සම්භාව්‍ය චිත්‍ර කලාව පිළිබඳව අංශුමාත්‍රයක හෝ හැඟිමක් , සංවිධිත අධ්‍යනයක් හා විධිමත් දැනුමක් නොමැති මම අදටත් විස්මයට පත්වන්නා වූ එකම කලා මාධ්‍යය ( චිත්‍ර කලාව හා සමපාත වන ) වන්නේ පුවත්පත් කාටුන් කලාවයි (Newspaper cartoon ). එයට ඌනපූර්ණ වූ නිධන්ගත කතා වස්තුව නම් , මින් අඩ දශකයට එපිටින් මෙහි ලේඛකයා වන මා හට IT කොම්පැනියක සේවය කරනවා වෙනුවට පුවත්පත් කාටුන් ශිල්පියකු වීමට තිබූ විළිරුදාව විය හැක. ප්‍රකට ලයනල් වෙන්ඩ්ට් ගේ හතළිස් තුනේ කල්ලීයේ (43' group ) ද සාමාජිකයකු වූ ඔබ්‍රි කොලට් ගේ සිට ටයිම්ස් හී කාටුන් අදිමින් එකල අගමැති වූ ජෝන් කොතලාවලයන්ගේද පැසසුම ලැබූ ( මෙම කතාව මෙහි පහතින් අමුණා ඇත ) ජී.ඇස් ප්‍රනාන්දු , ඇත්ත පත්තරේ සේවය කරන සමයේ ඔහූගේ කාටුන් දරාගත නොහැකිව දැළි පිහියකින් කට කපා දැමීමේ දණ්ඩනයට නතු වූ ජිප්‍රී යුනුස්, දී අයිලන්ඩ් (The Island ) එකට තීරු ලිපි ලියමින් කාටුන් අඳිමින් හාස්‍යජනක කතා කීමේ රුසියකු වූ අමිත අබේසේකර ,රටක් හඳුනන ,රටක් සිනහවෙන් නැහැවූ නූතනයේ පවා ජනයා මහත් පැසසුම...