලා  කියවනකොට  එයා රෑ 9:30 Show  එක ගැන පොඩි මතකයක් ලියලා තිබුනා.කවදාවත් නොදැක්ක ඒත් දකින්න ආසාවෙන් ඉන්න ඒ රාත්‍රී නිදහස් කාමී ජිවිතයට ඇති ලෝලීත්වය නිසාම මේක නම් කියවන්න ඕන හිතුනා. ජනක ඉණිමංකඩගේ වයිෆ් බිල් කරලා දුන්න පොත අරගෙන මම එළියට ආවා.  මුලින්ම කුමුදුගේ පොත කියවන්නම් කියලා සැලසුම් කරත් ඊට කලින් පොත් දෙකක් ඉවර කරන්න සිද්ධ උනා.ඉන් එකක් ප්‍රබෝධ කහඳගමගේ ගේ මම කාලෙක ඉදන් හෙව්ව පොතක් , අනික ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චිගේ සංචාරක ග්‍රන්ථයක්. හරියටම සතියකින් සෙනසුරාදා උදේ මම කුමුදුගේ පොත අතට ගත්තා. මේ ලියන්නේ ඉරිදා රෑ, ඒ එයාට උන පොරොන්දුව පිට. කොළඹ මතක පොතේ වැඩි කොටසක් මම ඉවර කරේ , ඊයේ අවිස්සාවේල පැත්තෙන් නාවලපිටියට එන බස් ගමනේදි. කොළඹ උණුහුම , පීඩනය ටිකෙන් ටික අතෑරගෙන මධ්‍යයම කඳුකරය නඟින්න ගන්නකොට කුමුදුගේ කොළඹ භාෂාව ආපහු මාව දෙමටගොඩ...

දයාබර මිතුරනි සැතපුම් කණුවක් ඉදිරියෙනි !!!!!!

Image
 මම උපන්නේ 98 ජනවාරියේ. මගේ ඉස්කෝලේ ජිවිතේ ඉවර කරේ 2016 අවුරුද්දේ අගෝස්තු මාසේ. මම කැම්පස් එකෙන් එළියට බැස්සේ 2022 ජුනි වල. මේ කාල සීමාව දිහා බැලුවොත් මම කවදාවත් නොදැක්ක , නොවින්ද , නොඅහපු යුග කීපයක්ම තියනවා . ඒ හැමදේකින්ම මට අතපසූ උනා නේද කියලා හිත කීරී ගැහෙන තරමේ වේදනාවක් දැනෙන  යුග තියෙන්නේ එකයි. ඒ තමා බ්ලොග් අඩවි ලියන්නන්ගේ  යුගය.  ලංකාවේ බ්ලොග් සම්ප්‍රදායක් තිබුනයි , එයින් අංකූර ලේඛකයින් ප්‍රබෝධමත් උනයි , ඒයින් නවතාවෙන් යුත් පාඨක පිරිසක් බිහිවුනයි යන කාරණා අතීතය විසින් මුද්‍රා තබා ඇත්තේ ය.  කොර්‍රෝනා හා ලෝකයක් සිර කඳවුරුගතව සිටිනා සමයක පෙර කී අතපසූ වූ ව්‍යායාමයේ නිරත වීමේ අභිලාසය පෙරදැරි කොට මා බ්ලොග් පඩංගුවක් ලිවීම ඇරඹුවෙමි . වෛරසයෙන් බැට කමින්  ලෝකයක් උදාසීන වන්නා වූ සමයක  මා නොසිඳෙන ජීවයකින් යුතුව අත්දැකීම් අකුරු කරන්නට විය.  මාගේ ඩිජිටල්ගත ලේඛනයේ ඇරඹුම එයයි එයින් අනතුරුව පසුකලක How I see නම් තවත් බ්ලොග් අඩවියක් ඇරඹූ අතර ඔබ මේ කියවනා පයිංඩයද ජාලගතවන්නේ How I see හරහාය.  දැන් මා මෙහි සැතපුමක් පසුකර වගත් මින් ඉදිරියට යමක් ඇරඹිය යුතු යැය...