මේක මම හරියටම අවුරුදු 4 ට කලින් මුහුණුපොතට ලීව හෑල්ලක්.කොළඹ දකින්න හිතලවත් නොතිබුනු , ගමේ ගොඩයෙක්ගේ අදහසක් , නොමේරූ පරිණත නොවූ මතයක් , ආගමික ධාර්මික අධ්‍යාත්මික මනුෂ්‍යයින්ගේ ගැරහුමට ලක්වන කරුණක්, නිරාගමික වෑයමක්. යාන්තමින් අවුරුදු විස්සක් පිරුණු මාව මිත්රයින් , වැඩිහිටියන් සේම ගුරුවරුන් පවා දෝෂාරෝපණයට ලක්වූ ලිපියක්. සිව් වසරක් ඉක්මවූ අද දිනද මාගේ මතයේ වෙනසක් නොමැත. ආගම රාජ්‍යය පාලනයෙන් ස්වායත්ත වන්නා සේම ආගම ජන මතය නිර්මාණය කිරිමෙන් පවා වෙන්විය යුතුය . එය එසේ නොවේ නම් රාමුගත , සංස්කෘතිකගත , ජනේලයෙන් පිටත නොබලන ,කුණූ වී පල් වී යාවත්කාලීනත්වයක් උරුම නොකියන්නා වූ ජනතාවක් වීම නොවැළක්විය හැකි කරුණකි. ඔබ කුමන මතය දැරූවද , කුමන ආගමික දර්ශනය හැදෑරුවද , කුමන නිකායේ වුවද , "ඔබගේ විමුක්තිය සපයා ගත යුත්තේ ඔබම පමණි." මරණින් පසුව ලබාදෙන්නා වූ පාංශකූලයකින් එකී පතන්නා වූ විමුක්ති අත්නොවන්නේ ය. ලොව පවත්නා සදාතනික දහම සේම සත්‍යයද එයයි . ජයන්ත චන්ද්‍රසිරි ගේ ගරිල්ලා මාර්කටින් චිත්‍රපටයට අනූව "ආදරය අවසන් වෙන්නේ රැවටීමෙන් හැබැයි දේශපාලනය ආරම්භ වෙන්නේ රැවටීමෙන්." එහෙත් ...