Posts

Showing posts from November, 2022

බන්දුල ගුණවර්ධන සුරලොවෙන් නරලොවට

Image
ආචාර්ය බන්දුල ගුණවර්ධන , සුමිත්‍ර නිවස, රජමල්වත්ත පාර , කඩුවෙල.  ආචාර්යතුමනි සුවෙන් සිටි යැයි අනුමාන කරමි. පහත ඇමිණුම වෙලාව ඇති සැටියෙන් කියවා අඩුපාඩූ ,ලුහුඬු හෝ නිරවද්‍යතා තිබේ නම්   මුලින්ම   උසාවි නොයා පහත  ලිපිනයට මා හට ඇමුණුමක් එවන  මෙන් ඉල්ල සිටිමි. උපුටා ගැන්ම :  ඇමුණුම 1.1,  ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්  පිළිබඳ මගේ මුල්ම පැහැදිම ස්ථාපනය වූවේ  මින්  වසර තුනකට හෝ හතරකට  ඉහතින් ගැමුණු වන්නිනායක  ඉදිරිපත් කළාවූ  මතකපද ගුවන්විදුලි වැඩසටහනේ "බන්දුල ගුණවර්ධන " පරිච්ඡේදයෙනි.  එකල මාගේ ඥාති සහෝදරයකු මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රාමාණ සමීක්ෂණ උපාධිය හදාරන සමයේ ඔහුගේ පහනෙන් මාද විශ්ව විද්‍යාලය තුළට රිංගා සරසවි සිසුවෙකු ලෙස දිනක් දෙකක් ගත කොට තිබිනි. මා කොළඹ හා සසඳන කළ ඉතා ලිබරල් පරිසරයක් එකල මොරටුව තුළ පැවති අතර ඔවුන්ගේ අන්තර්ජාල පහසුකමට ස්තුති වන්නට වළේ කැන්ටිමේ රුපියල් 5 ප්ලේන්ටී එකක් රස විඳමින් මම බන්දුල ගුණවර්ධන ප්‍රත්‍යාවලෝකනය නැරඹුවෙමි. ගුණවර්ධනයන්ගේ කියවිම නැවත අලුත් වූවේ උපුල් ශාන්ත සන්නස්ගලගේ යූ ටියුබ් ...