Skip to main content

Posts

Showing posts from March, 2023

ප්‍රජාතන්ත්‍රවාදී ඝාතකයන්

 2000 වසරේදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජෝර්ජ්.ඩබ්ලිව්  බුෂ් නොහොත් බුෂ් (කණිෂ්ඨ ) එක්සත් ජනපදයේ 43 වන ජනාධිපතිවරයා වශයෙන් ඕවල් කාර්‍යාලයේ දි වැඩ භාරගන්නා ලදි.  Compassionate conservative නම් වූ සටන් පාඨයෙන් තරග කළ ඔහූ පෙනී සිටියේ වියැකී යන එක්සත් ජනපද වාසීන්ගේ අනාගත නායකත්වය ලෙසයි. සාම්ප්‍රදායික , ගතානුගතික මතදාරී ඇමෙරිකානු වැසියන් ඔහුව  පිළිගත්තේ  51.2% ඡන්ද ප්‍රතිශතයකිනි. නව සියවසෙහි සාඩම්බරණීය එක්සත් ජනපද ජනතාව සමඟ බුෂ් පරිපාලනය නව දශකයට සූදානම් විය.  මුල් යුගයේ සිටම මැදපෙරදිග ජාතින් කෙරෙහි දේශපාලනික අතපෙවීම් සඳහා සිය දායකත්වයක් වැඩි වශයෙන් දැරූ එක්සත් ජනපද නව පරිපාලනය දෙදරුම හටගත්තේ 9/11 ප්‍රහාරයෙනි. ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානය එල්ලකොට මගී ගුවන්‍ යානා දෙකක් යොදාගෙන සිදුකළ සුප්‍රකට ප්‍රහාරය උක්ත 9/11 ප්‍රහාරය නම් වේ. එදිනම පෙන්ටගනය නොහොත් එක්සත් ජනපද ආරක්ෂක මූලස්ථානයටද ප්‍රහාරයක් එල්ල විනි. ජීවිත 2977 , සදාකල් ආබාධිත වීම් 25000 සහ ඩොලර් බිලියන් 10 අලාභානියක් සිදු කරාවූ ප්‍රහාරයේ වගකීම ප්‍රහාරයෙන් පැයක් ඇතුළත අල් කයිඩා (Al-Qae...